තමන් බලයෙන් වෑන් රියකට දමා කැමැත්තට එරෙහිව කොළඹ ගෙන ආ බව කියන්නේ නම් අනුරාධපුර වෑන් රියදුරාගේ ගාස්තුව ගෙවීමට සූදානම් යැයි බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ කණ්ඩායම ට්විටර් වෙබ් අඩවියට කියා ඇත.
‘අපිට ගෙවීමට සිදු වී ඇත්තේ අප බලෙන් කොළඹට ගෙන ඒමේ ගාස්තුවයි. පොලිසියේ ඒ වැඩේට අප මුදල් ගෙවිය යුතුද?‘ යනුවෙන් එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන හැට්යට පොලිසිය කලබල අස්සේ,නඩේව ලග තිබුණු වැන් එකකකට දාලා, මේගොල්ලන්ව මෙතනින් අරන් යනවා කියලා, කියන්න ඇති.නමුත් නඩේට තද වෙලා ඇත්තේ,මේ ආපසු කොළොඹ ගමන බලෙන් වගේ,කරන ලද්දක් නිසා.(දී)
අහෝ සීගිරියේ දෙබරුනි, ඇයි තොප මේ චැනල් හතර වැඳ පිළිනොගත්තේ, අහිංසක අපටම කොටන්නයි තොපත් ඉන්නේ... (නි)
ලැජ්ජා නැත්තෙ කාටද? ඔවුන්ටද ? අපිට ද? (නි)
මේ අපේ කට්ටියට අමතක වෙලාද අපේ ජනාධිපතිතුමා එංගලන්තේ ගිය වෙලාවේ හරවලා එව්වා කොටින්ගේ විරෝධතා නිසා. ඉතින් මේකා මොකක්ද? එංගලන්තේ එහෙම වෙනවා නම් මෙහෙ මෙහෙම වුණාම මොකද? අනික එයා ලංකාවට මොනතරම් හානි කරලා තියෙනවද? ඉතින් එහෙම කළහම එයා හිතාගෙන ඇති එයාව රතු පලස් දාලා පිළිගනී කියලා. රටේ නීතියට අනුව සිර භාරයට ගන්න ඕනෑ. (නි)
මෙයාලට මොකක් හෝ කරදරයක් උනොත් කියයි ආණ්ඩුව විසා දීපු නිසා තමයි මෙහෙම උනේ විසා නොදී හිටිය නම් අපිට මෙහෙම වෙන්නේ නැහැනේ කියලා. දැන් ඔය වෙන දේවල් එහෙම දාලා තව පිල්ම් එකක් හදයි. ඕන් බොරුද බලන්නකෝ.(නදී)
ප්‍රමුඛ, නිර්මල , දුමින්ද බන්ඩාර තෙන්නකෝන් , ජෝන්, දිසානායක, සනත් - කටාර්, රාධ, අසේල, ජයම්පති, රොනී, රන්ජිත් , සමන් , බණ්ඩා, ටිකිරි බන්දා , අරුණ , මොහොමඩ් සාදික්, රොහාන් වගේ කට්ටිය හරියට හරි. අඩු ගානේ දැනවත් සිංහල මිනිස්සු ටිකක් හරියට හිතන්න පුරුදු වෙලා තියෙනවා පටු ජාතිවාදී නොවී. ඒ ගැන සතුටුයි.(නදී)
තමන්ගේ ප්‍රතිරූපය පුම්බගන්න මේ අයට වීසා දීල, ඕන තැනක යන්න නිදහස තියනවා කියල ඊට පස්සේ කරන විකාර වැඩ වලින් ලංකාවේ ඇත්ත තත්වය ලොවටම පෙන්වනවා. (දී)
මගේ අදහස නම් පොලිසියට දොස් කියන එක වැරදි.මොකක්ද ඔය කට්ටිය දුම්රියෙන් ගිහින් මොනවා හරි දෙයක් වුනානම් දොස් කියන්නෙත් පොලිසියටනේ.පොලිසියේ අය හැම පැත්තටම හිර වෙලා ඉන්න කට්ටියක්.එයාලට ඕන වුනේ ප්‍රශ්නයක් ඇති කරන්න.ඊට කලින් පොලිසිය එයාලව ආපහු එවපු එක හොඳයි. පුරුද්දට වගේ පොලිසිය කරන දේ එදත් කරා.එයාල වාහන නවත්වල මිනිස්සු යැව්වට කවදාවත් ගෙවීම් ගැන හිතන්නේ නැනේ අපේ පොල්සීයෙ මහත්වරු.(දී)
වෑන් ඩ්‍රයිවර් මේ කට්ටය කොළඹට යහතින් එක්කගෙන ආපු එක ලොකු දෙයක් (දී)
පොලිස් ජීප් එකෙන් හෝ සුදු වැන් එකකින් එව්වනම් හරියටම හරිනේ (දී)
මේක පොලිසියේ වරද. (දී)
ප්‍රමුක මල්ලි, මේක ලංකාව. යුරෝපය නොවේ. ඒ රටවල කරන දේවල් මෙහෙ කරන්න අමාරුයි කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද? (නි)
ඔබ පාරේ ඉන්න හිගන්නෙක් වාහනේ දා ගෙන කොළඹට ඇවිල්ල සල්ලි ඉල්ලලා බලන්න... දෙන්න සල්ලි නැ, එහෙම සිදු උනාට හිගන්නෝ කාව හරි කොටවල ගානක් හොයාගන්නවා.... මේකයි තත්වය (දී)
අනේ මෙහෙමත් දේවල් වෙනවනේ............(දී)
නිකන් ඉන්න බරවට දාන ලේඩනේ.
බලෙන් එව්වත් කැමැත්තෙන් ආවත් අවේ කොලඹටනේ...... සල්ලි දෙන්න.....(දී)
කොටින්ගේ සල්ලි වලට වහ වැටුන මේ හිපියෝ නම් පුදුම ලජ්ජා නැති ජාතියක්.පොත්ත සුදු උනාට පස්ස හෝදන්නේ නැති නිසා වෙන්න ඇති.(දී)
බලෙන් එව්වලු, අපි ආවලු, මට නිකන් පිස්සු වගේ.................(දී)
තමන්ට ඕන ඕන දේවල් කියවගන්න කුට්ටිගණන් මුදල් ගෙවන එක මේ අයගේ පුරුද්දක් , ඔය තියෙන්නේ , අහිංසක රියදුරකු ලවා මේක කියවගෙන සල්ලි දෙන්නයි හදන්නේ, අහුවෙන්න එපා, මුන්ව රිමාන්ඩ් කරන්න තිබෙන්නේ හොරෙන් ගාස්තු නොගෙවා ආවාට (දී)
මේ මහත්තය දේශපාලනය කරන්නේ තමන්ගේ එදිරිවාදිකම් පිරිමහගන්න නමුත් අනෙක් හැම දේශපලනයෙක්ම ඒවා සීමාවෙලා තියෙන්නේ වේදිකාවට විතරයි.අවසාන යේ බලයට පත්වූ පසු ඒ හැම දෙයක්ම අමතක වෙනවා.මොහු විසින් කියූ සුදු කොඩි කතාව නිසා තමයි ලංකාවට මේ තරම් ප්‍රස්නයක් වෙලා තියෙන්නේ. (අ)
මේ පර සුද්දගේ පස්ස පැත්තට පයෙන් ගහල අලවල දමන්න. මුන්ට ඇත්ත දකින්න ඕනේ නැහැ. සල්ලිවලට බලු වැඩ කරන්න ඇවිල්ල. (අ)
මේ විදිහට තමයි චැනල් 4 නිවුස් හොයාගන්නේ. ඒ අය කියන්නේ රියදුරාට පොලිසිය ගහල උන්ව ගෙනියන්න කීව කියලා කියන්න කියලා මොකද මේ ගමනින් උන්ට වැඩක් නෑ, මොකුත් වැඩක් තියන දෙයක් හොයාගන්න බැරි වුනා. බොහොම බාල හැතිකරයක්. (අ)
මිනිසුනේ මොලේ ඇතුව කතා කරන්න .මොකද මෙයාලට එන්න විස දුන්නෙත් අපිමය .රට පුරා ඇවිද බලන්න කිව්වෙත් අපිමය .ඉන් පසු ඔවුන් යද්දී මග අහුරුවෙත් අපිමය .ඔවුන් බලෙන්ම වගේ වාහනේට දාගත්තෙත් අපිමය ,මේ මිනිහ ගැන අපි මීට කලින් දන්නෙමු .දැනගෙන විස දුන්නේ කොයි බූරුවද ?ඉතින් සියල්ලම සිදු උනේ අපේ වරදින්ය .සිංහලය මෝඩයා කියලා නිකම්ම කීවෙත් නැති බව වැටහෙන්නේය(දිල්)
දේශපාලුවෙකු වත් ඉදිරිපත් වෙලා ඔය ගනුදෙනුව රටට ලැජ්ජාවක් නොවෙන්න ඉවරයක් කරන්න බැරි වීමත් පුදුමයක් නෙමෙයි.(නදී)
උන් පිට මිනිස්සු පොලිසියෙන් කතා කරලා වහනයට නැග්ගුව නම් ඒක රටේ ආරක්ෂාව පිලිබඳ පොලිසියෙන් ගත් ක්‍රියා මාර්ගයක්. පොලිස් දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරාට සදරණය ඉෂ්ට කරන්න. ඒක පිටින් ආපු අයගේ වරදක් කියන්නේ කොහොමද.ආණ්ඩුව පත්තර ඔය වගේ බොළඳ සිද්දි ලෝකෙට ගෙනියන ඒක වස ලැජ්ජාවක්. කවුරුත් අපක්ෂ පාතිව හිතන්න.මොනවද මේ රටේ මින්ස්සු ගැන පිට රටවල මිනිස්සු හිතන්නේ. (නදී)
රියදුරා මම නම් මග හොඳ පල්ලමක් බලලා වෑන් එක අල්ලනවා පල්ලමට (නි)
දැන් සල්ලි ගෙවන්නේ පොලිසියෙන්ද? (නි)
එංගලන්තයට බනින්න එපා. ඔවුන් තමයිඅපිට පාරවල් කෝච්චි පාලම් වගේ දේවල් හදලා දුන්නේ. පානදුර පදිංචි අපි යන්නේ සුද්දෝ හදපු මොරටුව පාලමෙන්. ඒක අවුරුදු 90 පරණ පාලමක්. අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ සුද්දන්ගෙන්. (නි)
හරි දැන් ඔය චැනල් 4 කට්ටිය ලංකාවේ නීතියට අනුව කොහේටවත් පැමිණිලි කළාද පැහැර ගැනීම ගැන? (නි)
එව බලව කිවුවට බලන්න දුන්නෙ නැහැනේ. එක්කො චැනල් 4 එකේ කට්‍ටියට ලංකාවට එන්න අවසර නොදී ඉන්න ඕනෑ. ලංකාවට එන්න අවසර දීපු එකේ බලන්නත් දුන්නා නම් තමා නිවැරැදි ක්‍රමය. (නි)
මෙහෙමත් ලැජ්ජා නැති ජාතියක් (නි)
පසුගිය කාලයේ අපේ ජනාධිපතිතුමා එංගලන්තයට ගිය වෙලේ, ඔහුට තිබුන දේශනයක් පැවැත්වීමට ඉඩ නොදී එය නතරකර ලන්ඩන් පොලිසිය ජනාධිපතිතුමාව නැවත හෝටලයට යන්නට සැළසුවා. එන්ගලන්තයට නොහැකි වුණා නම් කොටින්ගේ කඩා පැනීම උද්ගෝෂණ නවත්වන්නට,මැක්රේට විරුද්ධව කරපු දේවල් වලට අපේ සිංහල අය මොර දෙන්නේ මොකද මෙපමණ? (නි)
ප්‍රමුකගේ කතාව හරි .(නදී)
ඔක්කොම පාඩු මුදල් ගෙවිය යුත්තේ,සුරුට්ටු පොලිසිය විනා,වෙන කවුරුවත් නෙවෙයි. (අ)
මෙයට ප්‍රතිචාර දක්වන ගොඩක් අයගෙන් තේරනව පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ තෝරන ආකාරය. ආණ්ඩුවට දොස් කියල වැඩක් නැහැ(දිල්)
රජයේ ආරාධනාවෙන් අපේ රටට ආපු අයට මෙහෙම කරන එක වැරදි නේද? (දී)
ඔය තියෙන්නේ හොඳම සාක්කි. චනෙල් 4 බ.... නඩේ විස්තර ලෝකෙට කියන්න මේ ටිකම ඇති. ජනදිපතිතුමනි " එව බලව " කිව්වට හිතපු දේ සිද්දවෙලා නැහැ නේද? (දී)
මේ රියදුරාට ස්තුති කරන්න ඕනේ කොළඹටම එක්කගෙන ආපු එකට. (දී)
ශ්‍රී ලංකා පොලිසියෙන් ලබාදෙන ආදර්ශට මෙයද? හයර් ඉල්ලීම යනු පරිප්පු කෑමකි. (නි)
මොනවා හරි හංගන්න දෙයක් තියෙනවාද? ඒකද යන්න දුන්නේ නැත්තේ? (නි)
මේක හරියට පොල් බෑය හොරකම් කළ පූසට උම්බලකඩ කෑල්ලෙන් ගැහුවා වගේ වැඩක්. අනේ මෙහෙමත් ලංකාවේ මිනිස්සු. (නි)
ශ්‍රී ලංකාව පොදු රාජ්‍යය මණ්ඩලයට අයිති රටක් නම් ඒ පිළිවෙත් අනුව කටයුතු කරන්න ඕනෑ.වෙන විකාර කතා වලින් වැඩක් නැහැ.වීසා දෙන්න වුණෙත් ඒ නිසානේ.නිදහසේ මාධ්‍යකරණයේ යෙදෙන්න ඉඩ නොදෙනවා නම් ඒක බරපතල වරදක්.මේ සියළුදේට වග කියන්න වෙන්නේ රජයටයි.අවසාන වශයෙන් රටේ නමයි කැත වෙන්නේ. (නි)
අපේ අය වරද්දාගත්තේ මේ සිද්ධියේදී විතරක් නොවෙයි. චැනල් 4 කට්ටියට අභියෝග කිරීමේදී ඒක හරියට ලෝකයට පෙන්වා දෙන්න අපොහොසත් වුණා. චැනල් 4 එකේ අය කළාට වඩා ලක්ෂ වාරයකින් ශ්‍රී ලංකාවට හානි කරපු ඉන්ටර්පෝල් එකෙන් හොය හොයා හිටි කෙනෙක්ව බේරා ගත්තා. අපේ රණවිරුවන්ට විරුද්ධව චිත්‍රපට නිපදවූ වරදට මැක්රේව මේ තරම් අපහසුතාවයට භාජනය කරන්න නරකයි. ඔය කරපු වැඩේට ඒ නිලධාරියා තනතුරු උසස්වීමකින් පිදුම් ලබනකොට අසරණ රියදුරාට මුදල් ගෙවන්න කෙනෙක් නැහැ. (නි)
මේකෙ අදහස් දාන අයට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා. පහුගිය දවස්වල වීසා අරගෙන ඉන්දියාවට වන්දනාවෙ ගිය අය කීදෙනෙක් තමිල්නාඩුවෙදි ගුටිකෑවද? හාමුදුරු කෙනෙකුට පන්න පන්නා ගහලා ඒවා වීඩියෝ කරලා මාධ්‍යවලටත් නිකුත් කළා. සමහර නඩ තමුන් සල්ලි ගෙවලා හිටි හෝටල්වලින් ඇදලා එළියට දැම්මා. සමහර අයට තමන්ගේ ගමන අවසන් කරගන්න නොදී ආපහු එවුවා. චැනල් 4 කට්ටියට කඩේ යන අය එදා ඉන්දියාවටවත් තමිල්නාඩුවටවත් කිවුවෙ නැහැ මේ අයට මුදල් ගෙවන්න කියලා. ඉන්දියාව ගෙව්වෙත් නැහැ. කොහොම වුණත් මේ අයට පහරදීමක් හෝ සීරීමක් සිදු නොවන්න පොලීසිය කටයුතු කළ එක ගැනත් එසේ නොකිරීම ගැන ලංකාවෙ ජනතාවටත් ස්තූති කරන්න ඕනෑ (නි)
චැනල් 4 අයගේ නීතිය අනුවම සැළකුවහම වෑන් එකේ රියැදුරු පොලිස්කාරයෙකුත් නෙමෙයි, වැරැද්දක් කළ කෙනෙකුත් නෙමෙයි.චැනල් 4 කට්ටියව බේරාගෙන කොළඹට ගෙනාපු එදා වේල හොයා ගන්න අහිංසකයෙක්.ඒ වගේ කෙනෙක්ට හොර කරන එක ඕගොල්ලන්ගේ යුක්ති සාධාරණත්වයට හොඳ නැහැ නේද? මහත්තයෝ,ඔය කරලා තියෙන්නේ හරියට අනුන්ට උපදෙස් දීලා තමන් නිරුවතින් ඇවිද්දා වගේ වැඩක්නේ.. (නි)
මේ පිරිසට විදේශ රටකින් පැමිණ තම කාලය,මුදල් සියල්ල වියදම් කර ,තමන්ට අවශ්‍ය ස්ථානයට යන්නට නොහැකි විය.ඔවුනට පැමිණි බාධක ඉවත් කිරීමට බලධාරීහු අපොහොසත් වුහ.ආපසු ගමන් ආරම්භ කළ තැනට ගෙන එන්නටත් ඔවුන්ගෙන්ම මුදල් ඉල්ලා සිටින්නේය.විදේශිකයන්ට ඒ රටවල හැටියට මෙය විශ්මයජනකය.මොකද ඔවුන් ලංකාවේ වැඩ ගැන දන්නේ නැති නිසා විය හැක.සාමාන්‍යයෙන් ලංකාවේ ගුටිකන කෙනාට දඩුවම් දීලා ගහපු එකාව බේරගන්නා ,ඔහුව ආරක්ෂා කරන ,අරුම පුදුම ක්‍රියාවලි පිළිබදවද මේ අය නොදන්නවා විය හැකිය. (නි)
නගින්න පෙර ටිකට් ගත යුතුයි. ඒ රටේදී නම් එහෙමයි. කොන්දේසි නැතුව සල්ලි දෙන්න කියන්න. අහිංසක රියදුරාට මේ පිළිබද අවබෝධයක් නැති නිසා වගකිව යුතු මාධ්‍යවේදියෙක් නම් මුදල ගෙවිය යුතුයි. රියදුරා සිංහල ජාතිකයකු නොවී ද්‍රවිඩ ජාතිකයකු වූයේ නම් මේ අය මෙම ප්‍රවෘත්තිය පළකරන්නේ පොලීසිය බලහත්කාරයෙන් ද්‍රවිඩ ජාතිකයකුගේ රථයක් මගින් ගාස්තු නොගෙවා කොළඹට එවූ බවයි. එමගින් තමන්ට හා රියදුරාට අසාධාරණයක් වූ බවයි. මෙම කණ්ඩායමට යාපන ගමන නැවැත්වූ කණ්ඩායමත් වැරදියි (නි)
බලෙන් හරි පන බේරලා එවුවට කීයක් හරි දෙන්න වටිනවා. නැද්ද මං කියන්නේ ? (නි)
පොලිසිය ඉන්නේ කවුරුන් හෝ මහජනයාගේ ආරක්ෂාවටයි.ඉතින් මැක්රේට ආරක්ෂා සහිතව ආපසු යන්න සැළසුවාට පොලිසියට මල් මිටක් සහ ආරක්ෂා සහිතව ගෙනා රියදුරාට ගාස්තුවට අමතරව සන්තෝෂමක් දිය යුතුයි. (නි)
දිසානායක, චැනල් 4 එකෙන් ආවේ සංචාරය කරන්න නෙමෙයි කියලයි මම නම් කියන්නේ (නි)
මේ මුදල චැනල් 4 මගින් ඉල්ලා සිටීම අසාධාරණය.මෙය ගෙවිය යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව හෝ ඔවුන් කොළඹට ආපසූ රැගෙන එන්න තීරණය කළ පොලිසියයි.සංචාරක ව්‍යාපාරය,විදේශ ආයෝජන බලාපොරොත්තු වෙන රටක් විදියට දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ප්‍රවාහන කටයුතු පිළිබද මෙයට වඩා වගකීමකින් ක්‍රියා කළයුතුය.ඔවුන් අතරමග දමා කුලී රථ වලට 'අච්චරක් ,මෙච්චරක්' ගෙවන්න කීම තම වගකීම පැහැර හැරීමකි.මෙය සදාචාරවත් රටකට නොගැළපෙන ක්‍රියාවකි.මංකොල්ල කල්ලියක ස්වරූපයකි. (නි)
ප්‍රමුඛ මහත්තයෝ ,යුරෝපයේ රටවල් වල වගේ ලංකාවේ දුම්රිය සේවය සහ බස්රථ සේවාව ඒකාබද්ධ කරලා නැහැ කියලා ඔබතුමා දන්නේ නැද්ද? චැනල් 4 කට්ටිය එම වෑන් රථ රියදුරාට අමතර මුදලක් දිය යුතුයි, කුලියට අමතරව කිසිම හිංසාවකට ලක්වීමට ඉඩ නොතබා කොළඹට ගෙනත් පැමිණි එකට. ඔබතුමා ජීවත් වෙන්නෙත් එංගලන්තයේද ? (නි)
මේකේ වැරැද්ද අර ඉහළ පොලිස් නිලධාරියාගේ.එයා දැනගන්න ඕනෑ කව්ද මේකට සල්ලි ගෙවන්නේ කියලා.ඉහළ කියන ඔය පොලිස් කට්ටිය හිතාගෙන ඉන්නේ දිව්‍ය ලෝකෙන් අාවා කියලා.කරුණාකරලා එයාගේ පඩියෙන් කපලා හරි අර මනුස්සයට වහාම සල්ලි දෙන්න කියන්න (නි)
ටිකට් එකක් මිළදී ගෙන ශීඝ්‍රගාමී දුම්රියකට ගොඩ වූ මගියා අදාළ ස්ථානය කරා ගෙනයාම දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකීමක්. විශේෂයෙන් විදේශිකයන්.මගීන්ගේ මෙන්ම සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආරක්ෂක අංශවල වගකීමක්. මේ දෙපාර්ශ්වයටම තම වගකීම ඉටුකළ නොහැකි නම් එම මගීන් ආපසු ඔවුන් ගමන ආරම්භ කළ ස්ථානයට ආරක්ෂිතව ගෙන ඒම ඔවුන්ගේ වගකීමක්.මෙසේ නැතිව කුලී වාහන වල ආපසු පැමිණි තැනට යන්නට කීම අසාධාරණ,වගකීම් විරහිත ප්‍රකාශයකි. මේ තත්ත්වය හමුවේ සංචාරකයන් අපේ රටේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන අවිශ්වාසය සහ සැකය තහවුරු කර ගනීවි. (නි)
කවුරුත් කියයි උතුර බලන්න යන්න දෙන්න කියලා. ඒ ගියත් කරන්නෙ තවත් මඩපාරකට කරුනු ගොනුකරන එකයි.මේවට පෝරදාන දේශද්‍රෝහියන් ලංකාවෙත් ඉන්න්වා. රටට ආදරය කරපු ජනතාවට ප්‍රණාමය. අවදියෙන් සිටින්න.ත්‍රස්ත සංවිධානවල ගිනිපුපුරු අලුයට නෑතුවාම නොවේ. (නි)
මට නම් හිතෙන්නේ මේක මොවුන්ගේම තවත් කපටි වැඩක්. ඔච්චර සල්ලි තියන අය මොකද ඔච්චර ලාබෙට යාපනේ යන්නේ. ඔවුන්ට යාපනේට යන්නම ඕනෑකමක් තිබුණා නම් පුද්ගලික වාහනයක් අරන් යන්න තිබුණනේ. මට හිතෙන්නේ මොවුන් දුම්රියේ යන්න ඇත්තෙත් ඕක වෙන බව දැනගෙන, සමහරවිට යාපනේට ගියාට මොවුන්ට දැන් පෙන්නන්න දේකුත් නැතුව ඇති. (නි)
අර අහිංසක රියදුරා එක්ක කේවල් කරන්න එපා.මොකද ඒ මනුස්සයාගේ රැකියාව ඒක (නි)
දුම්රියට ප්‍රවේශ පත්‍රයක් ගෙන පිටත් වූ අයට අවහිර කර ආපසු හරවා යවන්නේ මගීන්ගේ වරදක් නිසා නොවේ.මේ අය පාලනය කිරීම,පලවා හැරීම,පොලිසියට සහ රජයට අයත් කාර්යයක්.එසේ නොකර ශීඝ්‍රගාමී දුම්රියක් අන්තගාමීන්ගේ වුවමනාවට නතර කර අතරමගදී පොලිසිය කුලී රියදුරන්ට කතාකොට තමන්ගේ කටයුතු නවතා දමා කොළඹට ගෙනවිත් අගතියට පත් පාර්ශවයෙන් මුදල් ඉල්ලීම කැකිල්ලේ නීතියට අනුව හරි වෙන්න පුළුවන්. නමුත් අපිට පෙනෙන විදියට මෙය ඔවුනට කළ අසාධාරණයකි.යුරෝපයේ රට වල නම් දුම්රිය අංශයටම සම්බන්ධ බස් සේවාවක් අමතර අයකිරීමකින් තොරව ප්‍රවාහන පහසුකම් සපයනවා. (නි)
රටට තවත් කළු පැල්ලමක් (නි)
පොලීසිය කරන්නේ ඉහළින් එන නියෝග කි‍්‍රයාත්මක කරන එක. එම නිසා එම නිලධාරීන්ට වරද පටවන එක අසාධාරණයි. ඒ වගේම චැනල් ෆෝ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රකාශයත් ඉතාමත් සාධාරණයි. ඔවුන්ගේ අකමැත්තකින් ආ ගමනකට මුදල් ගෙවීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මෙයන් වැඩ කරන ඉහළ බලධාරීන්ගෙන් මුදල් ඉල්ලා රියදුරාට ලබා දෙන්න. (නි)
කොන්දේසි මත නෙවේ , බන්දේසි මත හරි කමක් නැහැ ඒ අහිංසකයාගේ සල්ලි දෙන්න. ලංකාවට එන්න වියදමට සල්ලි ගෙන්න ඇතිනේ. (ස)
සුද්දෝ අනුන්ට කොටන්නයි අනුන්ගෙන් කන්නයි පුරුද්ද. මෙයාලා එක්ක එකට රක්ෂාව කරපු නිසා අපට ඒක හොඳට තේරෙනවා. (ස)
හරියටම හරි. ලංකාවේ අයට දාන සෙල්ලම් හැමෝටම දාන්න බැහැ කියලා පොලිසියටත් දැන් තේරෙයි (නි)
මෙම විදේශිකයන් ලංකාවට ආවට පසු ඒ අයට සංග්‍රහ කර පිට කරන්න. අපේ රටේ අයත් ඒ රටේ සේවය කරන හින්දා රටේ නම කැත නොකර. (ස)
කැත වැඩ කරල තව කොන්දේසි දාන්නත් එනවා. ලැජ්ජ නැති කම මහා බ්‍රිතාන්‍යටත් වඩා ලොකුයි. ඇයි එහෙනම් රියදුරා පොරොන්දු වුනේ.ඔය ගමනට හොටලෙත් පලිද? හෝටලෙන් ගාස්තුව ඉල්ල ගන්න කීවේ. (ස)
රියැදුර මල්ලි මම නම් මම පාලු තැනක නතර කරලා නෙලනවා නෙලිල්ලක් කොටි පැටියව වමාරනකම්. (ස)
ගාස්තුව ඉන්දියාවන් ඉල්ලගන්න කියන්න.එයාලට කඩේයන කට්ටියනේ. (දී)
ඔක්කොම පාඩු මුදල් ගෙවිය යුත්තේ,පොලිසිය විනා,වෙන කවුරුවත් නෙවෙයි (අ)
කොහොමටත් මේ අයගේ මුතුන් මිත්තන් ඒ කාලේ කෙළේ අනුන්න්ගේ රට වලට පැනල මිනි මරලා මංකොල්ල කාපු එකනේ තාමත් ඒ පුරුද්ද අත අරින්න බැහැ වගේ ....(අ)
එයාල ලංකාවට එරෙහිව මීට පෙර කටයුතු කරලා තියෙන බව රටේ ආගමන විගමන නිලධාරීන් දන්නවා. එහෙම තියෙද්දී ඔවුන්ට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කල යුතුව තිබුනා. නැත්නම් වීසා වා කොන්දේසි සහිතව දෙන්න පුළුවන්. මෝඩ වැඩ.කරලා දැන් හත්පොලේ ගා ගන්නවා. (අ)
හයර් එක ගිය ය සල්ලි දෙන්න ඕනනේ (දී)
ලංකාවේ ඕනෙම තැනකට වලංගු විසාවක් තිබුන ඔව්න්ගේ ගමන මගදී නතරකර පොලිසියෙන් ආපසු හැරවිමනිසා වාහන ගාස්තුව සහ දුම්රිය ගාස්තුවද ආරක්ශක අමාත්‍යාංශයෙන් ගෙවා කණගාටුවද ප්‍රකාශ කරන්න.එය ලංකා රජයට හොදක් වේ.(දී)
කුලී රථ රියදුරු මහත්වරුනි මේ සිද්ධිය හොද පාඩමකට ගෙන, තමුන්ට කවුරු උපදෙස් දුන්නත් , ගමනට පෙර ගාණ කතා කරගෙන අතට සල්ලි ටික ගන්නකම් වාහනය හොල්ලවන්නවත් එපා. (දී)
එව,බලව,තල් රුප්පාවේ මල් පිපීදැයි බලව.නමුත් අනුරාධපුරේ අපේ හෙන්චයියන් මාර්ග බාධක දමා ඇත.අපි "යතාවාදී තතා කාරී"අපිට සැගවීමට කිසිවක් නැත.එහෙත් අබ කෑ මිනිහගේ නහය දානවා වගේ කියා කියමනක් තියෙනවනේ ,ඉතින් අපේ හිතත් අපිට විශ්වාශයක් නැහැ(දී)
කොන්දේසි මත උනත් මොකද සල්ලි නේ.......(දී)
ඹවාට තමයි සුදු වෑන් මෙයාලව ගෙනියන්න තිබුනේ ඒකේ.....(දී)
චැනල් 4 වැනි ආයතන නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට මොනවා වෙයිද?අපි මෙහෙමවත් ජීවත් වෙන්නේ චැනල් 4 වැනි ආයතන වලට පින් සිද්ද වෙන්න.(දී)
අනේ මහත්තයෝ, මේවයෙන්ම පේනවා ඔහෙලගෙ තියන නපුරු කම.අකමැති නම් මගින් බහින්න තිබුනනේ. (ස)
මෙතන තියෙන අපුරුම දේ තමයි .මේ චැනල් 4 කට්ටියට විරුද්දව උද්ඝෝශනය කරපු කව්රුවත් ඔය කියන චැනල් 4 චිත්‍රපට බලල නැහැ කියපු එක බුරන්න කලින් ඒවත් දැනුවත් විය යුතුයි..අඩුම ගානේ. ඔය උද්ඝෝශනය සංවිධානය කරපු අයවත් .(දී)
ලංකාවේ යත්‍රාත්තය ඕකයි ලජ්ජයි (අ)
රන්ජිත් ට කීයක් ගෙව්වද ඇත්ත කියන්න (දිල්)
චැනල් 4 කණ්ඩායම දුම්රියේ එන බව කිවුවේ කවුද? (නි)
චැනල් 4 කණ්ඩායමෙන් මුදල් ඉල්ලිම හරිම අසාධාරණයි. 'එව බලව' සංකල්පය දැන් එව විතරයි. පොලිසිය වගකිව යුතුයි. මුදල් ගෙවිය යුත්තේ පොලිසියයි. බලහත්කාරයෙන් ආපසු කොළම එවු නිසා.හරිනම් උසාවි යා යුත්තේ චැනල් 4 කණ්ඩායමයි.චැනල් 4 වැනි ආයතන නැත්නම් මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට මොනවා වෙයිද? (නි)
ජයතිලක මහත්තයෝ, මම දන්නවා ලංකාවේ බස් සේවාව මේ වගේ දුම්රිය සමග ඒකාබද්ධ කර නැති බව.මේ තත්වය මේ විදේශිකයෝ දන්නේ නැහැනේ. මේ වගේ ඒකාබද්ධ සේවාවක් නැති නිසා තමා මම කියන්නේ මෙය ගෙවීම දුම්රිය දෙපාර්තමේන්තුව හෝ රජයේ වෙනත් ආයතනයක් බාර ගත යුතුය කියා.මගියාගේ වැරැද්දක් අතපසුවීමක් මෙහි නැත.එසේ නැතුව මගියා අපහසුතාවයට පත්කොට කුලී රථ සදහා මගියාගෙන් මුදල් අයකිරීම සදාචාරවත් සමාජයකට සම්මත කළ නොහැක (නි)
ඇයි ඒ මිනිස්සුන්ට ගෙවන්න කියන්නේ? (නි)
මම මේ පුද්ගලයට විරුද්ධයි. ඒත් ඔවුන්ට යාපනයේ යන්න නොදී කළ දේ නම් වැරදියි (නි)
මේ මුදල පොලිසිය විසින් ගෙවන්න ඕනෑ,මොකද එයාලා තමයි කොළඹට මෙයාලව අරගෙන අාවේ. (නි)