පළාත් පාලන ආයතන විසිරුවා හැර කොමසාරිස් පාලනයක් කිරීමට යතියි පවසමින් ‘පළාත් පාලන මන්ත්‍රී එකමුතුව‘ සංවිධානය කළ විරෝධතා රැස්වීමක් කොළඹ නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී අද (12) පැවැත්විණි.
එම ආයතන සඳහා ඡන්දයක් පවත්වන ලෙස එහි ආ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රාමසේවක හොඳම ජනතා සේවකයායි. මන්ත්‍රීවරු දකින්නත් නැහැ (නි)
සුමුදු හේවා මහත්තයෝ, ආණ්ඩුව පුංචි ඡන්දෙකට බය ඇයි කියලා දන්නෙ නැද්ද? (නි)
මොනාද ඉන්දිකයියේ මෙයාලගේ මේ කතා?...නේද? (කේ)
ඡන්ද දෙකම එකවර තැබීම අවුලකට මුලක් නිසා මේ පළාත් පාලන ආයතන වල ඡන්දය මහ ඡන්දයට පෙර හෝ පසුව හෝ පැවැත්වීම සුදුසුය. පළාත් ඡන්ද මහ ඡන්දයට පසුව පවත්වන්නේ නම් පවත්නා පළාත් පාලන ආයතන වල නිල කාලය එතෙක් දීර්ඝ කිරීම පළාත් පාලන ආයතන විසුරුවා හැර පළාත් පාලනය ආණ්ඩුවෙන් පත් කෙරුණු කොමසාරිස්වරුන් යටතට පත් කිරීමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ මේ ආයතන වල වත්මන් සභිකයන් රටේ ඡන්දදායකයන්ගේ ඡන්දයෙන් පත් වුණු අය නිසාවෙනි. එහෙත් ආණ්ඩුව එය නොකරයි. වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවර උදෙසා ආණ්ඩුවට බල කිරීම උද්ඝෝෂකයන්ගේ අරමුණයි. (කේ)
ආන්න හරි අප්පුහාමි . මෙවුන්ට පඩි ගෙව්වා කියා අපිට තියෙන වාසිය මොකක්ද? රටට වැඩක් වෙලා තියෙනවද? (අ)
ආයෙත් පරණ පුරුදු ගේම් ගැහිල්ලටමයි අර අඳින්නේ නේද? (නි)
කොමසාරිසුත් එපා! ප්‍රාදේශීය සභාත් එපා! (බ)
පව් දෙයියනේ මේ මිනිසුන් බඩ වියත රකින රස්සාවනේ (ම).
පුංචි ඡන්දේට බය කව්ද (ම)
මේ අයට දුක රටට ජනතාවට තිබෙන අාදරය නිසා නෙමෙයි කියලා නම් අපි දන්නවා (නි)
හොරා කාලා , හොරා කාලා කිව්වට එක හොරාකාපු සත පහක්වත් පෙන්වන්න බැරිවුණානේ. මම කියන්නේ නැහැ හොරා කාලා නැහැ කියලා. හැබැයි ඒක පක්ෂ දෙකටම පොදුයි. (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
මේ කට්ටිය ගෙදර යවන්න ඕනේ.(හේ)
පුදුම ආශාවක්නේ තියෙනේ අපිට සේවය කරන්න.මෙයාල කළ සේවය බලන්න එන්න ඕනෑ අපේ ගම් වලට.හොරා කාලා අඩු ප්‍රමිතියට කළ වැඩ ඔක්කොම විනාශවෙලා, එයාලගේ කාලය ඉවර වෙන්නත් කලින්. (නි)
වැඩක් නැති පළාත් සභා නැති කළයුතුයි. පරණ ක්‍රමය වැඩිය හොඳයි (නි)
අපිට නම් මොකුත්ම නැතුවත් කමක් නැහැ (නි)
ඔතනින් ඡන්දය දමලා දිනලා ඊළගට එන්නේ ජනතාවෙගේ ඡන්දය ගන්න. එදාට මේ පෙණ පුප්පාගෙන ඉන්න නයින් ගැරඬින් වගේ වෙනවා. (නි)
අයියෝ සොරිම තමයි! (නි)
මේ අය තවත් අපට ඕනෑ නැහැ. කොමසාරිස් පාලනය ගෙනෙන්න. (නි)
වෙනදා කළා වගේ මේ පාරත් ඡන්දෙ දිනන්න හිතාගෙන ඇති (නි)
ශ්රී ලංකා පාක්ෂිකයන්ට ඇස් ඇරේවා! (නි)
පුලුවන්නම් වසරක් පළාත් පාලන චන්දය තියන්න එපා , එතකොට මේ අයගෙත් හුලන් බහිවී (ම)
කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ගන්න හැදුවට මේ කපේදී එක වෙන්නේ නැහැ (ම)