IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කන්නන්ගර සමරුව ඕස්ට්‍රේලියාවේ

1884 ඔක්තෝබර් 13 වැනි දින අම්බලන්ගොඩ, රන්දොඹේ උපත ලද, ආචාර්ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර, වයස අවුරුදු 12 දී තම පියාණන්ගේ රැකියාව අහිමිවීමත් සමගම ඉතා දුෂ්කර     ආර්ථික ජීවිතයකට හුරුවූ බවත්, එදා ඉංග්‍රීසි අධ්‍යාපනය මුල්කරගත් වටපිටාවක් තුළ, ඉංග්‍රීසි තම පවැත්මට ආවැඩූ සමහර අපේ සිංහල පාසල් සිසුන්ගෙන් විවිධ අඩම්තෙහෙට්ටම් වලට මෙතුමා ලක්වෙමින්     තම අධ්‍යපනය මෙන්ම ක්‍රීඩාවෙන්ද විශිෂ්ට සමාර්ථයන් දැක්වූ බව ශ්‍රී ලංකාවේ සිට කෙටි සංචාරයකට     ඕස්ට්‍රේලියාවට වැඩම කළ මාවතගම ඞී.පී.වික්‍රමසිංහ විද්‍යාලාධිපති ඉඩන්ගාපොල පඤ්ඤාතිස්ස     හිමියන් පැවසූහ. උන්වහන්සේ එසේ පැවසූවේ මෙම මස 13වන දිනට යෙදී ඇති සී ඩබ් ඩබ් කන්නන්ගර ශ්‍රිමතාණන්ගේ     128 වන ජන්ම සැමරුම වෙනුවෙන්  ඕස්ට්‍රේලියාවේ මෙට්රෝ අධ්‍යාපන ආයතනයේ ප්‍රධානී සුසිල් රත්නසේකර,      අද දින සංවිධානය කළ කන්නන්ගර ගුණ වැයුමේදීය. තවද නිදහස් අධාපනයේ පියාවන, ආචාරය      කන්නන්ගර ශ්‍රිමතාණන් පිලිබඳව සෑම තරා තිරකම ශ්‍රී ලාංකිකයිනට වැදගත්වන බවත්, ඕස්ට්‍රේලියාවේ    ශ්‍රී ලංකික දරුදරියන්ද නිදහස් අධ්‍යාපනයේ පියාවන සී ඩබ් ඩබ් කන්නන්ගර  ශ්‍රිමතාණන්     සිහිකිරීමට විශේෂ උනන්දුවක් දැක්වීම ලෝකයේ අනෙකුත් රටවල වෙසෙන ශ්‍රී ලංකාවේ දරුදරියන්ටද     ආදර්ශයක් බවත්, පොදු යහපත උදෙසා පුද්ගලයෙකුට ඇතිකරගත     හැකි කායික හා මානසික ශක්තියත් ආදර්ශයක් මේ චරිතාපදානයෙන් ලැබෙන බවත් පඤ්ඤාතිස්ස හිමියෝ කීහ. එවකට පොදුරාජ්‍ය මණ්ඩළයට අයත් රටවල දක‍ෂතම සිසුවෙකුවීමට හැතියාව ලද්දේ කන්නන්ගර     ශ්‍රිමතාණන් තුළ පැවති පසුනොබසින හා ස්වෝත්සහයේ ප්‍රතිපලයක් ලෙස බව අප අමතක නොකළ යුතු     බවත්, පසුකාළයේදී මෙතුමා ඉහළ නීතිඥවරයකුද, දක්ෂ ගුරුවරයකුද මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම අධයාපන     ඇමති ධුරය 1931- 1947 දැරූ බවද, එහි ප්‍රතිපලයක් ලෙස අප නිදහස් අධ්‍යපනයෙන් පෝෂණයවූ බවත්     එම උදාර කටයුතුවලට පිංසිදු වන්නට අද ශ්‍රි ලංකාවේ අකුරු කියවීමට හා ලිවීමට ඇති හැකියාව සියයට     අනුදෙකක් ඉක්මවා තිබීම ලාංකීය අපට ආඩම්බරයක් බවත් උන්වහන්සේ පෙන්වාදුන්හ. එදා ලංකාණ්ඩුවේ පළමු අධ්‍යාපන ඇමතිධූරය හෙබවූ ආචාරය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිඳූන්     නිදහස් අධ්‍යාපනයත්, නොමිලේ දිවා ආහාරයත් ශ්‍රී ලාංකීය දරුවන්ට ලබාදීමට ක්‍රියාවෙන්ම ඔප්පු කළ අතර,     අවසානයේදී ආචාරය කන්නන්ගර ගුරු දෙවියන් වර්ෂ 1969 සැප්තෑම්බර් මස 23වනදින  සඳහටම     දෙනෙත් පියා ගත්තේද කළගුණ නොදත් සමාජ අත්දැකීම් විඳීමෙන් පසු බවත් පඤ්ඤා තිස්ස හිමියන් කීහ.



අදහස් (0)

කන්නන්ගර සමරුව ඕස්ට්‍රේලියාවේ

චන්ද්‍රසිරි Friday, 12 October 2012 02:58 PM

ලංකාවේ අය‍ට එතුමාව අමතකයි . ඔහොම උපහාරයක් සංවිධානය කර අයට මගේ උත්තමාචාරය (ස)

:       0       0

දයා-සවුදි Saturday, 13 October 2012 06:26 PM

ජූජාත ජූජනීයානං ඒතං මංගල මුත්තමං.. (නි)

:       0       0

සමුදි Saturday, 13 October 2012 12:51 PM

පායන ඔබට මගේ උපහාරය. (අ)

:       0       0

සේනාධීර Friday, 12 October 2012 10:20 PM

ඔබතුමාට පින් සිදු වන්න ඉගෙනගත්තා. (නි)

:       0       0

සංජීව Friday, 12 October 2012 10:50 PM

ඔබට අපි සදා ණයගැතියි. (නි)

:       0       0

නිශාන්ත Friday, 12 October 2012 04:18 PM

කන්නන්ගර ශ්‍රීමතානන්ගේ ගුණ ඉහළින්ම සමරා නිදහස් අධ්‍යාපනයට නව ජීවයක් ලබාදිය යුතුයි. (නි)

:       0       0

හසන්ති Saturday, 13 October 2012 01:37 PM

ජයවේවා

:       0       0

ගාල්ලගේ Friday, 12 October 2012 05:09 PM

සංජීව, ඔබ මේ රටේ ලබාගන්න පුළුවන් නිදහස් අධ්‍යාපනය ලබාගෙන තිබෙන බවක් පෙන්නේ නැහැ, ඔබගේ කතාවෙන්. දැන්වත් පොඩ්ඩක් මොනවා හරි ඉගෙන ගන්න බලන්න. ඉංග්‍රීසි අධ්‍යාපනය ඕනෑ නම් යන්න පිට රට කරුණාකරලා. (නි)

:       0       0

උපමාලි Saturday, 13 October 2012 03:26 AM

උපහාරයක් සංවිධානය කර අයට මගේ උත්තමාචාරය(නු)

:       0       0

සිල්වා Friday, 12 October 2012 05:46 PM

ඔබගේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්නට ලංකාව සාක්ෂරතාවය තුළින් අනෙකුත් බොහෝ රටවල් අභිභවා ඇත. (නි)

:       0       0

බණ්ඩාර Friday, 12 October 2012 06:11 PM

ලංකාවේ හිටපු හොදම දේශපාලකයෙක් (දී)

:       0       0

සජිත් Friday, 12 October 2012 06:13 PM

බොහොම වටිනා මනුස්සයෙක්

:       0       0

ප්‍රගීත් Saturday, 13 October 2012 08:47 AM

ගාල්ලගේ, ඔබ තවමත් ඉන්නේ වනන්තරේද? (නි)

:       0       0

නයනජිත් Saturday, 13 October 2012 09:03 AM

ඔබ නිසා ඉගෙනගෙන, අද රැකියාවක් කරමින් ජීවත් වෙන දහස් ගණනක් වූ ලාංකීය දරුවන්ගේ ප්‍රණාමය ඔබට! (නි)

:       0       0

හේරත් Sunday, 14 October 2012 04:21 AM

හොද වැඩක්

:       0       0

සුරංග Saturday, 13 October 2012 04:00 PM

දැන් ඉන්න අය කවුද කියල ඔබ තුමා දන්නවානම්? (අ)

:       0       0

සංජීව Friday, 12 October 2012 02:04 PM

ඉංග්‍රීසි අධ්‍යාපනය නැති කරපු එකේ පාඩුව දැනෙන්නේ මේ වගේ වෙලාවට තමයි. (නි)

:       0       0

ලමාක් Friday, 12 October 2012 02:14 PM

එකටත් හරියන්න දැන් ඉන්න අය (ස)

:       0       0

සරත් Friday, 12 October 2012 02:46 PM

ඔබතුමාට මාගේ නමස්කාරය..... (ස)

:       0       0

දුමින්ද Saturday, 13 October 2012 11:32 AM

මේ වගේ උතුමෙක්ගේ චරිතයෙන් ආදර්ශයක් ගන්න දැන් ඉන්න අයට බැරි උනානේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 226 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1078 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 166 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2869 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 339 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site