දඹුල්ල කුරුණෑගල මාර්ගය අවහිර කරමින් දඹුල්ල ක්‍රීඩංගනය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුනු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරද්දි ක්‍රිඩා ලෝලින් පිරිසක් ක්‍රිඩාපිටියට පැන ගත්හ. තවත් පිරිසක් මාර්ගය දිගේ දඹුල්ල දෙසට දිව ගියහ. මෙම හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවති. ක්‍රීඩාපිටිය ඉදිරිපිට යකඩ වැට කඩා දමමින් එහි තිබූ බැනර් ඉරා දමමින් ක්‍රීඩා ලෝලීන් පිරිසක් අද සවස කළහාකරි ලෙස හැසිරෙමින් ක්‍රීඩාපිටිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව පොලිසිය පවසයි. ක්‍රීඩ තරගය නැරඹීමට ටිකත් පත් නොලැබීම නිසා මෙම පිිරිස මෙසේ කලහාකාරි ලෙස හැසිරිණි. දඹුල්ල ක්‍රීඩාංගනයේ ඇත්තේ ආසන 20,000කි. සියලුම ටිකට් පත් පෙරදින වන විට අන්තර්ජාලය හරහා අලෙවි වී අසන්ව තිබු බව ක්‍රීඩාපිටිය බාර සුජිව ගොඩලියන මහතා පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා ගහපු අය (බ)
රටකට ඕනී අපමණ අගයක් , ඔබට සතුටුද දැන් (බ)
මේ රජරට පැත්තේ මිනිස්සු කොළඹ ගිහින් මැච් බලන්නයැ. ඒ මිනිස්සුන්ට අන්තර්ජාල නැතුවට ටිකට් ගන්න ක්‍රමයක් හදන්නම බැරිද...? (බ)
ටිකට් ඉවරයි නම් ඉවරයි.එච්චරයි. දැන් ඉතින් කවුරුහරි කමෙන්ට් දායි පිට්ටනියේ ප්‍රේක්ෂකාගාරය ලොකු කරල නැති එකයි වරද කියලා. (බ)
බ්‍රෝ මෙච්චරයි කියන්න තියෙන්නේ ඉන්දියාවේ තත්වෙට නම් වැටෙන්න එපා (බ)
අපිත් ඉන්දියාව ළගටම ඇවිල්ල වගේ (බ)
චාමර වලිගෙ පාගගෙන වගේ (බ)
අන්තර්ජාලයෙන් ටිකට් විකුණලා හරියන්නේ නැහැ. දුප්පත් මිනිසුන්ට තරඟයක් බලන්න පුළුවන් විදිහට ක්‍රීඩාගාරයේ දොරටුවෙන් යම් ටිකට් ප්‍රමාණයක් විකිණිය යුතුය (නි)
හැමදේකටම දේශපාලනය ගාවාගන්න එපා. මේක රජයේ වරදක් නොවෙයි. ආසන ප්‍රමාණයට ටිකට් අළෙවිවෙලා ඉවරවුණාම කාටවත්ම කරන්න දෙයක් නැහැ. ලංකාවේ ඉන්න සියලුම ක්‍රීඩාලෝලීන් මෙතනට ගියානම් පිට්ටනියේ කොහොමත්ම ඉඩ නැහැනේ. ඒකට රජයද පළි? (නි)
මේවට ඉඩ දියයුතු නොවේ. වහාම කළයුතු වන්නේ ක්‍රීඩාගාරය වැඩිදියුණු කිරීම පමණය. දඹුල්ල වැනි පෙදෙසක එය පහසුවෙන් කළ හැක (නි)
එක එක්කෙනා තමන්ගෙ අරමුණු වෙනුවෙන් තරඟ වදිනවා. මම වැස්සට නොතෙමි යන්න වාහනයක් ගන්නත් විදේශයක සුපිරි ගොඩනැගිල්ලක් ඉදිකරන්නත් සිහින දකිනවා (නි)
කාට කාටත් වලිගෙ පෑගිලා වගේ කියලයි මට හිතෙන්නේ (නි)