මලයාසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි. අන්සාර් මහතාට ඉරිදා (04) පහරදීමේ චෝදනාව යටතේ එරට පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනෙකුගෙන් දෙදෙනෙකු මලයාසියා රිංගිට් 7000 ක (රුපියල් විසි හත් ලක්ෂ තිස් අටදහසකට වැඩි මුදලකට වැඩි ) මුදල් ඇප මත මුදාහැරීමට මලයාසියා අධිකරණය විසින් තින්දු කර ඇතැයි එරට “ බර්නාමා “ පුවත් වෙබ් අඩවිය අද (09) වාර්තා කළේය.
මුදා හැර ඇත්තේ ඒ.කලෙයිමුහිලන් (25) හා වී.බාලා මුරුගන් (34) යන අයයි.
ලබන මස 07 වැනිදා යළි නඩුව කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා මහත්තයා, කරුණාකරලා තානාපතිතුමාට පහරදීම සමඟ ක්‍රිස් නෝනිස් මහතාගේ සිදුවීම සම්බන්ධකර නොගත යුතුය. මෙතැනදී සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍යය නියෝජනය කරන නිලධාරියට ත්‍රස්තවාදී තහනම් සංවිධානයකට අයත් පිරිසක් පහරදීමය. මෙය තානාපති වරප්‍රසාද යටතේ නොවියයුත්තක් වන අතරම මලයාසියානු රජය මෙයට වගකිවයුතුය. (නි)
මොවුන් කවුද කියා දැන් හඳුනාගෙන තිබෙනවා. මොවුන්ට රහසිගත ප්‍රහාරයක් හෝ එල්ල කළයුතුය. එවිට අනිත් රටවල සිටින කොටි හිතවාදීනුත් බියට පත්වෙති. නැත්නම් අපගේ තානාපති නිලධාරීන්ට සහ තානාපති කාර්යාල වලටත්, පිටරට වල සංචාරය කරන රජයේ නිලධාරීන්ටත්, දේශපාලකයන්ටත් අන්තිමේ පිටරටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ටත් අඩන්තේට්ටම් කිරීමට කොටි හිතවාදීන් නොබියවම ප්‍රසිද්ධියේ ඉදිරිපත්වනු ඇත (නි)
ලංකාවට විදේශ වල සිට විවිධ ආකාරයේ ප්‍රහාර එල්ල කරන සතුරන් විනාශ කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ., ඊශ්‍රායලයේ මොසාඩ් වැනි ආකාරයේ රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක කිරීමට ලංකාවටද කාලය පැමිණ ඇත (නි)
ඇප නොදී තව කලක් තියාගන්නයි තිබුනේ (නි)
මේක ප්ලෑන් කරලා කරපු වැඩක්.(හේ)
ඇප දෙන්න නෙමේ වටින්නේ.(හේ)
ජයා, මෙතන නිත්‍යානුකූලව කටයුතු කරන්නේ යහපාලනයෙන් නෙමෙයි, මලයාසියානු ආණ්ඩුවෙන්නේ? අනික ගහලා තියෙන්නෙත් ඒ රටේම මිනිස්සු මිසක් අපේ රටේ අය නෙමෙයිනේ (නි)
මොවුන්ට උපරිම දඬුවම් දෙන්න
තානාපති කෙනෙක් නැතුව දෙරට අතර වැඩ බලන්නේ ඔයාද රත්නායක? (නි)
එංගලන්තේ මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මැතිතුමාට ගහපු වෙලාවේ මේ වගේ නිත්‍යානුකුලව කටයුතු කළාද ? අන්න එකයි යහපාලානේ වෙනස , දැන් ඔබට සතුටුද ? (බ)
සතුටුද? අහන හැමෝම ගොඩක් සතුටුවෙයි, රට දෙකට බෙදෙන්න කරුණු යෙදුනදාට (නි)
මතක හිටින දඬුවමක් දෙන්නයි වටින්නේ (නි)
මේ පිටබැද්දර, ඔයා මොනවද දොඩවන්නේ. ක්‍රිස් නෝනිස්ගේ ප්රශ්නය වෙන එකක්. මේක තව එකක්. මෙතැනදී මලයාසියා රජය තානපතිවරයාගේ ආරක්ෂාවට වගකිව යුතුයි. (නි)
එංගලන්තෙ සිද්ධියයි මේ සිද්ධියයි සමාන කරන්න හදන්න එපා.එහෙම කරලා මේක යටගහන්න හදන්න එපා. සිද්ධි දෙකට අදාළවෙලා තියෙන්නෙ හේතු දෙකක්. මේක ඊටවඩා බරපතලයි. (නි)
එතකොට මලයාසියාවෙත් තියෙන්නේ යහපාලනයක්ද? (නි)
අපි වෙන්නේ මොකක්ද කියා ඉවසීමෙන් බලාසිටිමු (නි)
මෙහෙම රටවල් වලට තනාපති වරුන් පත් කිරීම නතර කළ යුතුයි (අ)