(සුජිත් හේවාජුලිගේ )
විදුලිය බිල ලබන මාසයේදී සියයට 70 කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවෝ පැවසූහ.
විදුලි බිල වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවිය අඩු වීම හේතුවෙන් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යෑමේ බරපතළ ගැටලුකාරී තත්වයක් මතු වන බවද ඔවුහු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ විදුලි බිල සියයට විදුලිය බිල 70 කින් වැඩි කිරීමත් හෝටල් සහ ආපනශාලා තවදුරටත් වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බවයි.
එසේම විදුලිය බිල ඉහළ යෑමත් සමග තේ කහට කෝප්පයේ සිට සියලුම ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව පැවසූ සභාපතිවරයා හෝටල් සහ ආපන ශාලාවල ශීතකරණවල ආහාර ගබඩා කිරීමටද විදුලි බිල ඉහළ යෑමෙන් ලොකු ගැටලුකාරී තත්වයක් මතුවන බව පෙන්වා දුන්නේය.
කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් හෝටල් සහ ආපනශාලා පහළොස් දහසක් පමණ මුල් කාලයේ වැසී ගිය බවද අසේල සම්පත් මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් අප තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ
විදුලි බිල වැඩි කිරීම තේ කර්මාන්තයටද තදින්ම දැනෙනු ඇති බවයි.
කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ කර්මාන්තශාලා සහ නිෂ්පාදන ආයතන තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලයේ දී මුළුමනින්ම වැසී ගියේය.
මේ තත්වය සැලකිල්ලට ගෙන කර්මාන්තශාලා ඇතුළු ව්‍යාපාර ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබා දෙන්නැයි ඒ ව්‍යාපාර ස්ථාන හිමිකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කම්හල්, ව්‍යාපාර ස්ථාන තවත් විසි දාහක් වැසී යෑමේ අනතුරක්
යෝගා Saturday, 31 December 2022 11:54 AM
කවුරු බලයට ආවත් විදුලි බිල ස්ථාවර ලෙස අඩු කරන්න බෑ. ව්‍යාපාර හිමියන් ඉල්ලන්න ඕන සූර්ය බල පද්ධති සවි කර ගැනීමට සහනයක්.
gunda Sunday, 01 January 2023 11:27 AM
විදුලිය, තෙල් , ගෑස් මිල අධික ලෙස වැඩි කිරීමෙන් රජය මිනිසුන් අතරේ අප්‍රසායකට පත් කරන්න කංචන විජේසේකට තිබෙන වුවමනාව කවුරුවත් හඳුනාගෙන නැහැ. කංචන කියන්නේ 71 කැරැල්ලේ දී රෝහණ විජේවීරලා සමග ඉඳලා 71 කැරැල්ලත් ඒම පක්ෂයත් පාවා දීලා විනාශ කරපු මහින්ද විජේසේකරගේ පුතා බව දැන්වත් තේරුම් ගන්න.