IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කාම්බෝජය ධාතු හොරුන් අල්ලයි

කාම්බෝජයේ උඩොං විහාරස්ථානයෙන් ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සොරකම් කළ බුදුන්ගේ සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව සොයා ගැනීමටත්, සොරකම සිදු කළ පිරිස් අත්අඩංගුවට ගැනීමටත් හැකි වුණු බව එරට පොලිසිය නිවේදනය කළේය.

සර්වඥ ධාතු ඇතුළත් රන් කරඬුව, ශ්‍රී ලංකාවේ සිට කාම්බෝජයට වැඩම කළේ 1950 වසරේ දීය. ඒ, 2,500 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරමිනි.

කරඬුව සොරා ගත් අවස්ථාවේ සිට සොරුන් අල්ලා ගැනීමට දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කළ බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස කරඬුව සොයා ගැනීමට හැකිවු බවත් කාම්බෝජ පොලිස් ප‍්‍රකාශක කර්ට් චන්තරීත් කියා සිටී. 

කාම්බෝජයේ නොම්පෙන් අගනුවරට කිලෝ මීටර් 45 ක් දුරින් කඳුකරයේ පිහිටි උඩොං පෞරාණික විහාරය, ආසියා රටවල බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයකි.

කරඬුව සොරා ගැනුණේ විහාරයට එයට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබියදීය.

කාම්බෝජය බෞද්ධ රාජ්‍යයකි. එහි ජනගහනයෙන් සියයට 94 ක් බෞද්ධයෝ ය.

බුදුන්ගේ කෙස්, දත් සහ අස්ථි අඩංගු එම රන් කරඬුව, 1950 වසරේ ශ්‍රී ලංකාවේ සිට කාම්බේජයට වැඩම කිරීමෙන් පසු, එය පළමුවෙන් තැන්පත් කැරුණේ නොම්පෙන් අගනුවර විහාරස්ථානයක ය.

එය උඩොං විහාරයට වැඩම කෙරුණේ කාම්බෝජයේ හිටපු රජු නොරොදොම් ෂිහනුක්ගේ ප‍්‍රධානත්වයෙනි. ඒ, 2002 වසරේදීය.

 



අදහස් (0)

කාම්බෝජය ධාතු හොරුන් අල්ලයි

සහන Friday, 07 February 2014 02:44 PM

කාම්බෝජයයි ලංකාවයි අතර තියෙන වෙනස (දී)

:       0       0

සුමේධ Friday, 07 February 2014 04:53 PM

කම්බෝජේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ.....(දී)

:       0       0

මහේෂ් Friday, 07 February 2014 06:16 PM

මම එක්ක වැඩ කරන කම්බෝජ් වල කෙනෙක් ඉන්නවා , එයට මේ ගැන කීවම මගෙන් අහනවා මොකටද කරඩුව රත්තරන් වලින් හදල දුන්නේ කියල.. මේ රටේ ආර්ථිකය බොහොම දුර්වල තත්ත්වයක තියෙන්නේ . ඉතින් මිනිස්සු හොරකම් කරනවා. (දී)

:       0       0

ඒ.එස්.දී. Friday, 07 February 2014 01:35 PM

ලුසිත ජයමාන්න බුදු දහම ගැන ලියනවිට ශාස්තෘන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කරන ආකාරය දන්නෙ නැතිනම් දන්නකෙනෙකුගෙන් අහලවත් ඉගෙනගන්න ඔයා මිත්‍යාදෘශ්ඨිකයෙක් කියලයි මට හිතෙන්නෙ(දී)

:       0       0

සමන් - ඕමානය Friday, 07 February 2014 01:49 PM

සාධු! සාධු!! සාධු!!! ප්‍රීති ජනක පුවතක්. බුදුන් වහන්සේගේ බුද්ධ ධර්මය නිර්මලව චිරාත් කාලයක් ලෝකයේ පවතීවා! ශ්‍රී ලංකාවේ පාලකයින් හා පොදු ජනයා දහමෙහි හැසිරෙවා!(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3348 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ඇහැලියගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 2 0


සමන්තුරෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 19 0


කල්මුනෙ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 38 0


පැල්මඩුල්ල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 106 0


කෝපායි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 63 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14666 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 63 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 231 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site