නකල්ස් කඳුවැටිය පාමුල උඩුදුම්බර මීමුරේ කුඹුක්ගොල්ල ගම ගිරි දුර්ග ,වන දුර්ග හා ජල දුර්ග සහිත අති දුෂ්කර පෙදෙසෙකි.
පාසලට යාමට දරුවනට කිලෝමීටර් 10-12 පයින් යෑමට සිදුවේ.මේ ගමේ සිට මී මුරේ කයිකාවල පාසලට දුර කිලෝමීටර් දොළහකි.
සුදු ගවුමේ මඩ නොගෑවෙන පාවහන් දෙකක් පැළැදගෙන පයින් යා හැකි පාරක් ඇත්නම් කාපට් මාර්ග ඕනෑ නැතැයි අචිනි චතුරි වත්සලා සිසුවිය කියන්නීය.
මේ ගමේ පාසල් නොයන දරුවෝ බොහෝ වෙති.උප්පැන්න සහතිකයක් පවා නොමැති ළමෝ එහි සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට ඔය දරුවන් පාසල් යන්නේ උදේට කහට කෝප්පය බීලා වෙන්නත් පුළුවන්. ඒ තරමට රටේ දුක් විදින මිනිස්සු ඉන්නවා.(නදී)
මේ පළාතේ අයත් හම්බන්තොට ආසන්නව වත් හිටියා නම් මේ පහසුකම් ලැබේවි.(නදී)
රටේ දියුණු ප්‍රදේශයක උපදින්න මේ දරුවන් වාසනාව අහිමි වෙලා. (නි)
දරුදුක දන්න උගතුන් රට කරන වෙලේ... අකුරක් කරන්නට වෙර ගන්නා තාලේ... (නි)
රජිත් සිල්වා, සොයුර ඔබගේ අදහස කියවන විට, මාහට තරහක් ඇති විය මේ දුප්පත් මිනිස්සු ගැන මිට වඩා දෙයක් ලියන්න තිබුනෙම නැද්ද ඔයාට. මෙම දරුවන්ගේ ඉල්ලීම ජනපතිතුමාගේ දෙසවන් වලට ඇසේවා. දෙනුවන් වලට පෙනේවා.(නදී)
අකිල, අංජුල, ඔයාලත් ලංකාවේ මේ පැතිවලට ගිහින් බලන්න. පින්තුරෙන් පේන ලස්සන ඒ අයගේ ජීවිතවල නැහැ. ඒකයි ඇත්ත. අසනීපයක් උනාම බෙහෙතක් ගන්න මේ ළමයි , වයසක උදවිය කොහොමද යන්නේ. රංජිත් සිල්වා මහත්තය කියනවා වගේ තරු පහේ රැකියාවක් කරගෙන ශීත කළ කාමරයක ඉන්නේ නැතුව මේ මිනිස්සු මොකට දුක් විදිනවද කියලත් හිතෙනවා.(නදී)
මෙතන අදහස් දාන මිනිස්සු මොන ජාතිය යද කියල හිතා ගන්නවත් බැහැ. අර දරුවන් කිලෝමීටර් 10-12 ගෙවලා පාසලට යනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? ගංඟා වලින් පැන පැන දුක් විදගෙන තමයි මේ දරුවෝ යන්නේ. ඔය දුර කතර ගෙවාගෙන යන්නෙත් සමහරවිට තේ කහට කෝප්පයක් බීලත් වෙන්න පුළුවන්. ඔය බයිල ගහන අයටත් කිලෝමීටර් 10-12 දුර කතර ගෙවලා යන්න වුනානම් ඒ දුක තේරේවි. පාට කන්නාඩි ගලවල සත්‍ය තේරුම් ගැනීමට හැකි වේවා.(නදී)
අදි වේගී මාර්ග හැදුවම 70% ක්ම කොමිස් ලැබෙනවා. ඔය දුෂ්කර පාරවල් හදල සල්ලි ලැබෙනවද? (නදී)
මෙහෙ අදිවේගී මාර්ග ගැන කතා කියනවා. ඒත් හවස 7 න් පස්සේ ගෙදර යන්න අපිට බස් එකක් නැහැ.(නදී)
අසෝකා ඔබ හරියටම හරි.(නදී)
අසෝක, ඔබ හරි. රටට මෙහෙම වෙලා තිවෙන්නේ මේ වගේ අය නිසා.(නදී)
කිලෝමීටර් 10-12 පයින් යනවා තියා ඔය කියන අය තමුන් වැඩ කරන ආයතනයේ ලිෆ්ට් එක නැතිව 2 වෙනි තට්ටුවට නගිනවද බලන්න.(නදී)
ඉස්සර ප්‍රභාකරන් කළෙත් දමිල මිනිසුන්ගේ මොළ හෝදපු එක. දැන් කරන්නෙත් ලංකාවේ සිංහලයන්ගේ මොළ හෝදන එක. ඒකනේ මේවගේ අදහස් එන්නේ.(නදී)
මේකේ තියන සමහර අදහස් මේ අයට බලන්න බැරි එක හොදයි. (නදී)
ඔබ කැමතිද ඔබේ දරුවා ගංඟා වලින් පැන පනැ ජීවිතයේත් මරණයත් අතර කිලෝමීටර් 10-12 දුරක් විතර ගෙවලා පාසල් යනවට ?(නදී)
රංජිත් මහතා කියන විදිහට රජය වැය කරන හැම දෙයකින්ම ආයෝජනය වෙනවද? (නදී)
පුදුම විදියට සෞන්දර්‍යයට ආදරය කරන පිරිසක් ලංකාවේ ඉන්නේ. හැබැයි දේශපාළුවන් විසින් රක්ෂිත වනාන්තර විනාශ කරද්දී ඔය අදහස් ගලා නොඑන එකයි කනගාටු.(නදී)
මගේ තාත්තාගෙන් මම ඉගෙනගත්තු දෙයක් තමයි හරි දේ හරි වැරදි දේ වැරදියි කියන එක. (නදී)
දැන් 5 වසර ශිෂ්‍යත්වයත් නැති කරලා දැම්මම ගමේ දරුවෝ ගමේම පාසැලකට ගිහින් පාසල් ගමන ඉවර කරනවා. පිරිමි දරුවන් හමුදාවටත්, ගැහැණු දැරුවන් මැදපෙරදිගටත්, ඇගලුම් කම්හල් වලටත් යවන්න පුලුවන්.(නදී)
පාර හදන්න කලින් ළමුන්ගේ ගෙවල් අවට පහසුකම් සහිත පාසලක් හැදුවොත් හොඳයි. ඒත් ඉතින් ගුරුවරු ගෙන්න ගන්න ලෙහෙසි වෙන්නේ නෑ.(නදී)
රක්ෂිතය විනාස කිරීමට ඉඩ දිය නොහැක . මට හිතෙන්නේ මෙයාල අනවසර පදිංචි කරුවන් සමහරුන්ට උප්පැන්නයක්වත් නැහැ කියන්නේ.අර සමහරු කියාපු විකල්ප වැඩේ තමයි කරන්න වෙන්නේ. (නදී)
මේ මිනිස්සු ඉස්කෝල, ළඟ ආරක්‍ෂිත තැන්වල තට්ටු නිවාස හදල පදිංචි කරවන වැඩ පිළිවෙලක් පටන්ගන්න දැන්වත් බැරි ඇයි? (නදී)
අපේ රටේ ගම්වල ජනතාව බොහෝ දුක් විදිති. ඒත් පාලකයන් මේවා දන්නේ නැත.(නදී)
ජය වේවා තිලක් ඩුබායි මල්ලියට.(නදී)
මේක ලංකාවේ ගමක් වෙන්න බැහැ නේද මහා මාර්ග ඇමති තුමෝ.(නදී)
කරුණාකරලා මට මේ ගමේ විස්තර සහ ලංකාදීප වාර්තාකරුගේ විස්තර ඊමේල් කරන්න. මම මේ සදහා වැඩසටහනක් කරන්නම්.(නදී)
ස්වබාවික පරිසරයට කිසිඳු හානියක් නොවන ලෙස අඩුම තරමේ ගසක් වත් නොකපා පාරක් හදන්න. එසේ නැතිව මේ ලස්සන ඇළ දොළ ගස් ගල් විනාස කොට හදන පාරෙන් වැඩක් නැහැ. (නදී)
පරිසරයට හානි නොකර පාරක් හදන්න බෑ. පාර හදනකොට කෑ ගහන්න පටන් ගන්නවා කැලේ විනාස කරනවා කියලා. අපේ මිනිස්සුන්ගේ හැටි එහෙමනේ. (නදී)
මේ සෑම දෙනාගේම අදහස් කියෙව්වට පස්සේ මට මෙහෙම හිතුනා. අපේ පරිසරය රැක ගන්න ගහකොළ,ගංගා, කැලෑව ආරක්ෂා කරගන්න ගම්මානවල වල ඉන්න අයව ගෙනල්ලා නගරයේ පදිංචි කළොත් හොදයි කියලා.(නදී
සුන්දර ගමේ අසිරිය දැක ගැනීමට සතුටක්. ගමේ අනන්‍යතාවය රැකෙන විදියට මෙය වෙනස් කල යුතුය. (නදී)
ඇවිදින්න පුළුවන් හොඳ පාරකට වැඩිය ඔය පාර හොදයි දුවේ. අපි බොන්නේ දුහුවිලි පිරුණු වාතය. ඒ අතින් ඔය දරුවන් කොච්චර පින් කරලද? (නි)
මේවා පින පව අනුව සිදුවෙන්නේ කියලා අත හෝදගන්න ක්‍රමයක් තමා රටට පුරුදු කරලා තිබෙන්නේ. මේවා මෙහෙම සිදුවෙන්නේ ක්‍රමයේ තිබෙන වැරැද්දෙනි.(නදී)
මේ පළාත් සමහරවිට රක්ෂිත වනාන්තර වෙන පුළුවන්. හැව කැලෑවකටම පාරවල් දැම්මහම සතුන්ගේ ජීවන රටාව වෙනස් වෙනවා. මේ අයට ගමක් හෝ පාරක් අසලින් ගෙවල් හදා දුන්නා නම් හොදයි. ලාබෙට ඉඩම් අරගෙන දැන් පාරවල් ඉල්ලනවා. නැත්නම් කැලෑව අල්ලාගෙන ඉන්න අය වෙන්න පුළුවන්. පාරක් කියන්නේ සෙල්ලම් වැඩ නෙවේ. ඔය වියදම් කරන මුදල් ආයෝජන වෙන්න ඕනේ. කොහොමද මේවට පාරවල් දැම්මහම ඉතිරි කැලෑ ටිකත් ඉවර වේවි. (නදී)
ආසියාවේ ආශ්චර්යය තමා මේ.(නදී)
එක පාරටම දැක්කාම නම් හරිම සුන්දරයි. ඒත් මේ දරුවෝ පව්. ඉගන ගන්න මොන තරම් දුකක් විදිනවද? සංවර්දනය කරන්න පටන් ගන්න ඕනි මේ වගේ දුෂ්කර ගම්මාන වලින් තමයි. මුලින්ම.බබාල ලැබෙන්න ඉන්න අම්මලා මොනතරම් දුකක් විදිනවා ඇතිද. ගොඩක් පව්.(නදී)
අයියෝ ඕවා මෙනෙවද? අපි ලැම්බෝගිනි අරගෙන හෙට පදිමුකෝ.(නදී)
අවුලක් නැහැ. කාර් රේස් ඉවර වුනහම සලකලා බලයි.(නදී)
ඒ අර චෝගම් කාලේ දිගට හරහට පාරවල් කාර්පට් කලේ ඔය පාර කාර්පෙට් කරලා නැද්ද ? (නදී)
මට නම් හිතෙන්නේ මොවුන්ට වෙනත් පහසුකම් තිබෙන ප්‍රදේශයකින් නිවාස ලබා දෙන එක වඩා උචිත. පාරවල් හදල තවත් ජනාවාස ඇති කරන්න ගියොත් මෙම සුන්දර පරිසරය විනාශ වෙනවා. (නදී)
කවුද මේ පැත්තේ මන්ත්‍රී? (නදී)
පාර හැදුවම බස් එකක් ලබා දෙන්න වෙනවා. කිලෝමීටර් 10 - 12 කොහොමද ඇවිදින්නේ. ඊට පස්සේ පාර කාර්පට් කරන්න වෙනවා බස් එක යන්න. ටිකෙන් ටික සුන්දර මීමුරේ විනාශ වෙනවා. ඊට වඩා හොද නැද්ද මොවුන් සියලු දෙනා පහසු කම් ඇති ප්‍රදේශයකින් පදිංචි කරන එක. (නදී)
හිරු එන්න පෙරාතුව ගව් ගණන් දුර ගෙවා.....වන ලැහැබ්, ඇළ දොලද ගිරි දුර්ග පසුකරන්......දිනපතා අව් වැස්සේ ශිල්ප හල වෙත ඇදෙන.....ඔබේ පින්තුරයෙන් මගේ හදම සසැලුනා .... කාටවත් නොම පෙනෙන....කාටවත් නොම දැනෙන....අපෙම ලක් මව් බිමෙහි.......මන් මාවතක් නැතිව... . තනිවෙච්ච ගම්මානෙ....අහින්සක පැටව් දෙස.... බලනු මැන දෙවියනේ...ඉල්ලන්නේ ඒ ඇත්තෝ.....මිල මුදල් , සැප නොවෙයි....මේ පුංචි දරුවන්ට...හෙට ලොවට පිවිසෙන්න ....ගමට යන 'මාවතක්'.....(නදී)
ගෙදරක වුනත් ගොඩක් අපි කැමතියි සාලේ ලස්සනට තියාගන්න. කුස්සිය ,ඉස්ටෝරු කාමරේ , නිදන කාමර කෑම කාමර ගොඩක් ගෙවල්වල පිළිවෙලක් නෑ. ඒ නිසා රටටත් ඒ තියරිය පොදුයි. චාර්ල්ස් මහත්තය වගේ කට්ටිය දුම්බර මිටියාවත බෙදාගන්න යනවයි කියලද මොකෝ? (නදී)
පුලුවන්නම් පින් සිද්ද වෙන වැඩක් ඔන්න ජනාදිපති තුමනි.(නදී)
වන මැද සත්තුන්ට තියෙන තැන් වල මිනිස්සු පදිංචි වීම ඉවත් කර පහසුකම් තියෙන තැන් වල ඉඩම් දිය යුතුය. (නදී)
ගමේ සුන්දරත්වය තියෙන්නේ සංවර්ධනය නොවන නිසයි. පාරවල් ඕනේ නැහැ.(නදී)
අනේ දුවේ, ඔයගොල්ලන් ආණ්ඩුවට සල්ලි දුන්නොත් ඔය පාර බාගෙට හදා ගන්න පුළුවන්. ඒ සල්ලි වලිනුත් බාගයක් ඔය හොරු ගහනවා. මුළු පාරම හදාගන්න ඕනෙනම් ගමෙන්ම වැඩේ පටන් ගන්න.(නදී)
ඇත්තටම මේ පින්තුර ටික දැක්කම මට හිතෙන්නේ මේ ළමයි කොච්චර වාසනාවන්තද කියලා. අපි මේ දුවිල්ලෙන් නැහැ උන නගරෙට වෙලා දුක් විදිනවා හරියට හුස්ම ගන්නවත් බැරුව. අපිට පාරවල් හොදට තිබුනත් මේ ගමේ ඉන්න මිනිස්සු තරම් අපි වාසනාවන්ත නැහැ. කරුණ කරලා මේ තියෙන විදියටම ගම තියෙන්න දෙන්න. පාරවල් හදන්න ඇවිල්ල ඔයාලගේ ගමේ ඔය තියෙන කියන්න බැරි සුන්දරත්වය නැති කරනවා අනිවාර්යෙන්ම.(නදී)
රන්ජිත් සිල්වා මගෙත් අදහසත් ඕක මයි.(නදී)
සිලවා මහත්තයයෝ, මෝඩ කතා කියන්නේ ඒ පළාතට ගිහින් නැතුව වෙන්න පුලුවන් නේද? (නදී)
ගමට පාසලක් දෙන්න.(නදී)
මේ පුවත කියවන මට පහලින් පෙනෙන්නේ මෝටර් රේස් දැන්වීම. මොනවද හිතෙන්නේ කියල බලන කවුරුත් හිතාගන්න.(නදී)
පුතේ නුඹලා පින්කරපල්ලා ඊලග ආත්මයේදී හම්බන්තොට ඉපදෙන්න. දැන් එහෙ තියෙන්නේ කාර්පට් පාරවල් විතරයි.(නදී)
මිට වඩා හොද නැද්ද රක්ෂිත ඇත හැරලා වෙන තැනක පදිංචි කරන්න කිව්වා නම්.(නදී)
රක්ෂිත වනාන්තර වල නෙවේ ඔය ළමයි ඉන්නේ. ඔය කියන කව්රු උනත් ගිහින් බලලා ප්‍රතිචාර දුන්නොත් හොදයි. ඔය වගේ හරියට යන්න පාරක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද මේ ලංකාවේ. කවුරුත් ඒ දේවල් දැනගෙන කතා කලොත් හොදයි.(නදී)
රංජිත් ඔබ ලංකාවේ එකෙක්ද ? (නදී)
රංජිත් සිල්වා, ඔයා හරි. මීමුරේ කියන්නේ ලස්සන ගමක්. ඒක ඒ විදියටම තියෙන්න ඕනේ. නමුත් කල යුත්තේ ඔවුන්ව නගරය ආසන්නයේ පදිංචි කරවීමයි. මේ ගොල්ලෝ හැතැප්ම 10-12 කැලේ ඇතුලේ මොනවා කරනවද මන්දා. විහින් දුක් විඳිනවා. (නදී)