IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කැමරන්ට හතරවටෙන් බැට

බි‍්‍රතාන්‍යය අගමැති ඬේවිඞ් කැමරන් ශී‍්‍රලංකාවට පැමිණි දිනයේ පටන්ම හැසිරුනේ අඥාදායකයෙකු ලෙස යැයි බි‍්‍රතාන්‍යය වෙබ් අඩවි කිහිපයක්ම චෝදනා නඟයි.

ශී‍්‍ර ලංකාව යනු බි‍්‍රතාන්‍යය යටත් විජිතයක් ලෙස පැවැති හෙයින් එදවස කියුම් කෙරුම් අදටත් අදාළ වන්නේ යැයි ඔහු සිතා සිටියේ නම් එය වැරදීමක් බව එම වෙබ් අඩවි වාර්තාවන්ගේ දැක්වේ.

මේ පිළිබඳව වඩා හොද විවරණයක් ඉදිරිපත් කර ඇති බි‍්‍රතාන්‍යයේ ද සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය බි‍්‍රතාන්‍යය අගමැතිවරයා විදෙස් රටවල් සමග ගෞරවාන්විත ලෙස සබදතා පවත්වාගත්තද ශී‍්‍රලංකාව හා සැළකීමේදී එය එසේ නොවන බවක් පෙනෙන්නට ඇතැයි සදහන් කර ඇත.

අගමැතිවරයාගේ උතුරේ සංචාරය ගැනත් අදහස් දක්වා ඇති සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවිය අගමැතිවරයා තමන් කලකට පසු උතුරට ගිය පළමු විදෙස් රාජ්‍ය නායකයා බවට උදම් ඇනුවද නමුත් එසේ උතුරට යාමට හැකියාව ලැබුණේ ශී‍්‍ර ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රජයත් ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශත් 30 වසරක් තිස්සේ පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ නිසාවෙන් බව ඔහුට අමතක වී ඇතැයි සදහන් කර ඇත.

30 වසරක් තිස්සේ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර,සැළසුම් සහගත මිනීමැරුම්,ළමා සොල්දාදුවන්,බෝම්බ ඇටවීම් සියල්ල දැන් බි‍්‍රතාන්‍යයට අමතකව ඇති සෙයක් පෙනෙන්නට ඇතැයි වෙබ් අඩවියේ දැක්වේ.තවද කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් වලට සෘජුවම දායක වූ දෙමළ ඩයස්පෝරාව ලන්ඩනය කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක වෙද්දී ඒවාට පියවර නොගෙන ඇස කන පියාගෙන සිට දැන් ශී‍්‍රලංකාව නැගිටීමට උත්සාහ කරන කල ඊට අකුල් හෙළන්නට බි‍්‍රතාන්‍යය සැරසෙන්නේ යටත් විජිත මානසිකත්වය තවමත් පවතින නිසාවෙන් යැයි පෙනෙන්නට ඇතැයි එහි සදහන්ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් සියල්ල සාධාරණීකරණය කළ නොහැකි වුවත් අගය කළ යුතු දේ අගය කිරීමට බි‍්‍රතාන්‍යය අගමැතිවරයා කටයුතු කළේ නම් දෙරට අතර දැන් පවතින සේ විරසකයක් ඇති නොවීමට ඉඩ තිබුණි යැයිද එසේ වී නම් ශී‍්‍ර ලංකාවේ ගැටලූකාරී වාතාවරණය මැඬීමට ගතහැකි පියවර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග හොදින් සාකච්ඡ කිරීමට හැකියාව තිබුණේ යැයිද වෙබ් අඩවියේ දැක්වේ

 



අදහස් (0)

කැමරන්ට හතරවටෙන් බැට

චමින්ද Thursday, 21 November 2013 01:02 PM

සන්ඩේ ටයිමිස් පත්තරේ ඔහොම ආටිකල් එකක් දාපු එක ලොකු දෙයක්. මට මතක විදියට ඉස්සර ඔය වෙබ් සයිට් එක කොටින්ට කඩේ ගියා. (ස)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 20 November 2013 08:00 PM

මේ ලිපියට අදාල වෙඩ් අඩවි වල ලිපිනයන් දාන්න පුළුවන්ද? (නි)

:       0       0

ආලෝක Sunday, 24 November 2013 10:48 PM

ලංකාව ගැන නෙමේ කැමරන්ලා දුර්මත දාන්නේ, පිළිකුල් කරන්නේ සිංහල මිනිසුන් හා රජයයි. එයා කතාකලේ දෙමල අය සමගම විතරයි. මුදලිදරන්වත් ඇත්ත හා කැමරන්ගේ හැසිරීමේ කැතකම කියා දුන්නේ නැත්තේ ඇයි? ඒ මිනිහගේ මුණ දැක්කම රටම එපා වෙනවා. (ස)

:       0       0

තාරුක Sunday, 24 November 2013 10:57 PM

ලංකාවේ මාධ්‍ය මේවගේ ලීවේ නැත්තේ ඇයි? (ස)

:       0       0

ප්.ස.න.ප්.සේරම් Friday, 22 November 2013 09:03 AM

එයාල ගල්ගහන්නේ වීදුරු ගෙවල්වල ඉඳගෙන කෝට් ඇඳගෙන.අපි උත්තර දෙන්නේ එළිමහනේ කෝට් නැතුව (නි)

:       0       0

දොඩන්ගොඩ Wednesday, 20 November 2013 08:03 PM

විදේශිකයන්ගේ ඡන්ද බලාගෙන මේ අය කටයුතු කරන්නේ. මිලියන ගණනක් විදේශිකයන් සතුව ඡන්ද බලය තිබෙන නිසා (නි)

:       0       0

අල්විස් Thursday, 21 November 2013 08:21 AM

තමන් හෙළුවෙන් ඉන්න බව අමතක කරන එතුමා අනිත් අය හෙළුවෙන් කියල කියන්න තටමනවා. මේවට හිනාවෙන්ට ඕන කටින් විතරද ? (නදී)

:       0       0

අස්මිත් Thursday, 21 November 2013 09:10 AM

ඇයි අපිට බැරි 1815 සිට 1948 දක්වා වූ කාල සීමාවේ සිදුවූ සියලු මිනිස් ඝාතන/දේපල/මුතුමැණික්?පුරාවස්තු යනාදී සියලු දේවලට වන්දියක් හෝ සාධාරණ අයිතියක් ඉල්ලා සටනක් දියත් කරන්න?අඩුම ගනනේ එයාලගේ කටවල් වැහිලා ලංකාවට එයාලගේ අතින් වෙච්ච වැරැද්ද ලෝකයට දැනගන්න තියන්න පුළුවන් නේද?අපිට ප්‍රශ්න කරන්න කාගෙන්වත් බාධාවක් නැහැ නේද?අපේ පුරාවස්තු සැහෙන ගණනක් විදේශ රටවල තිබෙන බවට සැකයක් නැහැ.ලංකාව නිසා පෝසත් වෙච්ච රටවල් කියක් නම් ඇතිද?නමුත් අපි දුප්පත් වුනේ විදේශ ආක්‍රමණ නිසාවෙන්ම නේද?ලෝකයේ ස්වාභාවික ව්‍යසන වලින් අඩුම/සම්පත් වලින් අඩුවක් නූන සුන්දරත්වයෙන් අසමසම, භෞතිකත්වයෙන් පිරිපුන් මාගේ රටේ ජනතාව අද විදේශිකයන්ගේ බැල මෙහෙවරකම් වලටත් තාඩන පීඩන වලටත් ගොදුරු වී සිටින්නේ මේ ආක්‍රම නිසාත් ඒ හා සමානව අද දේශපාලකයන්ගේ වංචා දුෂණ නිසාවෙන් නේද?ලංකාවේ වටිනාකම එදා සුද්දට තේරුනාට තාමත් අපේ රටේ දේශපාලකයන්ට තේරිලා නැහැ!!!! (ස)

:       0       0

වර්ණ Wednesday, 20 November 2013 08:57 PM

පවු කැමරන්. (නි)

:       0       0

සඳුන් Thursday, 21 November 2013 09:17 AM

කැමරන්ගේ කැමල් කතා ගණනකට ගන්න ඕන නෑ. එයත් රගපාන්නේ ජයලලිතාගේ චරිතේම තමා. නැති කුණු අවුස්සලා රටම ගදගස්සන වැඩ කරන්නේ (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 November 2013 09:08 PM

කැමරන් අාපු දවසේ ඉදලම මට හිතුණා (නි)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 09:17 PM

කැමරන්ට උන ගැනෙන්න නොබෝදාම ලන්ඩනයේ හා කැනඩාවේ කොටින් වෙනුවෙන් කොටසක් ඉල්ලා ලංකාවේ සමානව යුද්ද කරත්වා කියා පතනවා.(ස)

:       0       0

අමිළ කටුනායක Thursday, 21 November 2013 09:45 AM

මහින්ද මහත්තයා එක්ක බලද්දි කැමරන් ඇටිකිච්චෙක්. එයාගේ නොහැකියාව හොදට පේනවා.(නදී)

:       0       0

වසන්ත Wednesday, 20 November 2013 05:08 PM

ඕක ඔයාට නොතේරුන එක තමයි වැඩේ.ඒ වුණත් තේරිලා නොතේරුණා වගේ හිටියද දන්නේ නැහැ?කොහොම නමුත්,ඇත්ත කතාවක් ටයිම්ස් එකේ තියෙන්නේ.අපේ ප්‍රශ්න අපි බලාගන්නම්.නැද්ද? (නි)

:       0       0

ගමේකොල්ලා Thursday, 21 November 2013 09:57 AM

නුවන්, අපි දැනගන්න කොට බඩගින්නේ වලට ගිහිල්ල ඉවරයි. (ස)

:       0       0

කුමාරි Wednesday, 20 November 2013 05:15 PM

ඇති යන්තම් සාධාරන විදියට මේ වෙබ් අඩවි කරන අයවත් ලංකාව තේරුම් ගත්තා. දැන්වත් කැමරන් මහත්තයාගේ ඇස් අැරෙයිද බලමු. (නි)

:       0       0

නර්මදා Thursday, 21 November 2013 10:05 AM

ඔරිජිනල් ලින්ක් එක දාන්නකෝ. (ස)

:       0       0

නුවන් Wednesday, 20 November 2013 10:15 PM

කැමරන් තාම අදුරන්නේ නැ වත්මන් ජනාධිපති කවිද කියල.ඉස්සරහට මුළු ලෝකයම දැනගනීවි .(ස)

:       0       0

පාලි Wednesday, 20 November 2013 05:19 PM

අපේ රට ගැන තියෙන දුර්මත නොබෝ කලකින්ම දුරුවෙනවා නිසැකයි. ජනාධිපතිතුමා තවත් දීර්ඝ කාලයක් මේ පදවියේ සිටිය යුතුයි (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 November 2013 05:29 PM

ස්තුතියි

:       0       0

අබ්දුල් Wednesday, 20 November 2013 05:34 PM

ඕක හුගක් දෙනෙක්ට තේරෙන්නේ නැති සත්‍යයක්. මොකද චන්නෙල් 4 කට්ටියයි, බ්‍රිතාන්‍ය අගමැතියි හිතන් ඇති තාම ශ්‍රී ලංකාව ඒගොල්ලන්ගේ කොලනියක් කියල.බටහිර කොහොමත් අපිට සලකන්නේ මෙහෙම තාමා. අපි රටේ නිදහස ගැන මේගොල්ලෝ ප්රෙසිද්දියේ කතා කරන්නේ වත් නෑ. (අ)

:       0       0

ෂේන් Wednesday, 20 November 2013 10:42 PM

අපේ රටේ එල් ටි ටි ප්‍රශ්නය අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඔය කෑ ගසන කැමරන්ගේ මුතුන් මිත්තන් රට රටවලට පැනල මිනිසුන් මරල දේපොළ මංකොල්ල කපු හැටි හොයන එක නරකද කැමරන් මහත්තයෝ ......

:       0       0

දිසානායක Wednesday, 20 November 2013 10:45 PM

ටින් මාළු මැකරල් වගේ ටික දවසින් කාගේහරි බඩේ (අ)

:       0       0

කරු Friday, 22 November 2013 11:49 PM

මුළු ලොවම කෙදිනක හෝ ඔහුට එරෙහි වේවි (නි)

:       0       0

කමල් Wednesday, 20 November 2013 05:44 PM

කැමරන්ලාගේ ආතලා, මුත්තලා  මෙහෙ කරපු යුද අපරාධ කවුද කථා කරන්නේ. අවුරුදු 14 වැඩි සිංහල දරුවන් මරා දමන්න කල අණ ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කලේ මොන ජාතිකයින්ද?(නදී).

:       0       0

චින්තක පෙරේරා Thursday, 21 November 2013 10:23 AM

සුද්දන් තවදුරටත් සිංහලයාගේ අයිතිය නොසලකා උන්ගේ බාල්දි ඇද්ද දෙමළුන්ට උදවු කරන බව කැමරන්ගේ වැඩ වලින් හොදින් ඔප්පු කලා. දැන් සුද්දන්ට ඕනේ මහින්ද මහත්තයව එළවලා උන්ට එහෙයි කියන බත් බැලයෙක් පාලකයා කරගන්න. 2009 වෙනකන් සිංහල මිනිස්සු දෙමලුන්ගේ අතින් මැරුණේ එම හේතුව නිසයි. උන් කියන විදියට වෙලාවට යුද්ධ කරලා කියන වෙලාවට නවත්තනවා. ලංකාවේ හමුදාවට යුධ අපරාධ චෝදනා කරන සුද්දෝ ඒ යුධ අපරාධ වලට මග හදල රටේ අයිතියක් නැතිව හිටි දෙමළුන්ට සිංහලයින්ට සමාන පුරවැසිකම, ආයුධ, සල්ලි , උදවු දීල සිංහල මිනිස්සු මරපු එකටත් යුධ අපරාධ පරීක්ෂණයක් තියන්න ඕනේ. දැනට සුද්දගේ රටවල ඉන්න කොටි ත්‍රස්තවාදීන්ට නීතියෙන් ක්‍රියා නොකර රැකවරණය දෙන එකත් සිංහල මිනිහාට එරෙහිව කරන අපරාධයක්. (ස)

:       0       0

සත්‍යා Thursday, 21 November 2013 10:25 AM

සමහර මෝඩ උදවිය හිතන්නේ ජනාධිපතිව දිගටම තියා ගත්තොත් මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ඇතියි කියලා. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිට දඬුවම් දෙන්න තාම බැරි උනා. කැමරන් තකතීරුවෙක් වෙන්න පුළුවන්. (නදී)

:       0       0

චාන් Wednesday, 20 November 2013 11:13 PM

කැමරන් මීළග මැතිවරණයෙන් දිනනවාද? පැරදුනාට පසුව ඔහුට වැටහෙයි කළ මෝඩකම් (නි)

:       0       0

අජිත් Thursday, 21 November 2013 06:16 PM

ඒක නේ අපේ ජනාධිපතිතුමා හොද උත්තරයක් දුන්නේ "වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න එපා". දැන් ටික ටික කට්ටියගෙම ඇස් ඇරීගෙන එනවා වගෙයි පේන්නේ. කෙසේ නමුත් ටයිම්ස් සගරාවට බොහොම ස්තුතියි.(නදී)

:       0       0

සනත් Wednesday, 20 November 2013 06:04 PM

මිනීමරු කොටි රොත්තක් රට අස්සෙම තියාගෙන අපෙන් මානව හිමිකම් ගැන අහනවා.බ්‍රිතාන්‍ය ජාතිකයෝ අපෙන් සමව ගන්න ඕනෑ හරි නම්.මේ රටේ අතීතයේ කළ මහා මිනිස් සංහාර වලට.ලජ්ජා නැතුව මෙහෙ ඇවිල්ලා මානව හිමිකම් ගැන දොඩවනවා. (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර. Wednesday, 20 November 2013 06:06 PM

කැමරන්ගේ අත්තලා මුත්තලා අපේ රටේ මානව හිමිකම් රැකපු හැටි හෙව්වොත් යුධ අධිකරණයේ දෙන්න දඬුවම් අලුතින් හදන්න වේවි. (නි)

:       0       0

අජිත් Thursday, 21 November 2013 10:43 AM

මුන්ට හෙන හතම ගහන්න ඕන. අපේ මේ පුංච් රට දෙකඩ කරන්න හදන්නේ ඔය ලොකුවට තියෙන තමුන්ලගෙ රටෙන් කැල්ලක් දීපන්කො එතකොට ප්‍රශ්නේ ඉවරයිනෙ. (ස)

:       0       0

කනම්පිටියේ අමරේ Thursday, 21 November 2013 12:10 AM

සුද්දෝ කවදත් අපට කලේ විනම තමයි. බුදුන්ට පිදූ අපේ දේශය කවදාවත් අසරණ කරන්නට ඔවුන්ට ලැබෙන්නෙ නැහැ (නි)

:       0       0

රෝස Wednesday, 20 November 2013 06:14 PM

මෙකෙන්වත් කැමරන් පාඩමක් ඉගනගත්තොත් හොදයි. ගියතැනක තමන්ගේ පාඩුවේ ඉන්න අනුන්ගේ කුණු හොයන්නෙ නැතුව (නි)

:       0       0

දිලුම් Thursday, 21 November 2013 12:44 AM

සුදු වෑන් එන එක ගැන නම් පරීක්ෂණයක් අවශ්‍යයි. අඩුම ගානේ හොරකම් කරනවා බලන්න ඕන කිව්වනම් ලොක්කට ඉන්න තැන අමතක වෙනවා. යුද අපරාද වෙලා නැත්තම් මොකෝ අපේ කට්ටිය බයවෙලා ඉන්නේ? මට කියන්නකෝ?(අ)

:       0       0

නඩරාජා Thursday, 21 November 2013 12:47 AM

බටහිර සුද්දා කොටියට උදවු කරන්නේ මොකද? ඔවුන්ගේ ලාබ ප්‍රයෝජනයට.යුද්ධය ඔවුන්ට ව්‍යාපාරයක්.යුද්ධය දිගටම ගියොත් ඔවුන්ගේ අවි වෙළඳාම ජයයි.කැමරන් ඇතුළු කොටින්ට අාවඩන හැම සුද්දාටම ස්වභාව ධර්මය දඬුවම් දීම අනිවාර්යයි (නි)

:       0       0

දයා Wednesday, 20 November 2013 06:23 PM

කමල්, ජාතිය කෙසේවෙතත් දැන් වයස් සීමාවක් නැතුව මිනිසුන් මරා දමනවා. (නි)

:       0       0

එදිරිසිංහ Thursday, 21 November 2013 12:58 AM

කැමරන් තාම ළදරුවෙක් අපේ ජනපතිතුමා ඉදිරියේ (නි)

:       0       0

නඩරාජා Thursday, 21 November 2013 01:53 AM

ලංකා හමුදාව කොටින්ට ගහනකොට විතරද මානව හිමිකම් නැතිවුනේ? සුද්දා ඉරාකයට, ලිබියාවට ,ඇෆ්ගනිස්ථානයට ගහනකොට මානව හිමිකම් කැඩෙන්නේ නැද්ද? ඇයි ලෝක නායකයෝ ඒ ගැන හඬක් නගන්නේ නැත්තෙ? දැන් සුද්දාගේ වීදුරු ගෙවල් වලට ගල් විසිකරමු. (නි)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 11:07 AM

කැමරන්ගේ හිතේ තවම මේක සුද්දගේ කොලනියක් කියලා.සුද්දා වෙල්ලස්සේ දී ඝාතනය කරපු අහිංසක සිංහලයා ගැන කතා නැහැ ..! (ස)

:       0       0

දුම්මලසූරිය Thursday, 21 November 2013 11:13 AM

ඩේවිඩ් කැමරන් ලංකාවට එද්දී හිතන් ඇවිත් තියෙන්නේ මහා බ්‍රිතානයේ යටත් විජිත කොළනියකට යනවා කියලයි...ඒකයි මිනිහා ඔය පිස්සුවෙන් වගේ දැඟලුවේ....එක අතකට අපේම උනුත් පරදේසක්කරයන්ට පන්දම් අල්ලද්දී උන් අපි ගැන ඒ විදියට හිතන එක ගැන පුදුම වෙන්න ඕනත් නැහැ..ඔය කට්ටියක් ගෙදරටම ගෙන්නාගෙන අර හතර-නාලිකාවේ අයට කිව්වේ කේලම්.....සුද්ද අපිට 1815 ඉඳල කරපුවා හොයන්න වැඩි දුර යන්න ඕන නැහැ....අපේ රටෙන් අරන් ගිහින් උන්ගේ කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තියන් ඉන්න බඩුම මදිද? (ස)

:       0       0

ලලිත් අපෝන්සු Thursday, 21 November 2013 03:26 PM

නඩරාජා, ඔයා කාටද ඔය දෙමල නමක් දාගෙන වැඩ කරන්නෙ. (ස)

:       0       0

සෙනරත් Wednesday, 20 November 2013 06:50 PM

කලින් ඉන්දියාවේ පාර්ලිමේන්තුව උනුසුම්වුණා දැන් එංගලන්තේ උණුසුම් මේ ඔක්කොම ලංකාව නිසා හත් පොලේ ගාගෙන,ලංකාවට තියෙන කෑදර කමට සහ ඉරිසියාවට. මුන්ට මකබැවිල යන්න දෙන්න, හොයන්න කෝ හොඳ තුරුම්පුවක් (අ)

:       0       0

උඩුරාවණ Thursday, 21 November 2013 02:58 AM

අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ දැන් යුද්ධය ජාත්‍යන්තරයට හරි කරුණු වටහාදීමයි. දැන් එය පටන්ගනිමු. (නි)

:       0       0

අමිත Thursday, 21 November 2013 03:00 AM

ඒ වුණාට එයාලගෙ පාර්ලේමේන්තුවෙ ඒකමතිකව එයාට සහාය දෙනවා කියලා තියෙනවා නේද? තමිල්නාඩුවෙක් ඒවගෙ ඒවා කරනවා. සජිත් මහත්තයා කිව්වා වගෙ අපිට එහෙම කරන්න බැරිද අපේ පාර්ලිමේන්තුවෙ. (නි)

:       0       0

කුමාරසිරි Thursday, 21 November 2013 03:33 PM

පි .බි . දර්ශන, නියම සිංහල අදහස්. ඇයි බැරි අපි හැමෝට මේ විදියට හිතන්න. (ස)

:       0       0

කුමාරන් Wednesday, 20 November 2013 07:03 PM

ඔය වෙබ් අඩවියට මොකද අමතක උනේ මිලිබෑන්ඩ්?ඒ මිනිහනේ කැමරුන් ට වැඩ ඔතන පස්ස එන ගන්න හදන්නේ.කැමරුන් ගේ හැසිරිම යුරෝපා සංගමය තුලත් ඔහොමලු.එකධිපති ගති ලක්ෂණ වැඩිලු (අ)

:       0       0

කාර්ලුවිස් Wednesday, 20 November 2013 07:03 PM

අපේ රටෙනුත් මුන්ට යුධ චෝදනා ගේනවා කිව්වාම පත්තු වෙලා තියෙන්නෙ... හොදවැඩේ... මිනිමරු ම්ලේච්ඡ හිගන මංකොල්ල කාර බ්‍රිතන්‍ය අධමයන්ට...(අ)

:       0       0

රසිකා Wednesday, 20 November 2013 07:13 PM

කැමරන් පිස්සෙක්. (නදී).

:       0       0

රේණුක Thursday, 21 November 2013 04:39 AM

අර මොනවදෝ දෙයකට බෙහෙත් නැහැ වගේම තමයි මේකත් (නි)

:       0       0

සරත් පර්ත් Thursday, 21 November 2013 05:10 AM

කැමරුන් හැසිරුනේ යහපත් විදියට නම් නෙමෙයි (නි)

:       0       0

සෑම් Thursday, 21 November 2013 05:30 AM

ඔහුගේ හැදියාවට අපි මොනවා කරන්නද? ඔහුට එහෙම ආගන්තුක සත්කාර කළේ අපේ හැදිච්ච හොඳකමට (නි)

:       0       0

සමන්ති Thursday, 21 November 2013 05:32 AM

ලංකාවට පැමිණ වසර 1815 සිට 1948 දක්වා සිදුකරනලද මිනීමැරුම් ,මංකොල්ලකෑම් , ඉන්දියාව ඇතුළු රටවල විදේශිකයන් ගෙන්වා අපේ රටතුල බලෙන් පදිංචි කිරීම ,අපගේ දේපල ඔවුන්ගේ රටට ගෙනයාම වනිදේට අන්තර්ජාතික ස්වාදීන කමිටුවක් පත්කර වන්දී ලබා ගතයුතුය. (අ)

:       0       0

සරත් මිලානෝ Thursday, 21 November 2013 05:35 AM

කැමරන් මෙහෙම හැසිරෙන්නේ මහජන මුදලින් යැපෙන අපේම කට්ටියක් හරියට වැඩේ නොකරන නිසා නේද? රජයේ අවධානය යොමුවේවා! (නි)

:       0       0

බංඩාර Thursday, 21 November 2013 03:58 PM

කැමරන්ලා කෑ ගැහුවට වැඩක් නැහැ එයාලා දැන් වැටිලා ඉන්නේ. ඉන්දියාව කියන දේවල් කර කර ඉන්නවා. ඒ රටේ වැඩිය ඉන්නේ ඉන්දියන් කාරයෝ.(නදී)

:       0       0

පි.බි. දර්ශන Thursday, 21 November 2013 12:22 PM

අපි කාටවත් නැවෙන ජාතියක් එහෙම නොවෙයි.අපිට කොන්දක් තියෙනවා. අපි හොඳ සිංහලයෝය.ලෝකයේ ප්‍රබලතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජය කළ හමුදාවක් අපිට අයිතියි.ඒක කාටවත් නෑ කියන්න බෑ.කැමරන් කියන්නේ රූකඩයක් විතරයි.ඇත්තම කථාව තමයි දැනට අපි මේ තියෙන අභියෝග ජයගන්න අපි වෙන්වෙලා බෑ.රටක් ඇතුලේ මොන ප්‍රශ්න තිබුණත් ඒවා අමතක කරලා මේ රටේ එක්සත් කරන තැන ඉඳන් කටයුතු කරන්න ඕන.නැත්නම් අපිට වෙන්නේ බෙලහීන ජාතියක් වගේ කටයුතු කරන්න. (ස)

:       0       0

දේශිකා Wednesday, 20 November 2013 07:33 PM

මටනම් හිතෙන්නේ මෙයාලට තවමත් හිතාගන්න බෑ අපේ රටේ මිනීමරු කොටි රැල විනාශ කරපු එක .බටහිර ජාතීන්ට ඕන හැමදාමත් අපි වගේ රටවල බෝම්බ පිපිරෙනවා ,හැමදාම පාරවල් ගානේ මිනිස්සු මැරෙනවා දකින්න .මොකද එයාලටත් ඔවුන්ගේ පැවැත්මට ආයුධ ටික විකුණාගන්න ඕන නේ . (අ)

:       0       0

රකිත් Thursday, 21 November 2013 06:45 AM

බලන්නකෝ එංගලන්තයේ වෙබ් අඩවි වල ශක්තිය. රටේ අගමැතිවරයාට හතරවටින් බැට දෙන්නත් පුළුවන් නම්,එතකොට අපේ වෙබ් අඩවි වලට පුලුවන්ද අර සාධාරණිකරණය කළ නොහැකි දේවත් පල කරන්න? අපේ නම් හතර වටින් බැට දෙන්නේ එහෙම කරන වෙබ් අඩවි වලට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 985 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 695 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 814 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1368 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 545 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 29 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14568 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 161 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site