පොළොන්නරුවේ සහකාර කම්කරු කොමසාරිස්වරයකු හිගුරක්ගොඩ පෞද්ගලික ආරක්ෂක සේවයෙ හිමිකරුවකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගනිද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව කියයි.
ආරක්ෂක සේවයේ සේවකයින්ගේ අර්ථසාදක අරමුදල් අඩුවෙන් බැර කිරීමට උදව් කිරිම සදහා මෙම අල්ලස ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දුකකි! කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ. (ස)
කම්කරු කොමසාරිස් වෙලත් කම්කරුවෙකුගෙන්ම ගස් ගියා නේද? පව්. (ස)
මේක හරියට අබිං කෑවා වාගේ වැඩක්. අල්ලස් ගත්තු මිනිහට ඒකෙන් අත් මිදෙන්න හරි අමාරුයි. (ස)
මෙයාවත් බොරුවට උසාවියට ඉදිරිපත් කරලා සති 2-3 රිමාන්ඩ් එකේ තියල ඇපදෙවී ., මේවා නිකන් බොරුවට අපිව රවටන්න කරන වැඩ , රජයේ නිලධාරීන්ගෙන් 80% විතර කොහොමත් පගාව ගන්නවා , මේ කොමිසම් හරියට වැඩ කරනවා නම් මෙහෙම වෙන්න බැහැ (අ)
අර සීයට දහය ගන්න ප්‍රසිද්ධ කෙනා නම් අහුවෙන්නෙම නැහැ නේද? විදේශ ආයෝජන කීයක් අකුලාගෙන ගියාද මේ නිසා?(අ)
දැන් අපි කොහොමද අර්ථ සාධක අරමුදලේ විනිවිදභාවය ගැන හිතන්නේ.මේක සිදුවෙන, සිදුවෙමින් පවතින දෙයක්ද? (ස)
මටත් මේ වගෙ සිද්ධියක් උනා .... ජේෂ්ට කම්කරු නිලධාරියෙක් ලොකු ජරාවක් කෑවා. අපි වගේ පුංචි මිනිස්සු තමයි හැම වෙලවෙම මේවට අහු වෙන්නෙ. මුන්ට හොඳක් සිද්ධ වෙන්න එපා. මට තාම ගෙදර ඉඳන් නඩු කියනවා. (ස)
සීයට දහය ගන්න ප්‍රසිද්ධ කෙනා ආයේ අහුවෙන්නේ නැහැ. එයා මඩ බාල්දියත් අරන් ඉතාලි ගිහිල්ලා. (ස)
අනේ කවුරුවත් නැද්ද මෙයාව බේරගන්න පුළුවන් මීට වඩා ලොකු හොරෙක්. (ස)
ජරාව නොකන කෙනෙක් ඉන්නවා නම් පෙන්නලා දෙන්න. (ස)
බොහෝ දෙපාර්තමේන්තුවල හැම ලොක්කෙක්ම වගේ හාම්පුතුන්ගෙන් අල්ලස් ගන්නවා. ඒ අය අල්ලස් ගන්නේ එළිපිට. නොගන්න අය හොයාගන්න එක හරිම අමාරුයි. ඒ වුණාට කොළඹින් දුර බැහැර ඉන්න පොඩි මිනිහෙක් තමයි ඕවට අහුවෙන්නේ. (නි)
අල්ලස දූෂණය හැම තැනම... මේවා අහනකොට කට්ටිය ටිකක් පරෙස්සමෙන් අල්ලස් ගනී. එච්චරයි. (නි)
ඔය දැලට අහුවෙන්නේ කීයකින් කීදෙනාද? (නි)