කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම ඉදිරියේදී සිදුවන බවත්, කෝප් කමිටුවේ සභාපතිවරයා පිළිබඳ විශ්වාසය තබා ඇති බවත් රනිල් වික්‍රමසිංහ අගමැති අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පැවසීය.
බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ සැලැස්මක් පවතින බව පෙනෙන්නට ඇති බව වීරවංශ මන්ත්‍රිවරයා කීය.
බැදුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විටත් එහි සකස් කර අවසන් කොටස් පරිවර්තන හා මුද්‍රණ කටයුතු සඳහා යොමු කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන්මුල්ලේ උපවාසයක්වත් කරමුද? (නි)
රතු අලි ඩීල් එළිවෙයිද මන්දා මේ යන විදියට! සීනුව අලියාගේ කරේ එල්ලලා තියන බව ටික දෙනෙක් දැනගෙන හිටියට රටේ සාමාන්‍ය ජනතාව තාම තේරුම් අරන් නැති එකනේ පුදුමේ. (නි)
පාර්ලිමේන්තුවේ මෙතුමාගේ හැසිරීම නම් කොහෙත්ම අනුමත කරන්න නොහැකියි (නි)
අපිට නම් කිසිම විශ්වාසයක් නැහැ (නි)
අපේ ලංකාවේ මිනිස්සු අති බහුතරයක් කැමති නැහැ හොරකමට. නමුත් ප්‍රශ්නය වෙන්නේ ඔව්න් නියෝජනය කරන පක්ෂයෙන් පිටට එක අඟලක්වත් යන්න දක්වන අකමැත්ත. එ් නිසානේ ඒ ඒ පක්ෂවල ඇස් පනාපිට කරන හොරකම් වහන්න වචනයෙන් හෝ දායක වෙන්නේ. ඒ ඔව්න් හොරකම අනුමතකරන නිසා නොවෙයි. තමා නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් ඕනෑම ජරා වැඩක් කරන්න සැදී පැහැදී ඉන්න නිසා. (නි)
මේක හරියට හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා වගෙයිනේ (නි)
වාර්තාව එනතුරු ටිකක් ඉවසන්න. මිනිස්සු වැරදිකරු කරන්න හෝ නිවරදිකරු කරන්න ඉක්මන් වන්න එපා. තමා පිළිගන්න දේශපාලන පක්ෂය අනුව බලන්නත් එපා. ඒවා අදාළ ආයතන විසින් තීන්දු කරාවී. අපේ රටේ මිනිසුන්ට අකුරු හැකියාව තිබුණට මොළෙත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව හිතන්නත් බැහැ. (නි)
අගමැතිතුමනි, මොනදේ වුණත් කෙළින් උත්තර දෙන එකට සතුටුයි. එ්ත් අපි හැමෝම බලාගෙන ඉන්න බැඳුම්කර සිද්ධියට මොකද වෙන්නේ කියලයි (නි)
සුමුදු, මට ප්‍රධාන පක්ෂ දෙකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හොරකම් කරනවා කියලා ලියලා තිබුනේ කොතනද කියලා පෙන්නන්නකෝ. විශේෂයෙන්ම එජාපෙ බලය ඉල්ලුවේ හොරු අල්ලලා හොරකම නවත්වන්න. ජවිපෙට නෙමෙයි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හොරකම නවත්වන්න පුළුවන්. (නි)
ජවිපෙත් එක්ක තියෙන ඩීල් එක ගැන අපි දන්නවා හොඳටම (නි)
ඇන්ටන්, අැයි උගත්කම තියෙන්න ඕනෑද හොරකම් ගැන අහන්න? (නි)
ජවිපෙත් එක්ක හොඳ ඩීල් එකක් දාලා කියලයි අපිට නම් හිතෙන්නේ දැන් (නි)
විශ්වාස නම් මොකද තමුන්ගේ හෙන්චයියෝ දමල වැඩේ අල කරන්නේ? (බ)
අපි ඡන්දෙ දුන්නේ ආණ්ඩු කරන්න. අපි ජේවීපී එකට බලයක් දීලා නැහැ. කරුණාකරලා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. හොරකම් කළත් ජවිපෙට ඒවා නවත්වන්න බැහැ. මොකද අපි බලය දීලා තියෙන්නේ මේ පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වලටයි. අපි කවුරුත් දැනගෙන හිටියා ඡන්දෙ දෙනකොටම මේ පක්ෂ දෙකම හොරකම් කරන බව. (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
ලංකාවේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන අපේ නම් ප්‍රසාදයක් නැහැ (නි)
ඇන්ටන් ප්‍රනාන්දු, ඔයාගේ නොදැනුවත්කම තමයි ඔබ පළකර ඇත්තේ (නි)
ලංකාවේ සමහරක් මිනිස්සු බලා ඉන්නේ කෝප් වාර්තාවෙන් අර්ජුන් මහේන්ද්‍රන්ව නිර්දෝෂයි කියලා එනවා දකින්න. ඒ ඔවුන් නියෝජනය කරන පක්ෂයේ ලොක්කෝ හොරු රකින්න ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්නා හැටි පෙනෙන නිසා. නමුත් ඒ මිනිස්සු දන්නේ නැහැ හොරා කෑවේ අපේම සල්ලි කියලා. කෝප් කමිටුව ඔහුව වරදකරු ලෙස නම්කර දඬුවම් නිර්දේශ කරන බව නම් ඉර හඳ සේ ස්ථිරයි (නි)
දැන් ඔය එන්නේ නම් ඔර්ජිනල් වාර්තාව නොවෙයි. සැර බාල කරලා දෙගොල්ලොම බේරෙන වාර්තාවක් වුණත් අපි නම් පුදුමවෙන්නේ නැහැ (නි)
සර් බෙල්ජියමේ චෝකටල් රසයිද සර් ? (අ)
ලොක්කා ජවිපේ එකත් එක්ක ඩිල් එකක් ගෙන වගේ (අ)
අවසානයේදී , මහේන්ද්‍රන් නිර්දෝෂී කියල කියයි . එතකොට අපිට කියන්න වෙන්නේ නටපු නැටුමකුත් නැහැ , බෙරේ පලුවකුත් නැහැ කියලයි .(බ)
මෙයා හැම එකටම කට දාන්නේ ඇයි උගත්කමටද ? (බ)