”ඔබට අවදානමක් නැතුව කි‍්‍රකට් කී‍්‍රඩා කරන්න බැහැ. අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ. සමහරවිට ඒ අවදානම නිසා ඔබ දැවී යන්න පුලූවන්. සමහරවිට එයින්ම ලකුණු රැස්කරගන්නත් පුළුවන්. ඔබේ හැකියාවන් කෙරෙහි විශ්වාසය තබාගනිමින් මේ අන්ත දෙක අතරේ සමබරතාව තබාගත යුතුයි.”
කුමාර් සංගක්කාර - කි‍්‍රකට් තරගයකදී පිතිකරුවකු ලබාගත යුතු අවදානම පිළිබඳ අදහස් දක්වමින්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙයා කියන්නේ IPL එකට ගිහින් ගන්න අවදානම ගැන වෙන්න ඇති (ස)
මේ ඉන්නේ ලංකාවට කිර්තියක් ගෙනත් දුන්න ලොව හොදම පිතිකරු.නීල් ඔහොම කියන එක වැරදි.එයාලා කන්නේ එයාල ලංකාවට ගෙන සල්ලි මිසක් අපේ බදු සල්ලි නෙවේ.(ස)
ඇත්තෙන්ම සෑම ක්‍රීඩකයෙකුටම හොද ආදර්ශවත් උපදෙස් පෙළක්. (නි)
සංගා නම් සුපර්. (නි)
සමහරු ක්‍රීඩකයන්ගේ උපයන එක ගැන හොයනවා. නමුත් එයාලා හොයන්නේ එයාලගේ මහන්සියෙන්. උත්සාහයෙන්. කැපවීමෙන්. ඊටත් රටට නේද මේ සල්ලි එන්නේ. මෙයාලා කවුරුවත් රටේ දුප්පත් ජනතාවගේ සල්ලි අරගන්නේ නැහැ නේද? මේ වගේ ක්‍රීඩකයෝ නිසයි අපි ලෝකේ බැබලෙන්නේ. නමුත් මේ රටේ ජනතාවගේ සල්ලි සුරගන කන අය ගැන හොයන්නේ නැත්තේ ඇයි? ඔය ක්‍රීඩකයන්ට එලව එලවා පහර දෙන්නේ ඒ උදවිය පිත්ත බොලේ විතරක් පාවිච්චි කරන නිසා වෙන්න ඇති. අර උදවිය පාවිච්චි කරන ඒවා බලගතු නිසා ඒවට සද්ද නැහැ. ඔය විවේචන කරන එක අයෙක් ගිහිල්ලා පුලුවන් නම් මේ ලෝක පුජිත ක්‍රීඩකයන්ගේ තැන පුරවන්න. ගහලා එක මැච් එකක් දිනවලා පෙන්නන්න. (නි)
සංග දක්ෂය තමයි හැබැයි මෙතැන කියල තියන්නේ නං ඉන්දියාවට යන එක ගැන .(නදී)
හැමෝටම ගැලපෙන කතාවක් මේ කියන්නේ. අවදානම් කළමණාකරනය ගැන. (ස)
අපේ ක්‍රිකට් කණ්ඩායමේ කොච්චර හොඳ ක්‍රීඩකයෝ හිටියත් වැඩක් නැහැ. සල්ලි දුන්නොත් රටත් පවා දෙයි. අපේ මිනිස්සු ටිකට් අරගෙන පිටරට ගිහින් මෙයාලා ගහන තරග බලන්නේ. එහෙත් මෙයාලට ඒ ගුනේ තියන්න බැරි වුණානේ. අනේ මන්දා අපේ රටට මොන වෙන්න යනවද කියලා. (නි)
සංගාගේ වරදක් නෑ (ස)