අඩි 35 ක් පමණ ළිදකට වැටී කොන්ද කැඩී මාස හතරක් උඩුබැලි අතට සිටි පියුමාලී ඕෂධි ශිෂ්‍යාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලින් අද ගෙදර ගියේ දෙපයින් ඇවිද වාහනයක නැඟීමෙනි.
ඇගේ කතාව ලංකාදීප පුවත්පතින් කියවු බත්තරමුල්ලේ ෆෝසයිට් ඉංජිනේරු සමාගමේ හිමිකරු සහ ඔහුගේ බිරිය ඇයගේ සැත්කම් හා ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් දසලක්ෂයක් පමණ වියදම් කරන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඇත්කඳුරේ මද්දේවිල පදිංචි ඕෂදී අම්පේගම විද්‍යාලයේ 10 වැනි වසරේ සිටියදී මේ අනතුරට ලක් වුයේ පාසල් නිල ඇඳුම සොදා ගැනීමට ළිඳෙන් වතුර බාල්දියක් ගනිද්දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසත් ගති පැවතුම් ඇති ,මනුස්ස ලෝකයේ ,ආදරය,කරුණාව,දයාව හා මානුසික ගුනදර්ම වලින් පිරි අධ්‍යාත්මිකව පොහොසත් මිනිසුන් ඉන්නවා කියා සිතීමත් පුදුමයක්. මගේ දෙනෙත් මෙන්ම සිතුම් පැතුම් බොරුවක් උනත් නුබ දේපල වැනි පරිත්‍යාගශීලී යුවලක් දැකීමත් සිතට සතුට උනනවා. මනුස්සකම ඉතිරිඋන මිනිසුන් දැකීම හේතුකොටගෙන නුඹ දෙපලට ස්වභාවදර්මයේ පිහිට ආරක්ෂාව ලැබේවා. මානසික හා කායික සියලුම බාදක, දුක් කම්කටොලු ,අපල උපද්‍රාව වලින් තොර නීරෝගීමත්,සතුට වාසනාවෙන් පිරී ජීවිතයක් පතමි. එමෙන්ම දුකට පත් වූ පුංචි දියණියටත් අපහසුවට හා සන්තාපයට පත්වු ,දෙමුව්පිය නෑදෑයින් සියලුම දෙනාට නිදුක් නිරෝගී වේවායි පතමි.(නදී)
මට වචන්න මදි මේ දෙපළට ස්තුති කරන්න මේ පින් බල්ලෙන් මුළු සංසාරෙම නෙරෝගී සුව අත්වේවා !!(දිල්)
ෆොසෛට් ඉංජිනේරු සමාගමේ හිමිකාර යුවලට ගොඩක් පින් ඔබ දෙපළට දිර්ඝායුෂ ලැබේවා(දිල්)
මට නම් හිතෙන එක දෙයක් තමයි අපේ මිනිස්සු මේ ලියල තියන ප්‍රතිචාර දැක්කම.කොයිතරම් හොඳ මිනිස්සු ඉන්නවද අප අතරේ,තමන්ටම උදව්වක් කළා වගේ මේ ඉන්ජිනේරු මහත්තයටයි නෝනටයි පින්දීල තියනවා.මොනවා උනත් අපේ මිනිස්සුන්ට පුදුම උණුවෙන හිත තියනවා.ඔබල අගේ කළ යුතුයි.(දිල්)
මේ පින් බලෙන් ඔබ දෙපළට නිරෝගී සුවම ලැබේවා !!(දිල්)
මම ඔබට ගරු කරමි . ඔබ වැනි මිනිසුන්ම ලොව පහළ වේවා . ඔබ මේ කළ දෙය මුළු රටටම ආදර්ශයක් වේවා .මෙවැනි හොද දේ කරන්න තව තවත් හැකි වේවා .ඔබට ගොඩක් පින් (දිල්)
ඔබ දෙපළ කරන ලද මේ උතුම් පින්කමේ බලයෙන් නිදුක් නිරෝගී සුවයම ලැබේවා. ඉදිරියටත් මෙවන් කටයුතු කිරීමට ශක්තිය ලැබේවා.(දිල්)
කලින් හිටිය විදියට මේ තත්වයට නිරෝගී කිරීම ගැන ඔබ දෙපළට ගොඩක් පින්. මෙවැනි උදව් සුවපත් කරනට ඔබ දෙපළට වැඩි වැඩියෙන්ම ලබේවා (දිල්)
ඇත්තටම උපකාර කල ඒ දෙපලට පින් ! ඔන්න දේශපාලකයන්ට හොද ආදර්ශයක්.(නදී)
දෙපයින් නැගී සිටීමට කැපවීම් කල ඔබ දෙපලට තුනුරුවන්ගේ,සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. ඒ අතරම තවත් පරිත්‍යාගසීලී මහතුන් එක්වී ඇයට පොඩි නිවසක් ,ලබාදීමට,සදාදීමට ඉදිරිපත් වන්නේනම් ඉතා අගනේය.(නදී)
ඇයට උපකාරී වු ඔබ තුමාට තුමියට පින් .. දියණියට දිගාසිරි ..(දිල්)
ඔබ දෙපලට තවත් වැඩියෙන් ලැබී මෙවැනි පිං කරමින් ලස්සන දිවියක් ගෙවන්න වාසනාව ලැබේවා! (නදී)
ඔබ දෙපලට නිදුක් නිරෝගී ජිවිතයක් ගතකරන්න ලැබේවා (දී)
ගොඩක් පින් මේ යුවලට. ! මේ දැරියටත් තවත් නීරෝගී සම්පත්තිය ලැබේවා ! (දී)
ඔබට මගේ සුභ පැතුම් (දී)
ඉතාමත් පරාර්ථකාමී මිනිසුන් (දී)
හරිම සන්තෝෂයි..උතුම් පින් කමක්....!(නදී)
ඔබ කල පින අසා මා ද සතුටු වීමි එය ඔබට උපදින භවයක් භවයක් පාසා නිදුක් නිරෝගීව දුකින් තොරව ජීවත් වීමට වාසනාවක් වේවා...........(දී)
ඉංජිනේරු සමාගමේ හිමිකරුතුමාටත් ඒ මහත්මයාටත් සුවය ලැබුවාවු දැරියටත් දැරියගේ පවුල් වල අයටත් ත්‍රිවිද රත්නයේ රැකවරනය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු (දී)
තෙරුවන් සරණයි සියලු දෙනාට (දී)
ඔයාල හැමෝටම පින් ලබන්න ආත්මයක් ඕනි නැ. මේ අත්මදීම ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙනවා. ඔය දෙන්නටත් දෙවියන් වගේ ඉන්න දොස්තර මහත්තයලටත් අනිත් උදව් කරපු හැමෝටම පින්. බුදු සරණයි. (නදී)
ඔබ මට දෙවියෙක් (අ)
තියෝ මහත්මාණනි ඔබ අපි හෙම්ටම ආඩම්බරයක්. ඇසස් කොල්ලෝ.
වෙදකම් කළ දොස්තර මහතාගේ නමත් සදහන් කරන්නකෝ (නි)
ඔබ දෙපලට ගොඩක් පින්.(නදී)
ඔබ දෙපලගේ ව්‍යාපාරය තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා! (නදී)
දෙවියන් ඔබ වැන්නන් සදා සුරැකිය යුතුය.(නදී)
කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. අපේ සියලුම සොයුරු, සොයුරියන් ඔබ දෙපලට පින් දී තිබෙනවා . ඔව් මැතිදුනි, මැතිනියනි..,ඔබ දෙපලගේ දෙමාපියන් ඇතුළු දු දරුවන්ටද මේ පින් බෙලෙන් නිදුක් නිරෝගී සුවයම ලැබී ජිවිතයම වාසනා වේවා ! දිර්ගායු වේවා ...!! ගොඩක් උතුම් පින් කමක් ....!! ස්තුතියි ඔබ දෙපලට මගේ ගමට අල්ලපු ගමේ දැරියක් මෙසේ සුවය ලැබීම සතුටට කරුණක් .., ඔබට ඉක්මන් සුව පතන්නේ මුළු හදින්මයි.(නදී)
කියන්න වචන නැහැ ......ඇස්වලට කඳුළු එනවා ......මිනිසුන් නොමිනිසුන් වීගෙන යන අද වගේ යුගයක ...ඔබ වගේ අය සිටින බව දැනගත්තාම ජීවිතය ගැන සතුටක් දැනෙනවා.....ඔබ දෙපළටත් ..මෙම කටයුත්ත සාර්ථක කරගන්න සහය දුන් සැමටත් පින්සිදුවෙනවා ......(නධී)
ඔයාලට පින්.(නදී)
පින් සිද්ධ වේවා! අනිවාර්‍යයයෙන්ම පින් සිදු වෙනවා. උදව් ලබන්නත් උදව් කරලා පින් ලබන්නත් පෙර පින් බලය, වාසනාව තියෙන්න ඕනෙ. බෙන්තොට 2014-02-13 21:10:48 කථාව සහතික ඇත්ත. (දී)
මෙන්න මිනිස්සු (දී)
ඔබ සැමට දෙවි පිහිටයි (දී)
අකාලයේ පරවීමට ගිය අහිංසක මල් කැකුලකට නැවත ජීවිතය ලබාගන්නට අනුග්‍රහය දැක් වූ ඔබ දෙපලට,දීර්ගායුෂ ......දියණියට සුබ අනාගතයක්....(නදී)
ඔබ දෙපලට ගොඩක් පින් .තව තවත් මෙවැනි පින් කරන්න දිරය ලැබේව අවශ්‍ය විටකදී අපිවත් දායක කරගන්න බුදු සරණයි (දී)
මේ දෙපලගේ කරුණාව ඇස් දෙකෙන්ම පේනවා. පින්වන්ත යුවලක්. ඔබගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වේවා!!. පින්වන්ත දැරියක්. ඔබට ඉක්මන් සුව! (දී)
ගොඩක් පින් ඔබ දෙපලට. මේ විදියට අනෙත් මිනුසුනුත් හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සනද ?.දළදා සමිදු පිහිටයි.(නදී)
උදව් කළ දෙපලට ගොඩක් පින්. දුව ඔබට ඉක්මන් සුවය.(නදී)
ඔබ දෙපළගේ ව්‍යාපාරය ඔස්ට්‍රේලියාවේ පවා ව්‍යප්ත වුවකි. ඔබ දෙපළ කරගෙන ඇත්තාවූ මේ මහා කුසල කර්මයේ මහා ආනිසංස ඔබ දෙපළට පමණක් නොව ඔබලා මෙලොවට ජනිත කළ ආදරණීය දෙමව්පියන්ටත් හිමවනු නොඅනුමානය ය. ඔබලා වැනි පින්වත් දරුවන් බිහි කළ කුසලයේ බලය ද අනන්තය. අප්‍රමාණය ය.(දිල්)
ඇත්තටම මෙය කෙතරමි සත් ගුණවත්ද සහය දුන් සැමටම මහා පිංඅත් වේවා! බුදුසරණයි!(දිල්)
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද, දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත.(නදී)
මින් පසුව වත් පරෙස්සම් වෙන්න පුංචි දුවේ. මේ නෝනාටත් මහත්තයාටත් තවත් ධන සම්පත් ලැබේවා තවත් අයට උදව් කරන්න වාසනාව ලැබේවා.(නදී)
මිනිස් වෙසින් ආව දෙවිවරු වෙන්න ඇති.(නදී)
ඇසට කඳුලක් ඉනු පුවතක්. අමිල හදවත් දෙකක ගුණ සුවද රුප ශෝභාවෙනුත් පෙන්නුම් කරනවා. බුදු බණේ හැටියට මෙවැනි පින් කරන්ට සිත් දෙන්නේ සංසාරගත පුරුදු අනුව. දියණියට කඩිනම් සුව! මේ දෙපොළට බොහෝ පින් රැස් කරන්ට අවස්ථා ලැබේවා!!(නදී)
ෆොසෛට් ඉංජිනේරු සමාගමේ හිමිකාර යුවලට ගොඩක් පින්, මෙම ආත්මයේම තව තවත් අසරණ අයට සරණ වීමට ,වැඩි වැඩියෙන් ධන සම්පත් ලැබේවා!.....මෙය තව අයට ආදර්ශයක් වේවා!. (නදී)
"වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත. මේ කරගන්නා ලද පුන්‍ය කර්මයෙන් ඔබ දෙපලගේ ව්‍යාපාර කටයුතු වඩ වඩාත් දියුණු වේවා! (නදී)
පින් බර යුවලගේ පෙනුමෙන්ම තියෙනවා කාරුණික සත්භාවය. පිණේ බලය ජීවිත කාලයේදීම ලැබේවා ! දැරියද පෙර කල පින් බලෙන් පිහිටක් ලැබීම ලොකුම භාග්‍යයක්. (නදී)
හැම අත්බවයේම ඔබ දෙපලට නිදුක් නීරෝගී සුවයම ලැබේවා! (නදී)
මෙම අවාසනාවන්ත අත්දැකීම මටත් තිබුනා. ගොඩක් පින්, සෑම දෙනාටම. විශේෂයෙන් ජ'පුර රෝහලේ වෛදය ආනන්ද රණතුංග මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට.(නදී)
නොපෙනන දෙවියන් අතරේ , ජීවමාන දෙවියන් සිටිනවා, ඔබ දෙපලට තෙරුවන් සරණයි.(නදී) .
ඔබ දෙපලට තව තවත් පින් කරන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා. වාසනාවන්ත දුවෙක් ජීවිතේ කවදාවත් මේ දෙන්නව අමතක කරන්න එපා හොඳට ඉගෙන ගන්න.(නදී)
හොඳ පුවතක්. ඇයව සුව කරන්න දායකවූ සියලුම දෙනාට පින් සිදුවේවා. ඇයටද අත පසුවූ අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැන්මට ශක්තිය සහ දිරිය ලැබේවා. (නදී)
වැඩි වැඩියෙන් ඔබලාට පින් දහම් කිරීමට ශක්තිය ධෙර්‍යය ලැබෙවා ! (නදී)
උතුම් වැඩක්. මටත් දුක හිතුන හොඳ කර ගන්න බැරිවෙයි වත්ද කියලා.(නදී)
මිනිසුන් අතර ඉන්න දෙවිවරු.(නදී)
මිනිසුන් අතර මිනිසුන්.(නදී)
හිතන පතන හැම හොඳ දේම හරියන්න ඕන ෆෝසයිට් ඉංජිනේරු සමාගමේ හිමිකරු සහ ඔහුගේ බිරියට.(නදී)
හරිම සන්තෝෂයි.(නදී)
නිවන් දකින්න පුළුවන් උතුම් පින් කමක්. (නදී)
ඉංජිනේරු සමාගමේ හිමිකරුතුමාටත් ඒ මහත්මයාටත් සුවය ලැබුවාවු දැරියටත් දැරියගේ පවුල් වල අයටත් අල්ලාහ් දෙවියන්වහන්සේගේ රැකවරනය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.(නදී)
හොද වැඩක් කර ඇත මේ මිනිස්සුන්ට ලබන ආත්මයත් මේ වග සල්ලි තියන උදවිය වනවා අනිවාර්යෙන්ම ඔබට පින් (අ)
මෙවැනි ව්‍යාපාරික මහත්වරුන් අපේ රට ට වාසනාවන්. ඔබ දේපල සදා සුවෙන් වැජබෙවා (දී)
ඔය රෝහලෙන් නං ඔහොම දෙයක් කරයි කිව්වමත් පුදුමයි. වෛද්‍යවරු ගැන නෙවෙයි ඕකේ ඉන්න හෙදියන් මැරෙන්න පන අදින ලෙඩෙක්වත් බලන්න ඉඩ දෙන්නේ නෑ. ලෙඩෙක්ට තියා මනුස්සයෙක්ටවත් කතා කරන්න දන්නේ නැති හෙදියෝ ඕකේ ඉන්නේ. අත්දැකීමෙන් මේ කියන්නේ. මගේ ජීවිතේ කළ කිරුනුම රෝහල තමයි ඕක. (දී)
දුව ඔයාට ඉක්මන් සුවය. මේ දෙපළට ගොඩක් පින්(දිල්)
දුව ඔයාට ඉක්මන් සුවය. මේ දෙපළට ගොඩක් පින්(දිල්)
ඔබ දෙපලට තව තවත් පින් කරන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ! (දී)
ඔබ දෙපලට ගොඩක්ම පින් ලැබේවා (දී)
මිනිසුන් අතර මිනිසුන් සිටීම ගැන ලංකාවේ අප ආඩම්බර විය යුතුය (දී)
ඔබ දෙපළ මේ කරගත් පිනෙන් මතු බුදුවන්න ඕනේ (අ)
ඔබ කල පින අසා මාද සතුටු වීමි එය ඔබට උපදින භවයක් භවයක් පාසා නිදුක් නිරෝගීව දුකින් තොරව ජීවත් වීමට වාසනාවක් වේවා...........(අ)
මේ වගේ හොඳ වැඩ කරන අයට ගොඩක් පින්. බොරුවට රට හදන්ට බලය ඉල්ලන අයට මේවා ආදර්ශ. හොඳ වැඩ කරන්න බලය ඕනා නැහැ . දුව ඔයාට ඉක්මන් සුවය. මේ දෙපලට ගොඩක් පින්.(නදී)
උතුම් පින් කමක්! දානපති දෙපලට සහ දැරියට දෙවි පිහිට පතමි. (අ)
හොද ගුණවත් මනුෂ්‍ය යුවළක් පෝස්ටර් කටවුට් වලට ලක්ෂ ගණන් වියදම් කරන මෝඩ තකතීරු දේශපාලුවන්ට මේවා හොද උදාහරණ මෙන්න මේ වාගේ මිනිස්සු තමා ඡන්දවලට ඉදිරිපත් වෙන්න ඕනේ මේ සත් ගුණවත් දේපොළට දුප්පත් මිනිසුන්ගේ දුක වේදනාව පේනවා මේ දේපොළට සදා වාසනාවන් (අ)
ඔබ දෙපලට ගොඩක් පිං තව තවත් වැඩියෙන් ලැබී මෙවැනි පිං කරමින් ලස්සන දිවියක් ගෙවන්න වාසනාව ලැබේවා!!!!!!! (අ)
මිනිසුන් අතරේ දෙවියෙකි (අ)
ඔබ දෙපලට දිර්ඝායුෂ ලැබේවා (අ)
මිනිසුන් අතර දෙවියෙක්
මේ දෙපළ කරගත් මේ පිනෙන් සියලු බාධක දුරුවේවා !.ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා !.නිරෝගී සම්පත්තිය ලැබේවා !.නංගිටත් අතපසුඋන පාසල් වැඩ කටයුතු හොදින් කරගන්නට වාසනාව ලැබේවා !.(අ)
මට කියාගන්න වචන නැහැ. ආන්නද යුවල සහ වෛද්‍ය කණ්ඩායමට මතු බුදුන් දවස නිවන් දකින්නට මෙය හේතු වේවා ! (නදී)