(සුජිත් හේවාජුලිගේ )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව හිතුමතේ කටයුතු කරන තත්වයක් පවතින හෙයින් එලෙස කටයුතු කිරීම නැවැත්වීමට එම සභාපතිවරයා වහාම කැඳවා උපදෙස් දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවමින් අද (30) ඉල්ලීමක් කළේය.
කෝප් කමිටු සභාපතිවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන බව තමා මෙන්ම සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද පසුගියදා පැවති තේරීම් කාරක සභාවේදී කතානායකවරයාට පෙන්වා දුන් බව එම ලිපියේ දැක්වේ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 අනුව කෝප් කාරක සභාවට යම් විමර්ශනයක් කළ හැක්කේ රජයේ විගණකාධිපතිවරයාගේ විගණන විමසුම්(Audit Query) මගින් හෙළිදරව් කරන කාරණා ගැන පමණක් වුවත් වර්තමාන කෝප් කමිටු සභාපතිවරයා වෙනත් කාරණාද ස්ථාවර නියෝග වලට පටහැනිව සාකච්ඡාවට ගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා එය වැරදි ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය.
එසේම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යම් ආයතනයක කටයුතු විමසන අවස්ථාවේදී ඒවායේ නිලධාරීන් විස්ස විසි පහ එකවර ගෙන්වීම ඒ ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමට විශාල ප්‍රශ්නයක් යැයි එම නිලධාරීන් තමාට පැමිණිලි කර ඇති බවත් යම් කාරණයක් විමසීම සඳහා ආයතනයකින් නිලධාරීන් පස්දෙනෙකු කැඳවීම ප්‍රමාණවත් බවත් කිරිඇල්ල මහතා කතානායකවරයාට එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කතානායකවරයා හමුවී සාකච්ඡා කිරීමටද තමා බලාපොරොත්තු වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’කෝප් ලොක්කා හිතුවක්කාරයි’’
Galapita Tuesday, 30 May 2023 01:11 PM
ඔව් ඔව්. නුඹලාගෙ වෘශණ දෝලනය කරන ලෙවල් එකේ එකෙක් පත්කරගත්තොත 225 ටම හොඳයි නෙ?
සසර Tuesday, 30 May 2023 05:47 PM
දේශපාලන සම්ප්‍රප්පලාප වලට වෙන් කල අවකාශය කෘෂිකාර්මික තොරතුරු වෙනුවෙන් වෙන් කලා නම් රටට ලොකු සෙතක් වෙයි.
Nimal Tuesday, 30 May 2023 09:48 PM
පිස්සු හැදෙන සඳ.