දැනට රටේ පවතින වී තොග ලබන දෙසැම්බර් දක්වා ප්‍රමාණවත් බවත් ඒ නිසා වසරකට එක කන්නයක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වී වගාව කළාම රටටම අවශ්‍ය සහල් ප්‍රමාණවත් නිසා යල් කන්නයේ වී වගාව වෙනුවට වැඩි ආදායමක් ලැබෙන අතිරේක බෝග හෙක්ටයාර් ලක්ෂ 2ක් වගාකිරීම ට තීරණය කර තිබෙන බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පැවසිය .
දඹුල්ල පැල්වෙහෙර පෞද්ගලික කෘෂි සමාගමක් වන සි අයි සි සමාගමේ බිජ ගොවිපළ නිරීක්ෂණයකට පැමිණි අවස්ථාවේ මේ බව පැවසිය . ආචාර්ය විජේකෝන් මහතා වැඩිදුරටත් කිවේ කාබනික වගාව තුලින්න්ම රටේ ආහාර සුරක්ෂතාවය ඇතිකිරීමට නොහැකි බවත් ලෝකයේ කාබනික වගාව ඇත්තේ සියට එකක් පමණක් බවත් ඒ නිසා රසායනික පොහොර සමග වගාව කළයුතු බව ද කිය. මින් ඉදිරියට පොහොර යොදන සෑම ගොවිකම පස පරික්ෂා කොට පොහොර යෙදිය යුතු බවත් පොස්පරස් වසරක් හැර වසරක් යොදා ගොවිතැන් කිරීමට ගොවින් ක්‍රියාකලයුතු බවද පැවසිය .
වස විස නැති රටක් තේමාව යටතේ කාබනික වගාව ප්‍රචලිත කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති හා අතුරලියේ රතන හිමි මහත් වෙහෙසක් දරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක සැරේම ඔහොම අනාගන්න එපා මහත්තයෝ (නි)
හුඟාක් දැනගත්තාමත් හරි කරදරයි. (ම)
කැමති වුණත් නැතත් අපිට ක්‍රමයෙන් කාබනික ගොවිතැනට යාමට සිදුවෙනවා. එය කෙටි කාලයකින් කරන්න බැරි බව ඇත්ත. නමුත් සිදුකළ යුතුයි. රසායනික පොහොර වලට වඩා මුලින්ම අවදානයක් යොමු කළයුත්තේ වල්නාශක, පලිබෝධනාශක සහ දිලීර නාශක භාවිතය ක්‍රමයෙන් අඩු කරන්න. ඊටත් වඩා භයානකයි හාල් වර්ග කල්තබා ගන්න මෝල් වලදී එකතුකරන රසායනික වර්ග. ඒවා වළක්වන්න ඉක්මනින්ම කටයුතු කරන්න වෙනවා. මොන දේ කළත් පිටරටින් හාල් ගේන එක නතර වෙන්නේ නැහැ. හාල් අතිරික්ත තිබුනත් එ්ක වෙනවා, මොකද ඒවාට තියන ඉල්ලුම නිසා. ඒ ගැන හිතලා ආනයන බදු තීරණය වෙන්නේ නැති එක ගැටළුවක් (නි)
ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් රැදිච්ච අරුම පුදුම රටක් තියනවා... රට ගැන හැඟීමක් නැති අය ගැන තමයි මේ ගීතයෙනුත් කියවෙන්නේ (නි)
ජනතාව දැන් බොහොම බුද්ධිමත් (නි)
සිදුවෙන දේ නම් හොඳට වැටහෙනවා අපිට (නි)
අපි නොදන්න චෙස් කිවුවලු! (නි)
මෙම අය ගැනත් ඔවුන්ගේ අදහස් ගැනත් දෙවරක්ම සිතිය යුතුය (නි)
මේ නිලධාරී මාෆියාව නොවේ නම් වෙන කුමක්ද? (නි)
අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ වැඩපිළිවෙලටත් උඩින් යන්න හදන මෙවැනි අයට කුමක්ද කරන්නේ? (නි)
රසායනික පොහොර නිපදවන සමාගම් වලින් යැපෙන නිලධාරී මාෆියාවක් ඉන්න බව අපි කොහොමත් දන්නවා (නි)
රොහාන් විජේකෝන් මහතාගේ නිරීක්ෂණය හරි. කාබනික වගාවෙන් පොළවෙන් ඉවත්වෙන සියලු පදාර්ථ නැවත පසට එක්කිරීම අපහසුයි. ඒ අනුව පස පරීක්ෂාකර ඌණතාවයන් මගහැරීමට යම් මට්ටමකට රසායනික පොහොර යොදාගැනීම හරි. (නි)
මේ බහුජාතික සමාගම් ලොව පුරා අසරණයින්ගේ මිනීවළවල් කනිනවා. පැරණි ගොවින්ගේ ක්‍රම උපාය ගුරුකොට ගන්න (නි)
රජින්දගේ අදහසට මමත් එකඟයි. වී අතිරික්කය අපනයනය කිරීමට රජය කටයුතු කළයුතුයි. රටට අදායමක් ලබා ගැනීමේ මාර්ග රජය විසින් නිර්මාණය කළයුතුයි. (නි)
සීඅයිසී පොහොර හරි සැරයි වගේ. නැත්නම් ජනාධිපතිතුමාගේ අරමුණටත් උඩින් මෙහෙම කතාකරයිද? (නි)
රටේ පමණක් නොව මිනිසුන්ගේත් අවාසනාව (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රටේ පරිභෝජනයට එක කන්නයක් වැඩ කළාම ඇතිනම්, රටේ නිෂ්පාදනය ඇතිනම් මොකටද පිටරටින් හාල් ගේන්නේ? ඉන්දියාව පාකිස්තානය වැනි රටවලින් සහල් ගේන බව නොදන්නවාද? (නි)
මේ යන විදිහට රටට හෙනහුරා ලබලා කියලා දැනෙනවා. වී ගොවිතැන් කරපු කුඹුරු වල වෙනත් භෝග වැවුවහම වෙන්නේ පස ආයෙත් වී ගොවිතැනට හුරු කරන්න අතිරේක වියදමක් දරන්න ගොවියට සිද්ධවෙන එක නේද. අපේ ගොවි මහතුන් මේවාට අහුවෙන්න එපා. රජය අතිරික්ත වී අපනයනය කරන්න. (නි)
දේශීය කෘෂිකර්මාන්තයට මේ මොනවද සිද්ධවෙන්න යන්නේ? (නි)