රුපියල් තිස්පන් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි කැමරුන් ජාතික රෙදි වෙළෙන්දෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඇඳ සිටි කබායේ සාක්කුවක මෙම විදේශීය මුදල් තිබූ බව රේගුව කියයි. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර යුරෝ විසි එක්දහසක් (රුපියල් 3570000) තිබූ බව රේගුව කියයි.
රේගු අධිකාරී තිස්ස ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී උපුල් ඉන්ද්‍රජිත් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන චන්දිම කරුණාරත්න, චන්දන රත්නායක, නුවන් බංඩාර, ආර් ඒ ඩී ප්‍රසන්න සහ ඩිලාන් වීරරත්න නිලධාරීන් විමර්ශන සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතා රේගු පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොමද ?(ස)
ඇයි එයා යන්නේ? එයාල වගේ අයට මෙහේ ඉන්න කියන්න .... රටේ පුරවැසියෝ අපි කොහේහරි යන්නම්....(ස)
සුන්දර ලංකාව හොරුන්ගෙ, මැරයන්ගෙ,තක්කඩින්ගෙ පාරාදීසියක් වෙලාද? (ස)
දැන්නම් මරු. ලංකාවේ හොරු මදිවට කැමරූන් හොරු, චීන හොරු, ලෝකෙම හොරුන්ගේ පාරාදීසය වෙයි වගේ.(ස)
ඒ මිනිස්සු එන්නේ ව්‍යාපාර කරන්න . ඒ ආවම එක එක දේ ඉගෙන ගන්නවා .(ස)
නියම වැඩක් (ස)
ලක්ෂ 35 ක් කියන්නේ ලොකු දෙයක්ද ? (ස)
500 කොල 2 ක් විතර මට හංග ගන්න තිබුණනම් මරු තමයි (ස)