IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘

(ඩයනා උදයංගනී)

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙය හොඳ දෙයක් බැවින් දුෂ්කර කාර්යයක් වුවත්, බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ කළ යුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇතැයි කී ජනාධිපතිවරයා මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා එය ක්‍රියාත්මක කිරීමට මහජන නියෝජිතයින් කටයුතු කළ යුතු බව ද කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩිස්ථාවර වී ඇතැයි කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා එය ක්‍රියාත්මකවිය යුතු බව පැවසීය.

පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇතැයි ද ජනාධිපතිවරයා කීය.

 එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම හදිසියේ ගත් තීරණයක් නොවන බව කී ජනාධිපතිවරයා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙන්ම පසුගිය අයවැයේදීද මේ පිළිබඳව රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බව කීවේය.

කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියකට හේතුවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණපෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවද ප්‍රකාශ කළේය.

ගොවියා දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වූ බවත්, අනාගත පරපුර එම තත්ත්වයෙන් ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ  වගකීම වියයුතු බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

 

 



අදහස් (23)

‘කාබනික පොහොර භාවිතයේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි‘

මැක්ස් Tuesday, 08 June 2021 03:15 PM

විද්වතුන් වශයෙන් පෙනී සිටිමින් රසායනික පොහොර වෙනුවෙන් කටයුතු කරන, අදාළ සමාගම් වෙතින් කප්පම් ගන්නා අය මීට විරුද්ධව බලමුලු ගැන් වී ඇති සැටියක් පෙනේ. එසේම, ගොවිතැන් කරන පළාතකින් පාර්ලිමේන්තු පැමිණ සිටින රංජිත් මද්දුම බණ්ඩාර වැන්නෝ ද පුරුද්දට මෙන් කොයිකටත් විරුද්ධ වන ජවිපෙ ද ගොවි මහතුන්ට මෙහි ඇති දුෂ්කරතාව උලුප්පා දක්වමින් වස විසවලින් තොර කෑම වේලකට ජනතාව හුරු කරවීම වළකන්නට කටයුතු කරනු දැකිය හැකිය. එම දුෂ්ට උත්සාහයන් පරාජය කරමින් මෙම කාබනික පොහොර හඳුන්වා දීමේ ව්‍යපෘතිය සාර්ථක කර ගත හැකි වුවහොත් එය අප රටේ දරු පරපුරේ උන්නතියට හේතු වනු ඇත.

:       1050       550

යාපාTuesday, 08 June 2021 04:42 PM

අනිවාර්යයෙන්... අප රටේ සිටින්නේ සෑම දෙයටම විරුද්ධවන කාලකන්නි විපක්ශයකි. රටෙහි සාධනීය වෙනසක් වෙනවාට ඔවුන් අකමැතිය. හේතුව නම් එවිට බලය ලබාගැනීමට නොහැකි වීමයි. එමනිසා ඔවුන් ඕනෑම හොඳ දෙයක්ද බොරු විවේචන කර මිනිසුන් නොමග යවා ආපස්සට හරවන්න උත්සාහ කරනවා. අනිවාර්යයෙන්ම මේක අමාරුම වැඩක්. ඒත් ජයගත්තොත් මේක කඩාකප්පල් කරන්න හදන විපක්ෂයේ අයගේ දරුවන්ටත් ඒ වාසිය ලැබෙයි. ජීවත්වීමේ භාග්‍යය ලැබෙයි. ආදරයෙන් ඉල්ලනවා මේ වගේ හොඳ වැඩවලට අකුල් හෙලන්න එපා. එහෙම වුණොත් මේක කවදාවත් කරන්න බැරිවෙනවා..

:       500       387

chandanaTuesday, 08 June 2021 05:19 PM

ඔබට මුහුණ සෝදාගැනීමට වැසිකිළි පෝච්චියක් ලැබුණා කියලා ආරංචියි. පසුගිය ඡන්දෙදී. වරද්දගන්න එපා ඒ පෝච්චියෙන් කරන්නේ වෙන දෙයක්... ඔබට වයර් මාරුවෙලා...

:       115       451

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 05:20 PM

මට කියන්න ප්‍රමිතියකින් යුතු පොහොර වල වස විස කොයිද කියල N P K කියන්නෙ ශාක වලට අවශය පෝශන කොටස් කොහොම ආවත් ඒව තමයි අවසාන වශයෙන් ශාකය උරා ගන්නෙ. මෙතන බැර ලෝහ කවලම් වීම තමයි වස විස කියන්නෙ. ෆෝන් බැටරි එල් ඊ ඩි සී එෆ්බ එල් බල්බ්, ශායනික අපද්‍රව්‍ය කවලම් කොම්පොස්ට් වලින් ඕව එන්න බැරිද? චීනෙ නොවේ ලංකාවෙ නාගරික කුණු වලින් පවා, රජය කල යුත්තේ නිකන් පොහොර කතා නවත්වා ප්‍රමිතියකින් යුතු පොහොර ගෙන්වීම හෝ නිශ්පාදනය, එප්පාවල පොස්පේට් නිධිය වැඩකට ගන්නවද? පොස්පේට් හරහා තමයි බැරලෝහ එකතු වෙන්නෙ, කල්පනා කර බලන්න රසායනික පොහොර කි පනහකට කොම්පොස්ට් කොපමණ අවශ්‍යද කියල, රටට කොතරම් අවශ්‍ය වේවිද?

:       3       81

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 03:34 PM

මම හිතන විදියට පොහොර වලින් වස එකතු වනවාට වඩා ක්ෂණික ආහාර වලින් වස එකතු වෙනව,

:       4       180

ගොවි රාල - තිස්සමහාරාමේ Tuesday, 08 June 2021 03:38 PM

නන්දෙ, බටහිර රටවල් චින්නුන්ගේ ආහාර නොගන්නේ චීන්නු වැසිකිලිවල අසුචි කොම්පෝස්ට් කරලා පොහොර හදලා භෝග වලට දමන නිසයි. ඔකුන්ගේ රටේ තවමත් හඳුනාගත්තේ නැති ලෙඩ රෝග අනන්තවත් තියෙනවා. ඔහොම යං.

:       20       450

අන්ජානා - කඩවත Tuesday, 08 June 2021 04:38 PM

චීන්නුන්ගේ අසුචි අපිට කවන්නද මේ ආණ්ඩුව හදන්නේ...? එක එක පාහරයින්ගේ කතාවලට මුලා වෙලා... මේ වගේ කාලකන්නි, අවාසනාවන්ත, මුස්පේන්තු පාලකයින් පත්කර ගත්ත අපිටත්, අපිව මුලාකරලා බොරු දේශනා කරපු හොර චිවරධරින්ටත් මේවා කියලා කරලා මදි. අපි ඡන්දෙදී අපේ යුතුකම ලස්සනට මදි නොකියන්නම කරන්නම්. ගෙවල් වල බල්ලන් ලිහා, මෝල්ගස්, ඉලපත් සූදානමින් තබාගෙන බලාගෙන ඉන්නවා.

:       38       266

යාපාTuesday, 08 June 2021 04:43 PM

තමුන් ගොවිරාල කියලා නම දැම්මට අනිවාර්යයෙන්ම කුලියට කොටන එකෙක් වෙන්න ඇති. දන්න මගුලක් කතා කරනවා. දේශපාලනය වෙනම කරන්න. හොඳ වැඩවලට විරුද්ධව තප්පුලන්නේ නැතුව..

:       867       543

ගොවි රාල - තිස්සමහාරාමේTuesday, 08 June 2021 05:15 PM

රසායනික පොහොර ආනයනයට සල්ලි නැති කතාව නොකියා මේ ආණ්ඩුව කාබනික පොහොර කතාවක් මවනවා. බලාගෙන ඉන්න තව මාස 3 න් රටේ වගාවට මොකද වෙන්නේ කියා... පොහොට්ටුවන්ගේ ඉඳුල් කන, රෙදි කෑල්ලකට, රුපියක් 200කට, අරක්කු වීදුරුවකට, කුඩයකට කුලියට ලියන ඔබ වැනි ගෝත්‍රික වහලෙක් නොවෙයි මම... තිස්සමහාරාමේ ඉන්න හොඳ ගොවියෙක්... මෝඩවෙලා මේ අසික්කිත පාලකයින්ව පත්කරගන්න ඡන්දය දීපු පාපය විඳවන දුප්පත් ගොවියෙක් මම. එදාවේල කන්න නැතිව මාරයා එනකම් දරු මල්ලන් සමග බලාගෙන ඉන්න දුප්පත්, මෝඩ ගොවියෙක් මම. එහෙම අසරණ වෙලාත් අවසාන මොහොතේ හෝ ඇත්ත වැටහීම ගැන මට හරි ආඩම්බරයි. මගේ මීළඟ පරපුර අපව මුලාකළ මේ පාලකයින්ට උත්තර දේවි...

:       14       514

fairoos Tuesday, 08 June 2021 04:17 PM

කාබනික පොහොර ලංකාවේ හදනවද? නැතිනම් ඒකත් පිටරටින් ගේනවද? නන්දසේනගේ වැඩ ඔක්කොම අවුල් තමයි.

:       270       437

අප්පුහාමිTuesday, 08 June 2021 05:27 PM

කාබනික පොහොර ලංකාවේ අමුද්‍රව්‍ය වලින්මලංකාවේ හදනවානම් වරදක් නැහැ නමුත් ඒවා චීනෙන් හරි වෙනත් රටකින් ගෙනෙනවානම රටට තවත් බරපතල අණතුරු වෙන්න පුළුවන්.කාබනික පොහොර තේවගාවන්ට සුදුසු බව මම නම් දැකල තියෙන්නේ මගේ සුළු වගාවේ වැඩකල උපාලි නැමති අය දිනක් මගේ ඉඩමට කුකුල් පොහොර මිටියක් ගෙනවිත් දුන්නා වගාවට යෙදීම තමයි තරමක් අපහසු වෙන්නෙ.

:       0       147

අප්පුහාමිWednesday, 09 June 2021 06:32 AM

ගේන කෙනාම එය මගේ වගාවට යෙදුවා. එයින් රසායනික පොහොර යෙදුවාට වැඩිකලක්, වැඩි දළු ප්‍රමාණයක් ගත්තා...

:       0       1

kamal Tuesday, 08 June 2021 05:00 PM

සිනි නැතිව තේ බොන්නම්... හඳෙන් හාල් අපි කන්නම්. සර් කියනවා නම් පෝර නැතිව අපි වවන්නම්...

:       22       187

ලලිත් එම් Tuesday, 08 June 2021 05:04 PM

හොඳ වැඩක් වුනත් ඇනෙන විදිහ ගැන දැනුවත් නෑ. අවුරුදු පහකට ටාගට් කරන්න. එක කන්නෙන් කරන්න එපා. අපේ පොතේ උගතුන් ලනු කිංග්ලා. ලබන අවුරුද්දෙ සීයක් දෙසීයක් ලොක්කෝ කාබනික වගාව අධ්‍යයනය කිරීමට ශිෂ්‍යත්ව හදාගෙන රට යන හැටි කරමු.

:       0       63

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 08:48 PM

කසල ප්‍රතිචක්‍රීකරණයට නරඹන්න පළාත් පාලන නියෝජිතයින් කොපමණ පිටරට ගියාද? තාමත් කුණු ප්‍රශ්නයක්, නැත්නම්⁣ කුණු ප්ලාන්ට් කැඩිලා, ගම් බිම් අතහැර දාන්න වෙලා, ඊලඟට යන්නේ මේ කෘෂිකාර්මික සෙට් එක, ඩොලර් නැත්නම් වෙන මොනවා හරි ගේන එක නවත්වලා ප්‍රමිතියකින් යුතු පොහොර ගේන්න. නිකන් දෙන්න එපා. නැත්නම් බත සපයපු ගොවියා දරුවන්ට කන්න දෙන්න සිඟමනේ යාවි...

:       0       36

සිරිබිරිස් Tuesday, 08 June 2021 05:41 PM

රට විනාස වෙලා යනව .

:       2       218

සරාTuesday, 08 June 2021 07:09 PM

හරිම දුකයි නේද?

:       0       31

උපාලි Tuesday, 08 June 2021 06:03 PM

ඉතා හොද වැඩක්. කපටි නරින් ඉවතලා ඉදිරියටම යන්න .

:       158       87

sanjeewa Tuesday, 08 June 2021 06:10 PM

මරු මරු... අද රසායනික පොහොර දාලා පුරුදු ගහට හෙට කාබනික පෝර දාපුවාම අස්වැන්න වැඩිවෙනවනේ... ඕක කරන එක හොඳයි. ඒත් ඕකට කාලයක් අරගෙන කරන්න ඕනෑ වැඩක්. බලමු තේ එහෙම අස්වැන්න අඩුවෙලා ඩොලර් එන එක අඩු වුණාම මේ රට කොතැනකටද යන්නේ කියලා...?

:       1       257

ලක්වැසියා Tuesday, 08 June 2021 07:07 PM

මෙතන තිබෙන්නේ වේදනාවක් පමණයි. මේ රජය හොඳ වැඩකට මුලපිරීම ඇතැමුන්ට වේදනාව ගෙන දෙන්නක්... මොහොතකට සිතමු, 'රජයට මුදල් නැති නිසා රසායනික පොහොර ගෙන්වනවා' කියා... ඉතින් එය හොඳ බුද්ධිමත් තීරණයක්නේ... කාලයත් සමග ඇතැමුන්ට ඇති පොහොර දුක සමනය වේවි...!!! අවුරුදු 02ක් වැනි කාලයකදී ඉතා හොඳ ප්‍රතිඵල ඉන් ලැබේවි...!!!

:       170       108

වර්ණකුලසූරිය Tuesday, 08 June 2021 10:54 PM

"ඉදිරි කන්නය සදහා ප්‍රමාණවත් පොහොර ගෙන්වාඇතැයිද" සදහන් වෙනවා. ගෙන්වා ඇති එම පොහොර රසායනික පොහොරද නැති නම් කාබනික පොහොරද යන්න පැහැදිළි වියයුතුයි.

:       0       0

Rata Perata Wednesday, 09 June 2021 03:28 AM

නන්දසේන, ඔබ කට වහගෙන හිටියොත් අපිට ඕනම අභියෝගයක් ජය ගත හැකියි. කරුණාකරලා ඔබ සහ ඔබේ පවුල් සංගමය සහිත ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. ඒක අපේ රටට කරන ලොකු උදව්වක්...!!!

:       1       236

සුමුදු Wednesday, 09 June 2021 07:33 AM

ඉතා හොදයි ජනාදිපතිතුමා...නොසැලී ඉදිරියට යන ධයිරයමත් නායකයෙක් ඔබ තුමා..කොවිඩ් වයිරසය රටට ඇතුලු උන මොහතෙහිත් ඔය බලවෙග රට වහන්න කියලා කැ ගැහුවා...ඔබ තුමා රට වහන්නැතිව ඉන්ද්‍රඛීලයක් සෙ නොසැලී ඉදිමින් සාර්තකව මර්දනය කලා වගෙම මෙ ප්‍රස්නයෙදීත් ඔබ තුමා ජයගන්නවා නිසැකය්.

:       69       15

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 520 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 55 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 255 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1229 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 351 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 804 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site