කලකිරීම් හා පංගුපේරු කාගෙන මැරෙනතුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය.
මාතලේ දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලයේ රැස්වීමක් අමතමින් ඔහු පැවසුවේ තමා පක්ෂය හැර දා යන්නේදැයි බොහෝ දෙනා අසන බවයි.
‘මම ටී බී තෙන්නකෝන්ගේ පුතා. අපේ තාත්තටත් කැපිලි කෙටිලි තිබුණා. ඒත් පක්ෂයෙන් ගියේ නෑ. මටත් එහෙමයි. මාත් යන්නේ නෑ. ‘
රැස්වීම අතරතුර නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ද පැමිණියේය.
ජනක බණ්ඩාර ඇමැතිවරයා එවිට පැවසුවේ මෙතෙක් කල් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් ඇති වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ නොවන බවයි. ඒ ගැටුම් සියල්ලම ගට ගත්තේ අපේ පක්ෂය ඇතුලේ. මා ඉල්ලා සිටින්නේ දැන්වත් ඒ ගැටුම් අවසන් කර සමඟ වන ලෙසයි.
ටික වේලාවක් එහි රැඳී සිටි නියෝජ්‍ය ඇමැති වෙනත් රාජකාරියක් සඳහා යන බව පවසා පිටවී ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මුදුන් මුලක් තියෙන මිනිහෙක්. ඔබේ ප්‍රතිපත්තිවලට ගරුකරනවා.(හේ)
ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් එය ඔහු සිය පියාණන්ට කරන මදි පුංචි කමක්.(හේ)
ශ්රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් ඉතින් කාගේ පිහිටක්ද?(හේ)
අම්මේ මේක දාලා ගිහින් කොහොමද ? (නදී)
බණ්ඩාරය ! බිය නොවන්න, ඔබ ගෙදර යවනා සැටි දඹුල්ලේ අපි දන්නෙමු. ලොකු හාමුදුරුවන්ගේ අසිර්වාදයද අප සතුය. පක්ෂය ඇතුලේ තැනක් නැති බව පිළිගැනීම , මරුවිකලෙන් දෙඩවීමක් වැන්න. (නදී)
කපල නෙවෙයි මේ අයව වාෂ්ප කරලවත් යවන්න බැරි ජාතියක්. (නදී)
යනවට වැඩිය හොඳයි ගඟේ මුදේ පැන්නා නම්. (නදී)
මේක දාලා ගියොත් මහපාරේ තමා.. (නදී)
මෙන්න නියම මිනිස්සු! (නි)
මේ වගේ බොහොමයක් ඉන්නවා. ඉදිරියටත් කාගෙන ඉන්නමයි බලන්නේ. (නි)
දේශපාලනයේදී මෙවැනි දාල නොයන කතා මිනිසුන්ට හොඳට පුරුදුයි. (නි)
යු .එන්.පී එකයි ශ්‍රී.ල.නි.ප යයි කියන්නේ එකම වහළයක් යට තියෙන කාමර දෙකක් වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)