බොරලැස්ගමුව වැව ළගදී පෙම්වතිය සමඟ සිටි පෙම්වතාට කළු ගලකින් පහර දුන් බව කියන තරුණයෝ තිදෙනෙක් පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ.
පෙම්වතා පෙම්වතියට පහර දීම මෙම පහර දීමට මුල් වු හේතුව බවත් පහර කමින් දිවු පෙම්වතාට වැදුණු කළු ගල් පහරින් ඔහු සිහිසුන් වු බවත් කියති.
ඔහුගෙන් මෙතෙක් කට උත්තරයක් ගෙන නැතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්චි, ගල් සෙල්ලම් වලට ගන්නේ කළු ගල් නෙවි නේද?(නදී)
අපි නම් ගල් ගැහුවේ පොඩි කාලේ. දැන් ගල් ගහන්නේ නැහැ. ඒ කාලේ ගල් ගහන්න ලැබෙන්නෙත් කලාතුරකින්.(නදී)
ගල් ගහන්න එපා අපි පොල් ගහමු (නදී)
පිටින් ආපු කොල්ලට ගල දුන්නේ කෙල්ල නම් මෙය 'මනමේ' කතාවට ටිකක් සමානයි වගේ. (නදී)
ගොඩාක් හොදයි (දී)
මෙහෙමත් මිනිස්සු තමයි (දී)
අනේ ඇත්තට අපේ කොල්ලොන්ට නිකන් ඉන්න බැහැ. ඉඳල හිටලා කොහේ හරි තියෙන දෙඹර ගොට්ටට ගලක් ගහනවාමයි. (ස)
මම නම් ඔය කාලේ පෙම්වතියට ගහනවා තියා වචනයක් කිවුවේත් හරිම පරිස්සමෙන් තරහ වෙයි කියල බයේ...කොටින්ම කියනවා නම් මම අද වෙනකම් එයාගෙන් ඇහුවේ නැහැ මට කැමතිද කියලා...බැහැ කියයි කියලා...ඔන්න ඔහේ ඕන දෙයක් වෙද්දෙන් කියල බැඳල දැම්මා... (ස)
මම හිතන්නේ අපේ කට්ටියට මේ ප්‍රවෘත්තිය සංවාදයට හොඳ එකක්. රූපවති, සමදරා, කටා මාම, පහන් ආදී සියලු දෙන තම තමන්ගේ කතා දමනතෙක් බලා සිටිමි. (නි)
අනුන්ගේ මගුල්වලට හොට දාන්න එපා කියලා වැඩිහිටියෝ කියන්නේ නිකම් නෙමෙයි. අනික, රණ්ඩු බේරන්නේ ඔහොමද? තුන්දෙනෙක් ඉන්න එකේ බය නැතුව ළඟට ගිහින් ප්‍රශ්නය හොයලා තරුණියට උදව්වක් අවශ්‍ය නම් ලබාදෙනවා මිසක් ගල් වලින් ගහලා රණ්ඩු බේරන සිරිතක් තියෙනවද? මේ තුන්දෙනා එක්කෝ වෙන අරමුණකින් වැඩකරලා තියෙන්නේ. නැත්නම් මෝඩයි. (නි)
අමිල පුතා හොඳ අදහසක් දාලා (නි)
අනේ මට නම් මොකුත් කියන්නේ බැහැ.මොකද අපි දන්නේ නැහැනේ ගලේ තරම කොහොමද කියලා. (නි)
ගල් සෙල්ලම් හොද නැහැ ගලක් ගහනවා තියා ගලක් අතින් අල්ලන්නවත් හොද නැහැ (නදී)
පෙම් කරන කාලෙත් කෙල්ලට ගුටි දෙනවානම් බැන්දට පසු දෙයියන්ගේම පිහිටයි.නොගැළපෙනවා නම් ඒ කාලෙම ඉවත් වෙන්න. බැදලා අන්තිමට දුක් විදින්නේ අහිංසක දරුවෝ. (නි)
ඕකනේ කියන්නේ ගල් සෙල්ලම් හොඳ නැහැ කියලා. (නි)
කොහොමටත් ගෙහැනු ලමියින්ට උදව් කරන්න ගොඩක් අය කැමතියිනේ.(නදී)
අනේ කුරුළු කුඩු වලට ගල් ගහන්න එපා. කැටකැබිලිති දුකින් සැදු කුරුළු කුඩුවේ......... (නි)
පෙම්වතුන්ගේ ප්‍රශ්නය පෙම්වතුන්ටම විසඳගන්න දීලා තමන්ගේ වැඩක් බලා ගත්තා නම් පොලීසියේ කුඩුවේ ලගින්න වෙන්න නැහැ නේ. (නි)
ගල් ගහලද?(නදී)
අනුන්ගෙ කුඩුවලට ගල් ගහන්නේ ඇයි(නදී)
අපිත් ගල් ගහනවා කාටවත් අපෙන් කරදරයක් නෑ හොදට නින්ද යනවා.(නදී)
කෙල්ල කිවුවද දන්නෙ නැහැ අපි බදිමු කියලා? (නි)
බදින්න පෙර මෙහෙම නම් පසුවට කොහොමට තියෙයිද? (නි)
ගල්වලින් ගහලා තරුණයට සිහිය නැති වුණා. බැරිවෙලාවත් ඊට වැඩිය ලොකු කරදරයක් වුණා නම් අර තරුණයෝ නිකන්ම කරදරයක පැටලෙනවා (නි)
වැරදි ඔය කොල්ලෝ ටික නෙවෙයි.(නදී)
ගල් වලින් ගහගන්න නම් එපෝ. (නි)
දබරයක් බේරීම හොද දෙයක්.නමුත් පහර දීම අනුමත කරන්න බැහැ. ඔය වාගේම කරන මෝඩ වැඩක් තමා රිය අනතුරුවලදී වරද නිවැරැද්ද හොයන්නෙ නැතුව රියදුරාට පහර දෙනවා. අපේ රටේ ඔය නීතියට දඩුවම් කළයුතුයි. උසාවි පොලීසි තියෙන්නෙ වැරදි කරන අයට දඩුවම් කරන්න. (නි)
මේ අයට හොඳ දේශපාලන පක්ෂයක සාමාජිකත්වය අරන් දෙන්න ඕනෑ. (නි)