ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ දෝෂාභියෝගය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් හතෙන් දෙකක් ඉල්ලා අස් කර ගත් අතර ඉතිරි පහ සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමේ අයිතියට යටත්ව අද අල්ලා අස් කර ගත්තේය.
චන්ද්‍රා ජයරත්න හා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත්වරුන් සිය පෙත්සම් ඉල්ලා අස් කර ගත්තේ දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නය දැන් හමාර වී ඇති නිසාය.
මාදුළුවාවේ සෝභිත හිමි, විශාඛා පෙරේරා, තිලක් කාරියවසම්, මාජුවාන ගමගේ හා දූවගේ අශෝකා හරිස්චන්ද්‍ර සිය පෙත්සම් ඉල්ලා ගත්තේ නැවත සංශෝධනය කර ඉදිරිපත් කිරීම සඳහාය.
ගාස්තු රහිතව එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට ශ්‍රී ස්කන්ධරාජා, ඒ ඩබ් ඒ සලාම් හා අනිල් ගුණරත්න යන විනිසුරුවරු අවසර දුන්හ.
ඒ අනුව පෙත්සම් හතම නිශ්ප්‍රභ කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයේද? (ත)
ඔතනින් ඉවරයක් කලොත් ඇති (ස)
ඉස්සරහට තව විසි වේවී. (ස)
උඩ බලාගෙන කෙළ නොගසන් කොල්ලනේ..... (නි)
ඉස්සරහට විසි වේවිද? (නි)
මොනවා කරන්නද ඉතින් (දී)
පෙත්සමක් ඉදිරිපත්කරල ජනතාවට හොදක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවට වැඩිය ජීවිතේ වටිනවා කියා හිතන්න ඇති. (නි)
නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. (නි)
ඉල්ලා අස්කරගැනීමයි, විසිවීමයි කියන්නේ දෙකක් නේද? (නි)
දැන් ඉතින් අපි කුමක් කරමුද (දී)