බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ශී‍්‍රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි‍්‍රතාන්‍යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි.
ශී‍්‍ර ලංකාව යනු බි‍්‍රතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ.
මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි‍්‍රතාන්‍යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි‍්‍රතාන්‍යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී‍්‍රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත.
අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රජයත් ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත.
30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි‍්‍රතාන්‍යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී‍්‍රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි‍්‍රතාන්‍යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි‍්‍රතාන්‍යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මෝඩ උදවිය හිතන්නේ ජනාධිපතිව දිගටම තියා ගත්තොත් මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ඇතියි කියලා. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට දඬුවම් දෙන්න තාම බැරි උනා. කැමරන් තකතීරුවෙක් වෙන්න පුළුවන්. (නදී)
ඒ වුණාට එයාලගෙ පාර්ලේමේන්තුවෙ ඒකමතිකව එයාට සහාය දෙනවා කියලා තියෙනවා නේද? තමිල්නාඩුවෙක් ඒවගෙ ඒවා කරනවා. සජිත් මහත්තයා කිව්වා වගෙ අපිට එහෙම කරන්න බැරිද අපේ පාර්ලිමේන්තුවෙ. (නි)
අර මොනවදෝ දෙයකට බෙහෙත් නැහැ වගේම තමයි මේකත් (නි)
කැමරුන් හැසිරුනේ යහපත් විදියට නම් නෙමෙයි (නි)
ඔහුගේ හැදියාවට අපි මොනවා කරන්නද? ඔහුට එහෙම ආගන්තුක සත්කාර කළේ අපේ හැදිච්ච හොඳකමට (නි)
ලංකාවට පැමිණ වසර 1815 සිට 1948 දක්වා සිදුකරනලද මිනීමැරුම් ,මංකොල්ලකෑම් , ඉන්දියාව ඇතුළු රටවල විදේශිකයන් ගෙන්වා අපේ රටතුල බලෙන් පදිංචි කිරීම ,අපගේ දේපල ඔවුන්ගේ රටට ගෙනයාම වනිදේට අන්තර්ජාතික ස්වාදීන කමිටුවක් පත්කර වන්දී ලබා ගතයුතුය. (අ)
කැමරන් මෙහෙම හැසිරෙන්නේ මහජන මුදලින් යැපෙන අපේම කට්ටියක් හරියට වැඩේ නොකරන නිසා නේද? රජයේ අවධානය යොමුවේවා! (නි)
බලන්නකෝ එංගලන්තයේ වෙබ් අඩවි වල ශක්තිය. රටේ අගමැතිවරයාට හතරවටින් බැට දෙන්නත් පුළුවන් නම්,එතකොට අපේ වෙබ් අඩවි වලට පුලුවන්ද අර සාධාරණිකරණය කළ නොහැකි දේවත් පල කරන්න? අපේ නම් හතර වටින් බැට දෙන්නේ එහෙම කරන වෙබ් අඩවි වලට. (නි)
තමන් හෙළුවෙන් ඉන්න බව අමතක කරන එතුමා අනිත් අය හෙළුවෙන් කියල කියන්න තටමනවා. මේවට හිනාවෙන්ට ඕන කටින් විතරද ? (නදී)
ඇයි අපිට බැරි 1815 සිට 1948 දක්වා වූ කාල සීමාවේ සිදුවූ සියලු මිනිස් ඝාතන/දේපල/මුතුමැණික්?පුරාවස්තු යනාදී සියලු දේවලට වන්දියක් හෝ සාධාරණ අයිතියක් ඉල්ලා සටනක් දියත් කරන්න?අඩුම ගනනේ එයාලගේ කටවල් වැහිලා ලංකාවට එයාලගේ අතින් වෙච්ච වැරැද්ද ලෝකයට දැනගන්න තියන්න පුළුවන් නේද?අපිට ප්‍රශ්න කරන්න කාගෙන්වත් බාධාවක් නැහැ නේද?අපේ පුරාවස්තු සැහෙන ගණනක් විදේශ රටවල තිබෙන බවට සැකයක් නැහැ.ලංකාව නිසා පෝසත් වෙච්ච රටවල් කියක් නම් ඇතිද?නමුත් අපි දුප්පත් වුනේ විදේශ ආක්‍රමණ නිසාවෙන්ම නේද?ලෝකයේ ස්වාභාවික ව්‍යසන වලින් අඩුම/සම්පත් වලින් අඩුවක් නූන සුන්දරත්වයෙන් අසමසම, භෞතිකත්වයෙන් පිරිපුන් මාගේ රටේ ජනතාව අද විදේශිකයන්ගේ බැල මෙහෙවරකම් වලටත් තාඩන පීඩන වලටත් ගොදුරු වී සිටින්නේ මේ ආක්‍රම නිසාත් ඒ හා සමානව අද දේශපාලකයන්ගේ වංචා දුෂණ නිසාවෙන් නේද?ලංකාවේ වටිනාකම එදා සුද්දට තේරුනාට තාමත් අපේ රටේ දේශපාලකයන්ට තේරිලා නැහැ!!!! (ස)
කැමරන්ගේ කැමල් කතා ගණනකට ගන්න ඕන නෑ. එයත් රගපාන්නේ ජයලලිතාගේ චරිතේම තමා. නැති කුණු අවුස්සලා රටම ගදගස්සන වැඩ කරන්නේ (නදී)
මහින්ද මහත්තයා එක්ක බලද්දි කැමරන් ඇටිකිච්චෙක්. එයාගේ නොහැකියාව හොදට පේනවා.(නදී)
නුවන්, අපි දැනගන්න කොට බඩගින්නේ වලට ගිහිල්ල ඉවරයි. (ස)
ඔරිජිනල් ලින්ක් එක දාන්නකෝ. (ස)
සුද්දන් තවදුරටත් සිංහලයාගේ අයිතිය නොසලකා උන්ගේ බාල්දි ඇද්ද දෙමළුන්ට උදවු කරන බව කැමරන්ගේ වැඩ වලින් හොදින් ඔප්පු කලා. දැන් සුද්දන්ට ඕනේ මහින්ද මහත්තයව එළවලා උන්ට එහෙයි කියන බත් බැලයෙක් පාලකයා කරගන්න. 2009 වෙනකන් සිංහල මිනිස්සු දෙමලුන්ගේ අතින් මැරුණේ එම හේතුව නිසයි. උන් කියන විදියට වෙලාවට යුද්ධ කරලා කියන වෙලාවට නවත්තනවා. ලංකාවේ හමුදාවට යුධ අපරාධ චෝදනා කරන සුද්දෝ ඒ යුධ අපරාධ වලට මග හදල රටේ අයිතියක් නැතිව හිටි දෙමළුන්ට සිංහලයින්ට සමාන පුරවැසිකම, ආයුධ, සල්ලි , උදවු දීල සිංහල මිනිස්සු මරපු එකටත් යුධ අපරාධ පරීක්ෂණයක් තියන්න ඕනේ. දැනට සුද්දගේ රටවල ඉන්න කොටි ත්‍රස්තවාදීන්ට නීතියෙන් ක්‍රියා නොකර රැකවරණය දෙන එකත් සිංහල මිනිහාට එරෙහිව කරන අපරාධයක්. (ස)
අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ දැන් යුද්ධය ජාත්‍යන්තරයට හරි කරුණු වටහාදීමයි. දැන් එය පටන්ගනිමු. (නි)
මුන්ට හෙන හතම ගහන්න ඕන. අපේ මේ පුංච් රට දෙකඩ කරන්න හදන්නේ ඔය ලොකුවට තියෙන තමුන්ලගෙ රටෙන් කැල්ලක් දීපන්කො එතකොට ප්‍රශ්නේ ඉවරයිනෙ. (ස)
කැමරන්ගේ හිතේ තවම මේක සුද්දගේ කොලනියක් කියලා.සුද්දා වෙල්ලස්සේ දී ඝාතනය කරපු අහිංසක සිංහලයා ගැන කතා නැහැ ..! (ස)
ඩේවිඩ් කැමරන් ලංකාවට එද්දී හිතන් ඇවිත් තියෙන්නේ මහා බ්‍රිතානයේ යටත් විජිත කොළනියකට යනවා කියලයි...ඒකයි මිනිහා ඔය පිස්සුවෙන් වගේ දැඟලුවේ....එක අතකට අපේම උනුත් පරදේසක්කරයන්ට පන්දම් අල්ලද්දී උන් අපි ගැන ඒ විදියට හිතන එක ගැන පුදුම වෙන්න ඕනත් නැහැ..ඔය කට්ටියක් ගෙදරටම ගෙන්නාගෙන අර හතර-නාලිකාවේ අයට කිව්වේ කේලම්.....සුද්ද අපිට 1815 ඉඳල කරපුවා හොයන්න වැඩි දුර යන්න ඕන නැහැ....අපේ රටෙන් අරන් ගිහින් උන්ගේ කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තියන් ඉන්න බඩුම මදිද? (ස)
අපි කාටවත් නැවෙන ජාතියක් එහෙම නොවෙයි.අපිට කොන්දක් තියෙනවා. අපි හොඳ සිංහලයෝය.ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළ හමුදාවක් අපිට අයිතියි.ඒක කාටවත් නෑ කියන්න බෑ.කැමරන් කියන්නේ රූකඩයක් විතරයි.ඇත්තම කථාව තමයි දැනට අපි මේ තියෙන අභියෝග ජයගන්න අපි වෙන්වෙලා බෑ.රටක් ඇතුලේ මොන ප්‍රශ්න තිබුණත් ඒවා අමතක කරලා මේ රටේ එක්සත් කරන තැන ඉඳන් කටයුතු කරන්න ඕන.නැත්නම් අපිට වෙන්නේ බෙලහීන ජාතියක් වගේ කටයුතු කරන්න. (ස)
සන්ඩේ ටයිමිස් පත්තරේ ඔහොම ආටිකල් එකක් දාපු එක ලොකු දෙයක්. මට මතක විදියට ඉස්සර ඔය වෙබ් සයිට් එක කොටින්ට කඩේ ගියා. (ස)
නඩරාජා, ඔයා කාටද ඔය දෙමල නමක් දාගෙන වැඩ කරන්නෙ. (ස)
පි .බි . දර්ශන, නියම සිංහල අදහස්. ඇයි බැරි අපි හැමෝට මේ විදියට හිතන්න. (ස)
කැමරන්ලා කෑ ගැහුවට වැඩක් නැහැ එයාලා දැන් වැටිලා ඉන්නේ. ඉන්දියාව කියන දේවල් කර කර ඉන්නවා. ඒ රටේ වැඩිය ඉන්නේ ඉන්දියන් කාරයෝ.(නදී)
ඒක නේ අපේ ජනාධිපතිතුමා හොද උත්තරයක් දුන්නේ "වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා". දැන් ටික ටික කට්ටියගෙම ඇස් ඇරීගෙන එනවා වගෙයි පේන්නේ. කෙසේ නමුත් ටයිම්ස් සගරාවට බොහොම ස්තුතියි.(නදී)
එයාල ගල්ගහන්නේ වීදුරු ගෙවල්වල ඉඳගෙන කෝට් ඇඳගෙන.අපි උත්තර දෙන්නේ එළිමහනේ කෝට් නැතුව (නි)
මුළු ලොවම කෙදිනක හෝ ඔහුට එරෙහි වේවි (නි)
ලංකාව ගැන නෙමේ කැමරන්ලා දුර්මත දාන්නේ, පිළිකුල් කරන්නේ සිංහල මිනිසුන් හා රජයයි. එයා කතාකලේ දෙමල අය සමගම විතරයි. මුදලිදරන්වත් ඇත්ත හා කැමරන්ගේ හැසිරීමේ කැතකම කියා දුන්නේ නැත්තේ ඇයි? ඒ මිනිහගේ මුණ දැක්කම රටම එපා වෙනවා. (ස)
ලංකාවේ මාධ්‍ය මේවගේ ලීවේ නැත්තේ ඇයි? (ස)
මේ ලිපියට අදාල වෙඩ් අඩවි වල ලිපිනයන් දාන්න පුළුවන්ද? (නි)
ඇති යන්තම් සාධාරන විදියට මේ වෙබ් අඩවි කරන අයවත් ලංකාව තේරුම් ගත්තා. දැන්වත් කැමරන් මහත්තයාගේ ඇස් අැරෙයිද බලමු. (නි)
අපේ රට ගැන තියෙන දුර්මත නොබෝ කලකින්ම දුරුවෙනවා නිසැකයි. ජනාධිපතිතුමා තවත් දීර්ඝ කාලයක් මේ පදවියේ සිටිය යුතුයි (නි)
ස්තුතියි
ඕක හුගක් දෙනෙක්ට තේරෙන්නේ නැති සත්‍යයක්. මොකද චන්නෙල් 4 කට්ටියයි, බ්‍රිතාන්‍ය අගමැතියි හිතන් ඇති තාම ශ්‍රී ලංකාව ඒගොල්ලන්ගේ කොලනියක් කියල.බටහිර කොහොමත් අපිට සලකන්නේ මෙහෙම තාමා. අපි රටේ නිදහස ගැන මේගොල්ලෝ ප්රෙසිද්දියේ කතා කරන්නේ වත් නෑ. (අ)
කැමරන්ලාගේ ආතලා, මුත්තලා මෙහෙ කරපු යුද අපරාධ කවුද කථා කරන්නේ. අවුරුදු 14 වැඩි සිංහල දරුවන් මරා දමන්න කල අණ ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කලේ මොන ජාතිකයින්ද?(නදී).
මිනීමරු කොටි රොත්තක් රට අස්සෙම තියාගෙන අපෙන් මානව හිමිකම් ගැන අහනවා.බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපෙන් සමව ගන්න ඕනෑ හරි නම්.මේ රටේ අතීතයේ කළ මහා මිනිස් සංහාර වලට.ලජ්ජා නැතුව මෙහෙ ඇවිල්ලා මානව හිමිකම් ගැන දොඩවනවා. (නි)
කැමරන්ගේ අත්තලා මුත්තලා අපේ රටේ මානව හිමිකම් රැකපු හැටි හෙව්වොත් යුධ අධිකරණයේ දෙන්න දඬුවම් අලුතින් හදන්න වේවි. (නි)
මෙකෙන්වත් කැමරන් පාඩමක් ඉගනගත්තොත් හොදයි. ගියතැනක තමන්ගේ පාඩුවේ ඉන්න අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව (නි)
කමල්, ජාතිය කෙසේවෙතත් දැන් වයස් සීමාවක් නැතුව මිනිසුන් මරා දමනවා. (නි)
කලින් ඉන්දියාවේ පාර්ලිමේන්තුව උනුසුම්වුණා දැන් එංගලන්තේ උණුසුම් මේ ඔක්කොම ලංකාව නිසා හත් පොලේ ගාගෙන,ලංකාවට තියෙන කෑදර කමට සහ ඉරිසියාවට. මුන්ට මකබැවිල යන්න දෙන්න, හොයන්න කෝ හොඳ තුරුම්පුවක් (අ)
ඔය වෙබ් අඩවියට මොකද අමතක උනේ මිලිබෑන්ඩ්?ඒ මිනිහනේ කැමරුන් ට වැඩ ඔතන පස්ස එන ගන්න හදන්නේ.කැමරුන් ගේ හැසිරිම යුරෝපා සංගමය තුලත් ඔහොමලු.එකධිපති ගති ලක්ෂණ වැඩිලු (අ)
අපේ රටෙනුත් මුන්ට යුධ චෝදනා ගේනවා කිව්වාම පත්තු වෙලා තියෙන්නෙ... හොදවැඩේ... මිනිමරු ම්ලේච්ඡ හිගන මංකොල්ල කාර බ්‍රිතන්‍ය අධමයන්ට...(අ)
කැමරන් පිස්සෙක්. (නදී).
මටනම් හිතෙන්නේ මෙයාලට තවමත් හිතාගන්න බෑ අපේ රටේ මිනීමරු කොටි රැල විනාශ කරපු එක .බටහිර ජාතීන්ට ඕන හැමදාමත් අපි වගේ රටවල බෝම්බ පිපිරෙනවා ,හැමදාම පාරවල් ගානේ මිනිස්සු මැරෙනවා දකින්න .මොකද එයාලටත් ඔවුන්ගේ පැවැත්මට ආයුධ ටික විකුණාගන්න ඕන නේ . (අ)
ඕක ඔයාට නොතේරුන එක තමයි වැඩේ.ඒ වුණත් තේරිලා නොතේරුණා වගේ හිටියද දන්නේ නැහැ?කොහොම නමුත්,ඇත්ත කතාවක් ටයිම්ස් එකේ තියෙන්නේ.අපේ ප්‍රශ්න අපි බලාගන්නම්.නැද්ද? (නි)
විදේශිකයන්ගේ ඡන්ද බලාගෙන මේ අය කටයුතු කරන්නේ. මිලියන ගණනක් විදේශිකයන් සතුව ඡන්ද බලය තිබෙන නිසා (නි)
පවු කැමරන්. (නි)
කැමරන් අාපු දවසේ ඉදලම මට හිතුණා (නි)
කැමරන්ට උන ගැනෙන්න නොබෝදාම ලන්ඩනයේ හා කැනඩාවේ කොටින් වෙනුවෙන් කොටසක් ඉල්ලා ලංකාවේ සමානව යුද්ද කරත්වා කියා පතනවා.(ස)
කැමරන් තාම අදුරන්නේ නැ වත්මන් ජනාධිපති කවිද කියල.ඉස්සරහට මුළු ලෝකයම දැනගනීවි .(ස)
අපේ රටේ එල් ටි ටි ප්‍රශ්නය අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඔය කෑ ගසන කැමරන්ගේ මුතුන් මිත්තන් රට රටවලට පැනල මිනිසුන් මරල දේපොළ මංකොල්ල කපු හැටි හොයන එක නරකද කැමරන් මහත්තයෝ ......
ටින් මාළු මැකරල් වගේ ටික දවසින් කාගේහරි බඩේ (අ)
කැමරන් මීළග මැතිවරණයෙන් දිනනවාද? පැරදුනාට පසුව ඔහුට වැටහෙයි කළ මෝඩකම් (නි)
සුද්දෝ කවදත් අපට කලේ විනම තමයි. බුදුන්ට පිදූ අපේ දේශය කවදාවත් අසරණ කරන්නට ඔවුන්ට ලැබෙන්නෙ නැහැ (නි)
සුදු වෑන් එන එක ගැන නම් පරීක්ෂණයක් අවශ්‍යයි. අඩුම ගානේ හොරකම් කරනවා බලන්න ඕන කිව්වනම් ලොක්කට ඉන්න තැන අමතක වෙනවා. යුද අපරාද වෙලා නැත්තම් මොකෝ අපේ කට්ටිය බයවෙලා ඉන්නේ? මට කියන්නකෝ?(අ)
බටහිර සුද්දා කොටියට උදවු කරන්නේ මොකද? ඔවුන්ගේ ලාබ ප්‍රයෝජනයට.යුද්ධය ඔවුන්ට ව්‍යාපාරයක්.යුද්ධය දිගටම ගියොත් ඔවුන්ගේ අවි වෙළඳාම ජයයි.කැමරන් ඇතුළු කොටින්ට අාවඩන හැම සුද්දාටම ස්වභාව ධර්මය දඬුවම් දීම අනිවාර්යයි (නි)
කැමරන් තාම ළදරුවෙක් අපේ ජනපතිතුමා ඉදිරියේ (නි)
ලංකා හමුදාව කොටින්ට ගහනකොට විතරද මානව හිමිකම් නැතිවුනේ? සුද්දා ඉරාකයට, ලිබියාවට ,ඇෆ්ගනිස්ථානයට ගහනකොට මානව හිමිකම් කැඩෙන්නේ නැද්ද? ඇයි ලෝක නායකයෝ ඒ ගැන හඬක් නගන්නේ නැත්තෙ? දැන් සුද්දාගේ වීදුරු ගෙවල් වලට ගල් විසිකරමු. (නි)