ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන පාසල් වේලාවෙන් පසුව එම පාසල් අසල පදිංචි කාන්තාවන්ට විවෘත කිරීමේ ගිවිසුමකට පසුගියදා සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අස්සන් තැබීය.
මෙම ගිවිසුමේ අරමුණ වන්නේ කාන්තාවන් අතර ක්‍රීඩා ක්‍රියාකාරකම් වර්ධනය කොට ඒ හරහා විශේෂයෙන්ම ස්ථුලතාවය වැනි රටපුරා බහුලව දකින්නට ලැබෙන ජීවන ක්‍රමයේ ලෙඩ රෝගවලට එරෙහිව සටන් කිරීමේ ජාතික ව්‍යායාමයට සහාය දැක්වීමයි.
එසේම ශාරීරික ව්‍යායාම ලබාගැනීම සමාජයේ සියලු දෙනාගේම අයිතිවාසිකමක් යන සිද්ධාන්තය ක්‍රියාවට නැංවීමද ඉහත ගිවිසුමේ තවත් අරමුණකි. ඒ අනුව එළැඹෙන ගිම්හානයේදී අඩුම තරමින් ස්වාධීන පාසල් කිහිපයක හෝ ක්‍රීඩා මධ්‍යස්ථාන සියලුම වයස් කාණ්ඩවල කාන්තාවන් සඳහා විවෘත වනු ඇත.
ඕමාර් බින් කටාබ් ද්විතියික ස්වාධීන පාසලේදී පැවැති මාධ්‍ය හමුවකදී ඉහත ගිවිසුමට අස්සන් තැබුණු අතර සංස්කෘතික සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අබ්දුල් රහ්මනා අල් දොසාරි සහ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා ප්‍රධානී ඕමාර් අල් සාහ්වානි යන මහත්වරුන්ද එම අවස්ථාවට සහභාගි විය. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අල් දොසාරි, අමාත්‍යාංශ දෙකේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙසින් අස්සන් තැබූ මෙම ගිවිසුමේ ප්‍රධානම අරමුණ වන්නේ ප්‍රජා ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන්ට ශාරීරික ව්‍යායාම ලබාගැනීම සඳහා ගැළපෙන පරිසරයක් ලබාදීම සඳහා ස්වාධීන පාසල්වල ක්‍රීඩා පහසුකම් විවෘත කිරීම බව පැවැසුවේය.
එසේම කාන්තාවන්ට ව්‍යායාම කිරීමට සහාය ලබාදීම මෙන්ම ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති දැනුම්වත් භාවය ඉහළ දැමීම සඳහාද පාසල්වල ක්‍රීඩා ගුරුවරියන් යොදා ගැනීමේ සැළැස්මක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද ඔහු අනාවරණය කළේය. කාන්තාවන් සඳහා ක්‍රීඩා පහසුකම් සපයා දීම අමාත්‍යාංශය මුහුණ දුන් විශාලම අභියෝගයක් වූ බවද ඔහු වැඩිදුරටත් පැවැසීය. කාන්තාවන් අතර ශාරීරික ව්‍යායාම ප්‍රවර්ධනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් කටාර් විශ්වවිද්‍යාලය සමග එක්ව අමාත්‍යාංශය විසින් අධ්‍යයන කිහිපයක්ම සිදුකර ඇත.
“ස්වාධීන පාසල්වල ක්‍රීඩා මධ්‍යස්ථාන කාන්තාවන්ට සහ පවුල්වලට ව්‍යායාම කරන්න පුළුවන් සුදුසුම තැනක් ලෙසින් හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ඒවා තියෙන්නේ ඔවුන්ගේ නිවෙස් ආසන්නයේමයි” යැයි අල් දොසාරි පවසයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාන්තාවන්ට ස්වාධීන පාසල්තුළදී ශාරීරික ව්‍යායාම කිරීමේ හැකියාව