කැබිලිත්ත සියඹලාගහ දේවාලය අසල සැරිසරන වල්අලියකුගේ පාදයේ ඇති ගෙඩියක් හේතුවෙන් අලියා දැඩි වේදනාවෙන් පසුවෙන බවත් මෙතෙක් කිසිදු ප්‍රතිකාරයක් කර නැති බවත් වන්දනාකරුවෝ කියති. කැබිලිත්ත වන්දනකර ගැනීමට පසුගිය දා පැමිණි වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාද කඩිනමින් අලියාට ප්‍රතිකාර කරන්නැයි අදාල අංශවෙත උපදෙස් දී ඇත. වෙඩි වැදුණු තුවාල කිහිපයක් ඇති නිසා නිර්වින්දනය කිරීමට සිදුවෙතියි වනජීවි නිලධරයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ අහිංසක සත්තු.(නදී)
වන සන්රක්ෂන නිලදාරීන් අලි ඇතුන්ට හිරිහැර කරන්න එපා. අහිංසක අලි ඇතුන්ට හිරිහැර කරන එක හොද නැත. අලි ඇතුන් ගේ දල කපන්න හෝ අලි ඇතුන් විනාශ කරන්න එපා. එය මහ පාපයක්.(නදී)
කරුණාරත්න , බණ්ඩාරගේ අදහස් වලට ඔබ සැවොම එකග නොවන්න පුළුවන්. මොකද ඔබ නොදැද ඔවැනි දෙපාර්තමෙන්ටුවකට රාජකාරියට ගියේ. නගරයේ වනාන්තර නොමැති බව ඔබ ඔවැනි රැකියාවක් කරන ගමන් අමතක නම් රාජකාරිය කරන අන්දමත් හිතාගන්න පුළුවනි. ඔබට රාජකාරිය නිසියාකාරව කිරීමට නොහැකි නම් සුදුස්සකුට ඔබගේ ස්තානය ලබාදී නගරයේ සුදුසු රැකියාවක් සොයාගන්න. ඔබ පවසන අන්දමට දෙපාර්තමේන්තුව තුල ඔබ වැනි අයනේ වැඩියෙන් සිටින්නේ. එතකොට අපට සිතා ගන්න පුල්වනි ඔබලා රාජකාරිය කරන අන්දම .ඉක්මනට වෙන රැකියාවක් හොයාගන්න රටේ සම්පත් විනාස නොකර.(නදී)
කරුණාරත්න ඔබ කියල තියෙනවා දොස්තරලා නැහැ වාහන නෑ කියලා. මෑත කාලයේදී අලින් පමණක් නොව ආරක්ෂා කල යුතු සත්වයින් කොපමණ ආපදාවන්ට ලක්වුනාද ? ඔබලා කීදෙනෙක් ඒ වෙනුවෙන් රාජකාරියට ගියාද? නිලදාරීන් කොපමණ ප්‍රමාණයක් නිකරුනේ වැටුප් ලබා ගත්තාද ?ඉන්දනවලට වාහන නඩත්තුවට කොපමණ බැර කලාද.? හරියට ගණන් බැලුවොතින් අලින් 50 ගන්න සල්ලි වියදම් වෙලා නේද ? නිකන් අලිබෝරු නොකර රාජකාරිය හරියට කරන්න බලන්න. සමාවෙන්න.(නදී)
අතුල මිලානෝ, ඔබගේ ජීවන වෘත්තියත් එය නම් ඔය අයුරින් කතා නොකරනු ඇති.(නදී)
අතුල මිලානෝ වල රැකියාවක් නොකර ලංකාවේම ඉඳල ඔය ටික කිව්වනම් ටිකක් හිතල බලන්න තිබුනා. අපි ඔය ප්‍රශ්න මැද මෙහෙම හරි රාජකාරි නොකලා නම් ඔයාල එනකොට අපේ රට කාන්තාරයක් වෙලා තියේවි. නගරයේ වනාන්තර නැති බව දැන ගෙන තමයි අපි කැලේ රක්ෂාව්ට රිංගුවේ. රටට ගහ කොළවලට සත්තුන්ට තියෙන ආදරයට. නැතුව සල්ලි හොයන්න නොවෙයි. සල්ලිවලට කෑදර උනානම් අපිත් යන්න ඕනේ ඉතාලි. අපිට ආඩපාලි නොකිය රටේ ඉතිරි වනාන්තර රැකගන්නවට අතුලලා අපිට පින් දෙන්න ඕනේ.. ඔය වෙන්නප්පුව පැත්තේ ඉතාලි ගිහින් ඇවිත් ගෙවල් හදන්න, තේක්ක දැව හොරකමේ ආපු කීප දෙනෙක් මහා රැ ජාමේ සෙල්ලන්කන්ද තේක්ක වගාවේදී අල්ලලා පුත්තලම් උසාවියට දැක්කුවා. ලොරියයි දැවයි එක්ක.(නදී)
අතුල මහතා කියල තියෙන්නේ සම්පුර්ණ ඇත්ත.(නදී)
අලහකෝන් මහත්මයා මට ඔවැනි රැකියාවක් නුසුදුසු නිසා ඔවැනි රැකියාවක් තෝරා නොගත්තේ. මා කරණ රැකියාව මම ඉතාම ආශාවෙන් ගරුත්වයෙන් කරගෙන යනවා. ඒ නිසා තමන්ගේ වෘතියට ආසාවක් නොමැති නම් තවත් රැදී සිට්මෙන් දෙපාර්තමෙන්තුවට වගේම සේවකයන්ටත් යහපතක් නොවනු ඇති. සුදුසු රැකියාවක් සොයාගන්න. කියන්න තියෙන්නේ තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා වටහා නොගැනිමයි.(නදී)
රටේ ගහ කොළ සතා සිව් පාවුන්ට මේ තරම් විනාසයක් ගෙන දුන්න කාල පරිච්ඡේදයක් මම මගේ අම්ම මුත්තා කිරිකිත්ත කාලෙදිවත් අහල දැකල නම් නැහැ.(නදී)
අපරාදේ මහා මැතිවරණයේදී ජෙනරාල් කියපු විදිහට "හංසයා" ලකුණෙන් ඡන්දය ඉල්ලුවා නම් "අලියත්" ගොඩ,"හංසයත්" ගොඩ. අද වෙනකොට අලියම ඕනේ කියපු අය කාවවත් හොයාගන්නවත් නැහැ.(නදී)
උදේ පාන්දරින්ම පිරිත් කියලා, බන කියල දවස පටන් ගන්න,නැවත පිරිත් කියල බන කියල දවස නිම කරන රටක මෙහෙම වෙන්න පුලුවන්ද?(නදී)
අතුල, ඔබවගේ අයගේ අදහස් දකිනකොට අපිට දුකයි. උපාධියකුත් තියාගෙන මොන මගුලකට ගස් කොළන් වන සතුන් රකින්න මේකට ආවද කියල තරහටත් එක්ක හිතෙනවා. ඔබ අහන වාහන, දොස්තරු, ඉන්දන ගැන මෙහෙම කියන්න බැහැ. ඉන්දන සීමාවන් තියෙනවා. දොස්තරවරුන්ගේ හිඟයක් තියෙනවා. බෙහෙත් අවශ්‍ය තරම් නැහැ. ඔය කියන අලියා ඉන්න ස්ථානයට යන්න 4 වීල් වාහන දෙකක් ඕනේ. (වගුරු වලින් එගොඩ වෙන්න උදවු ගන්න අවශ්‍ය වෙන නිසා ). ඔබ වගේ පුද්ගලයින් නොදන්නවාට අපේ දක්ෂ නිලධාරීන් කිහිප දෙනෙක් වන සතුන් දඩයම් කරුවන්, ගංජා හේන් කරුවන් අත් අඩංගුවට ගන්න ගිහින් ඝාතනය උනා.එම මිනිස්සුත් ඔබ වගේම අපේ නිලධාරීන්ගේ අගය නොදන්නා අයයි. හිතක් පපුවක් නැති තිරිසන්නුන්ටත් අන්ත මිනිස් රූපවලින් ඉන්න අය. විල්පත්තුවේදී 26 ක් මිය ගියේ විනෝද ගමනක් ගිහින් නොවෙයි. කොටින්ගෙන් උනත් මැරුම් කැවේ කැලේ රකින්න ගිහින්. එම නිලධාරීන්ගේ මරණයෙන් ඔබ වගේ අය කවදාවත් දුක් වෙන්නේ නැහැ.එම පවුල්වල්ටයි පාඩු උනේ. ඒවගේම ත්‍රිකුණාමලේ හුරුළු රක්ෂිතයේදී එක තරුණ නිලධාරියෙක් අතුරුදහන් උනා.එක නිලධාරියෙක් යාල වනෝද්‍යානය තුලදී වෙඩි තබා ඝාතනය කළා. මේ අනතුර අපිට කොයි මොහොතේ සිදුවෙදෙයි කියන්න බැහැ අතුල ඔබගේ සහෝදරයෙක් වත් පවුලට සම්බන්ද වෙච්ච කෙනෙක් වත් මේ පින්වන්ත රක්ෂාව නොකරන එක ගැන අපට දුකයි. මරණය පෙනී පෙනී අපි සතුටින් සහ අවංකව රාජකාරිය කරනවා. අපගේ කැපවීමෙන් සහ කරන රාජකාරියෙන් අපගේ මවු බිමට යහපතක් වෙන බව සිතන විට ලැබෙන වැටුප සොච්චමක් උනත් හරි වටිනවා. රැකියාව රජකමටත් වඩා වටිනවා සහෝදරයා. (නදී)
පව් මේ අහිංසක සත්තු.(නදී)
පින්තුරේ පත්තරේ ගිය හින්දා අපි දැනගත්තා. සිය ගානක් අලි දුක් විඳලා මැරෙනවා .අනාත වෙන පැටවුන්ව අල්ලන් යනවා පන්සල් වලට පූජා කරන්න. මේකට විසදුමක් දෙන සැලැස්මක් ඕනේ. එකෙක් බේරුවට ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ. දන්නා දන්නා යට කියලා මහජන මතයක් ඇති කරන්න වන විනාසේ නවත්තල ගස් වවන්න කියලා ආණ්ඩුවට බල කරන්න. හම්බන්තොටත් වන සතුන්ට වෙන් කල කැලැ දේශපාලකයෝයි මගොඩියෝයි අල්ලනවලු . මේක ජාතික ප්‍රශ්නයක්. දැන්වත් අවධානෙට ගන්න ඕනේ. (නදී)
වනජීවී එකේ සමහර අයට එයාලගේ වගකීම් ගැන පුහුණුවක් ඕනෑ තමයි. ඒත් රැකියාවට කැප වෙලා නැති අය ඉන්න එක වගේම ආණ්ඩුවෙන් මුල්තැනක් නොදීමත් මේ අපරාදෙට හේතු වෙනවා. වෙඩි තියන එවුන් කැලේට යවලා බලන් ඉන්න නීතිය කාගේ අතේද තියෙන්නේ? පැනලා ගිය හමුදාවේ සෙබළු වගේම මුර කරන සෙබලුත් ග්‍රාම ආරක්ෂකයෝ කියලා අවි දීලා ඉන්න දේශපාලකයන්ගේ ගෝලයොත් අලි මරනවා කිසිම බයක් නැතුව (නි) මේවා මේ විෂය ගැන දන්නා අය කතා කරනවා . එත් බලේ තියන අය ගණන් ගන්නේ නැහැ. එයාලට බලේ දුන්නේ ඇයි? කවුද? කියන එක දැන් මතක නැහැ. උතුර ගැන විතරයි බලන්නේ. දැන් ඉතින් උතුරේ බලන්න දෙයක් නැනේ , ඒ හින්දා මේ ප්‍රශ්න විසදන්න හරි විදියට.
තව ටික කාලෙකින් පෙරහැරවල් වලට අලි තායිලන්තෙන් හරි ඉන්දියාවෙන් හරි ගෙන්නන්න වෙයි කියලත් කලකට පෙර අනාවැකි පල කළා. ඒ රටවල සත්තුන්ට මෙහෙම කරන්නේ නැහැ. වන රක්ෂණයට සැලසුම් තියෙනවා හැම දියුණු රටකම. තාමත් අපි පරක්කු නැහැ. සත්තුයි මිනිස්සුයි කැලෙයි තුනම රකින සැලැස්මක් ඕනෑ. ඒක දන්නා උගත්තු මේ රටේම ඉන්නවා. නායකයොයි නැත්තේ. (නි)
කොච්චර අලි පැටවූ අල්ලලා බාර ඔප්පු කළත් මේ පවෙන් බේරෙන්න බැහැ, වගකීම බාරදීලා තියෙන අයට. මෙහෙම විනාශයක් ත්‍රස්ත කාලේවත් වුණේ නැහැ. වන විනාශය නිසා ගං වතුර සුළි සුලං භූමිකම්පා එනවා. මේක එක දෙපාර්තමේන්තුවකට සීමා වෙලා නැහැ. හැමෝම එකට වැඩකරන්න ඕනෑ සැලැස්මක් හදන්න. මේ ශාපය අනාගත පරපුරටත් බලපානවා. (නි)
හාමුදුරුවරු සත්තු තියාගෙන වැඩ ගන්න එක පාරාජිකා වෙන දෙයක් නේද? බුදුන්ගේ කාලේ අලි හිටියේ (නාලාගිරි ) රජ්ජුරුවෝ යටතේ. මේ දැන් කරන පව නවත්තන්න වැඩ කරන්න බැරිද බුදුසසුන රකින ලොකු ඇත්තන්ට? එහෙම කළහම පැටවූ අල්ලන්න ලොකු අලින්ට වෙඩි තියන් එක , උගුල් අටවන එක නවතීවි නේද? ටිකිරි කියන විදියට උදේ හවස පිරිත් කියනවට වඩා මේව්‍යි බෞද්ධ ප්‍රතිපත්ති (නි)
කැබිලිත්තට මහා පාරක් හදන්න හා ප්‍රාදේශීය ඡන්ද වැඩට ගිය දේශපාලක පවුල් වලට හා හිතවතුන්ට මේ අලියා පහර දුන්නෙ නැතිලු. ලංකාදීප. මේ සතාගේ ඉරණම ගැනත් කැළෑ හරහා අලිමංකඩවල් අහුරුවමින් හදන්න යන පාරකින් වෙන විනාශය ගැනත් හොයලා බලලා වාර්තා කරන්න. පාරවල් හදන්න ඕනෑ අලිමාකඩවල් මග හැරලයි. එහෙම නැත්නම් අලින්ට යටින් යන්න පුළුවන් විදියට පාරවල් හදන්න පුළුවන්. බොහෝ රටවල ඒක කරනවා. අපේ රටේ නම් සැලැස්මක් නැතුව උතුරට හදපු පාරවල් නිසා දිනපතාම වාගේ සත්තු වාහන හා දුම්රිය වලට හැපෙනවා. (නි)
වාද විවාද ගොඩක් ඇති වූ ප්‍රවෘත්තියක්. මෙය වාර්තා කිරීම සම්බන්ධව මාධ්‍යවේදී ජනත් ද සිල්වා මහතාට ස්තුතියි. මෙතරම් දැවැන්ත වනාන්තරයක වන සතුන් සමග කටයුතු කිරීම ඉතාම අපහසු කාර්යයක්. රටේ බොරු සංදර්ශන වලට තොරන් ගහගෙන මිලියන ගාණක මුදල් වෙන්කරන රටක වන ජීවින් , වන සම්පත් සුරකින්න එම මුදල් දුන්නා නම් මේ රට කොතරම් සුන්දර වේවිද ? (නි)
බලාගෙන ගියහම මිලානෝ වල ඉන්නේ අඩු මාසෙන් ඉපදිච්ච සෙට් එකක්... (ස)
මේ අලියා මේ පාරේම මැද මුලනට ගියා නම් හරි, කැබිනෙට් එකේ තමයි නවතින්නේ.(නදී)
සංජීව, අදත් දැක්කද හොරෙන් කොළඹට කැළයේ ගස් පටවන පුවත. ගස් සාක්කුවේ ගෙනයනවා නොවේ. (නි)
සල්ලිවලට කෑදර අයට මේ දෙපාර්තමේන්තුවල රැකියා කොහෙත්ම සුදුසු නැහැ. එහෙම වුණා නම් මෙලහකට ගසුත් ඉවරයි , අලිත් ඉවරයි රටත් ඉවරයි. (නි)
අජිත් කරුණාරත්න මහතාණනි , ඔබ කියන්නනේ සහතික ඇත්ත. වනජීවී එකේ නිලධාරීන් කරන සේවයට ගරහන්න කිසිවෙකුට නොහැක. (ස)
ඔය සංග්‍රහය කියන එකේ , තමන්ට අයිති, කළයුතු රාජකාරි කොපමණ තිබුනත් ගණන් නොගෙන හැකි තරම් හොර මැර දුෂන පගා ගැනීමට පහසුකම් තිබේද?(නදී)
වග කිවයුතු නිලදාරීන්ගේ නෙත ගැටී අලියා ඉක්මනින් සුවකිරීමට ශක්තිය ලැබේවා.(නදී)
අපේ ය හැරෙනකොට වැඩේ ඉවරි. (අ)
තමන්ට කොයි තරම් හතුරුකම් කලත් මේ වනසතා තමන්ට දුකක් කරදරයක් ඇති උන හැම වෙලේල්ම උදවුවක් ඉල්ලගෙන එන්නෙම තමන්ගේ හතුරා ලනගටනේ (අ)
අද පාඨක කතෘ මහත්ම/ මහත්මීන් නිවාඩු වගේ. ටොනීයි මායි විතරයි ඔෆිස් වැඩ. (අ)
විරුද්ධ පක්ෂයේ ලාංචනය උනත් , කඩිනමින් ප්‍රතිකාර කරන්න කියා නියෝග කිරීම ගැන ඇමති තුමාට ස්තුතියි.නමුත් නිර්වින්දන දොස්තරලත් ලෙඩ වෙලා ඇති ප්‍රතිකාර පරක්කු එක වෙන්න ඇති..දේවාලයේ ..දෙවින්ගේම පිහිටයි හස්තියාට.වෙන අපි මොනවා කියන්නද ? අලි පුතේ...(අ)
වගකිය යුත්තත්ගේ අවධානය යොමු වුනොත් හොදයි .....කැබලිත්තේ වන අලියට. (අ)
අදහස් පලකරන මහත්වරුනි, වන සංරක්ෂණ සහ වන ජීවී නිලධාරීන් ඉතා අඩු පහසුකම් සහිතව තම රාජකාරිය කරන නිලධාරී කොට්ටාශයක්. කියපු ගමන් පණිවිඩය ලැබෙනවා. ඒ උනාට එම ස්ථානවලට යන්න වාහන ප්‍රමාණවත් තරම් නැහැ. සමහර වෙලාවට යාබද අඩවියකින් වාහනයක් ගෙන්වා ගන්න වෙනවා. අනිත් එක තමයි හැම අඩවියකම සත්ව දොස්තරවරු නැහැ. එම නිලධාරීන්වත් ප්‍රධාන කාර්යාලවලින් ගෙන්වා ගන්න වෙනවා. ඔය සියල්ල සිදු වෙනකොට ප්‍රමාද තමයි. මොකද කරන්නේ? එම නිලධාරීන් උනත් සතුන්ට ආදරෙයි. ගස් කොළන් වලට ආදරෙයි. අවශ්‍ය පහසුකම් නැති උනාම මොකද කරන්නේ? (නදී)
වන ජීවේ ඇමති තුමා කියලත් කනකට අරගෙන නැහැ වගේ. දේවියනි ඔබ බලාගන්න මේ අහිංසකයව.(නදී)
අනේ පව් දෙවියන් ළඟටත් ඇවිල්ලා පිහිට පතාගෙන. ඇමති තුමාත් දැනුම් දීල තියෙන එකේ කියව කියව ඉන්නේ නැතුව බෙහෙත් කළානම් හොඳයි නේද වනජීවී මහත්වරුනේ. රාජා අපිත් වැඩ (අ)
මොනවා ලියන්නද මන්දා ..!! කෝ මේ වනජීවී එකේ නැද්ද ඩොක්ටර්ස්ලා ඉක්මන් කරලා ප්‍රතිකාර කරලා මෙයාට සහනයක් දෙන්න (වනේ ඇති එකාලු -වනේ කැක්කුම දන්නේ ) (අ)
රජයේ නිලධාරීන්ට වෙලා තියෙන්නේ ආයතන සංග්‍රහයේ වගන්ති වලටම යටවෙලා වැඩකරන්න. ඒකේ කිසිම වරදක් නැහැ. නමුත් හදිසි අවස්ථාවලදී ආයතන සංග්‍රහයෙන් බාහිරව කිසිම දෙයක් කරන්න නිලධාරීන්ට භයක් තියෙනවා. මානුෂිකව හිතල තීරණ ගන්න ගියොත් ගෙදර යන්නත් වෙයි. ආයතන සංග්‍රහයේ හැම වගන්තියක්ම සුද්දෝ හදපු ඒවා. එයාලගේ වාසියට තමයි ගොඩක් වගන්ති හදාගෙන තියෙන්නේ. (නදී)
මේ නිලදාරීන් ගොඩක් අය නිකම්ම ඉඳල පඩිගන්නවා මම මෙය හොඳටම දන්නේ අනුරපුරේ කෙනෙක් නිසයි පරණ හේනක ගසක් කපනවිට නීතිය ට වැඩකරනමේ අය ,දුප්පත් ගෙදර පිටලෑල්ලටත් නඩුදාන පොලොස්ට් එක මහා වනාන්තර විනාස කර සත්ව විනාස කරන අය දිහා නොබලන්නේ ලැබෙන ගතමන නිසයි (අ)
පව් වනජිවී එකට වැඩ වැඩි ඇති. (අ)
කොහොම හරි මේ සතාව බේරගන්ඩ ඕනේ.(නදී)
මෙයාව මට බලාගන්න පුළුවන් නමුත් මම ඉන්නේ දුෂ්කර පළාතක මාස ගණනක් වැස්ස නැහැ කෑම දෙන්නඅපහසුයි. (අ)
අලියෙක් හින්දා වෙන්න ඇති. ඇතෙක් නම් මෙලහකට නිර්වින්දනය කරලා (නි)
වන ජීවී සේවක මහතුනි, මෙම සතාගේ ජීවිතය බේරාදෙන්න. ඔබතුමන්ලාට පින් සිදුවෙයි (නි)
ඒ සතා පුදසුනේ ඉන්න හැටි දැක්කම ඇස් වලට කඳුළු එනවා. මේ වගේ අහිංසක මොලේ තියෙන සත්තුන්ව නේද මේ රටේ මරල දාන්නේ කිසිම පාලනයක් නැතිව? අලිමංකඩ වහල .කැලැ විනාස කරලා ඒ සත්තුන්ට යන එන මගක් නැති කරලා කරන මේ අසාධාරණේ රටටම ශාපයක්! මේ පින්තුර වලින් කියවෙනවා ඒ පනිවිඩත්. දැන්වත් පාලකයෝ අනිත් පළාත් වල ප්‍රශ්න විසදන්නත් එයාලට වගකීමක් තියෙනවා කියල මතක් කරගත්තොත් වැඩට බැස්සොත් හොඳයි නේද? (නදී)
අනේ මහතුනේ මට වන් දුක බලලා, මගේ අසරණ ජීවිතේ ගැන ඔබ හිතලා. පිලිසක් වෙනු මැනේ මහතුනේ මේ ගෙන සිතලා.(නදී)
අලි වැඩක් වෙලා තියෙන්නේ. ප්‍රමාදය පසු තැවීමට හේතු වෙන්න පුලුවන්.(නදී)
කෝ ඔය හාස් කම් තියනවා නම් කියන්නකෝ.(නදී)
පහුගිය දොහෙත් අලි කරදර තිබුනා තමා ඕනෙම චන්ඩියෙක් උනත් ලෙඩ උනාම බොහොම අසරණ වෙනවා ආයුබෝවන් (නදී)
අනේ,මේ කිරි සප්පයව බේරගන්න. ඔබලාට පින් සිදුවෙනවා.(නදී).
බණ්ඩාර, ඔබ අනුරාධපුරේ ඉන්නවා නම් ඔය කියන නිලධාරීන්ට තියෙන පහසුකම් ගැන හොඳට දන්නවා ඇති. නිකම් ඉදන් පඩි ගන්නවා කියල කිව්වේ ඔය නිලධාරීන්ට පැවරිලා තියෙන රාජකාරියේ වගකීම දන්නේ නැතුව වෙන්න ඕනේ, නැත්නම් යම් වන අපරාධයක් කරලා වැරදිකරුවෙක් වෙලා නිලධාරීන් සමග තරහක් ඇතිවෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. මේ නිලධාරීන්ගේ ගම ගාල්ලේ , බිරිඳ ගේ සේවය නුවර, මහත්තය අනුරාධපුරේ. එහෙම වෙන්නේ මොකද කියල කියන්නත් ඕනේ බණ්ඩාරට හින්දා. හැම වන නිලධාරීකගේම ගම පළාතේ වනාන්තර නැහැ. එක නිසා එම නිලධාරීන් 75% කම ඉන්නේ කැලේ බද නිල නිවාසවල. මේ අයගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාගන්න තම රාජකාරි කරන තැන්වල ඉඳල සුදුසු පාසලකට යන්න එන්න පහසුකම් නැහැ. මේ වගේ දහසකුත් එකක් ප්‍රශ්නවලින් මිරිකිලයි මේගොල්ලන් රාජකාරි කරන්නේ. වනාන්තරවල ඇවිදින්න ඕනේ. වරදකරුවන් අල්ලන්න ඕනේ, උසාවි ගෙනියන්න ඕනේ, නඩුවලට පෙනී හිටින්න ඕනේ නඩු පැරදුනොත් ඉහල නිලධාරීන්ට වග උත්තර දෙන්නත් ඕනේ. ඔය ආරක්ෂක අංශයේ පැත්ත විතරයි. ඒවගේම දැන් දැන් දේශපාලන බලපෑම් වලටත් යටවෙන්න වෙලා තමයි ඔක්කොම් කරන්න වෙලා තියෙන්නේ. නිකම් ඉඳල පඩි ගන්න අය මේවයේ තියා රජයේ රැකියාවල කොතනකවත් නැතුව ඇති, වැරදිකරන නිලධාරීනුත් එක්කෙනෙක් දෙන්නෙක් නැතුව නොවෙයි. එත් බණ්ඩාර මහත්තය මේ නිලධාරීන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ගැන හිතල කතා කරන එක හරි නැහැනේද? (නදී)