ජාතික විදුලිබල පද්ධතියට අයත් මාවුස්සා කැලේ ජල ධාරීතාව 15% දක්වා පහළ බැස ඇතැයි විදුලි බල මණ්ඩලය කියයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ පවතින වියළි කාලගුණයද ප්‍රයෝජනයට ගනිමින් මාවුස්සාකැලේ ජලාශයේ සිට ලක්ෂපාන නව විදුලිබලාගාරය දක්වා ජලය ගෙන යන උමං මාර්ගය වසර 35 කට පසු නඩත්තු කිරීම් කටයුතු අරඹා ඇතැයිද මණ්ඩලය සඳහන් කරයි.
ඒ සඳහා මාසයක් පමණ ගත වනු ඇත.
ඒ කාලයේදී ලක්ෂපාන කැනියන් හා නව ලක්ෂපාන ජලාශ වලින් විදුලිය නිෂ්පාදනය නොකරන බවත් මණ්ඩලය කියයි.
කාසල්රී ජලාශයේ ධාරිතාව 55% ක් බවත් එහි ජල විදුලිය නිපදවන බවත් මණ්ඩලය පවසයි.
මේ අතර කැලණි තිස්ස තාප බලාගාරයද ,නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයද රන්දෙනිගල හා රන්ටැඹේ විදුලි බලාගාර ද නොයෙක් කාර්මික හේතු මත විදුලිය නිෂ්පාදනය නවත්වා ඇත.
එහෙත් විදුලි කප්පාදුවක් නොකරන බවද මණ්ඩලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මණ්ඩලයද කිව්වේ විදුලි කප්පාදුවක් නොකරන බව? ටීවී නිව්ස් වල කිව්වා විටින් විට විදුලිය කප්පාදු කරනවා කියා (දිල්)
තව ගස් කපන්න එතකොට තවත් තේරෙයි. අපේ මෝඩ මිනිසුන් ඕකටත් ආණ්ඩුවට බනිවි(දිල්)
අය්යෝ වතුර නැති වුණාට අපිට නොරොච්චෝලේ බලාගාරේ තියෙනවනේ බය වෙන්න දෙයක් නැහැ(දිල්)
රටේ අපරාධ වැඩි නිසා දෙවියන් කෝප වෙලා වෙන්නැති (දිල්)
''විදුලි කප්පාදුවක් නොකරන බව මණ්ඩලේ කියයි''ඒ හින්ද වෙන්ට ඇති සමහර වෙලාවට පැය පහක් ,හයක් විදුලිය නැති වෙන්නේ .(දිල්)
මනෝජ් එකට කියන්නේ විදුලි කප්පාදුවක් කියල නෙමෙයි. විදුලිය බිද වැටීමක් කියල . ඉස්සරහට තව තව තම වචන එයි . හැබැයි හැම එකෙන්ම වෙන්නේ අපිට කරුවලේ ඉන්න වෙන එක. (අ)
මේ කරන්න යන්නේ විදුලි බිල වැඩි කිරීමට නව උපක්‍රමයක් බාවිතා කිරීම බවයි මට පෙනෙන්නේ .. (අ)