බොහෝ සිනමාලෝලීන් පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි බොලිවුඩ් චිත්‍රපටයක් වූ "කපූර් ඇන්ඩ් සන්ස්" අද (18දා) සිට බොලිවුඩයට සමගාමීව ලොව ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ. හාස්‍යමය චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇතිමුත්, මෙම චිත්‍රපටය තුළ සුන්දර තුන්කොන් ආදර කතාවක්ද ගැබ්ව තිබේ. සකුන් භාට්ර්රාගේ සිනමා අධ්‍යක්ෂණයක් වූ මෙහි නිෂ්පාදන පිරිවැය දරා ඇත්තේ හීරෝ යාශ් චොප්රා (යශ් චොප්රාගේ පුත්), අපුර්වා මෙහෙතා, කරන් ජෝහාර් පිරිසය. සැබෑ ජීවිතේද පෙම්වතුන් ලෙස පෙනී සිටින ආලියා භාට්, ෆවඩ් ඛාන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා මෙහි ප්‍රධාන චරිත සඳහා පණපොවති. ඔවුන්ට අමතරව රිෂී කපූර්, රතන් පාතික් පිරිසද සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති. එමෙන්ම සිරගතව සිටි සංජය දත්ද මෙහි ආරාධිත චරිතයක් නිරූපණය කරනු ලැබීම විශේෂත්වයකි.
රාහුල් හා අර්ජූන් විදෙස් ගතව සිටින සහෝදරයන් දෙදෙනෙකි. ඔවුන් ඉන්දියාවට පැමිණෙන්නේ 90 වැනි විය ගෙවා දමමින් සිටින සිය සීයාගේ හදිසි හෘද්‍යාබාධයට ප්‍රතිකාර කිරීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන් දෙදෙනාටම සුන්දර යුවතියක් මුණගැසෙයි. ඇය ටීයා සිංය. එකිනෙකට හොර රහසේ රාහුල් හා අර්ජුන් ටියාට ආදරය කරති. සිදුවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ගැටලුවකට මුහුණ පාන්නටය. "කපූර් ඇන්ඩ් සන්ස්" කතාව දිග හැරෙන්නේ එලෙසිනි. පහත ඇත්තේ මෙහි ප්රචාරක වීඩියෝ පටයයි.
බුද්ධික සේනාධීර
The Making video...
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'කපුර් ඇන්ඩ් සන්ස්' අද සිට