රතුපස්වල ජල ගැටුමට විසඳුම් ඉල්ලා වැලිවේරියේදී කළ උද්ඝෝෂණයේදී වෙඩි වැදී තුවාල ලැබුවන් වෙනුවෙන් කර්මාන්ත ශාලාව විසින් ලබා දුන් ආදාර මුදල් එම ගනුදෙනුවේ අතර මැදියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විසින් නැවත ආපසු ඉල්ලමින් තමන්ට බලපෑම් කරතියි ගම්වැසියෙකු මල්වතු හිරිපිටිය පොලීසියට අද පැමිණිලි කර ඇත.
පසුගිය අගෝස්තු පළවෙනිදා වැලිවේරිය නගරයේදී ගැමියන් හා යුද හමුදව අතර ඇති වූ ගැටුමෙන් පැමිණිලිකරුගේ පිටකොන්දට වෙඩි වැදී තිබු අතර ඔහු රෝහල් ගතව ප‍්‍රථිකාර ලබා ඇත.
වෙඩි වැදීමෙන් අසරණ වු පවුල් 25 කට රතුපස්වල රබර් අත්වැසුම් කම්හල වන වෙනිග්‍රොස් ආයතනය විසින් ප‍්‍රජා සත්කාරයක් ලෙස තුවාල කරුවන්ගේ ගෙන් ගෙට ගොස් පෙරේදා ආධාර මුදල් පිරිනමා තිබණ අතර පැමිණිළිකරුගේ නිවසටද ගොස් ඔහුගේ බිරිඳට රුපියල් විසිපන්දහසක මුදලක් ලබා දී ඇත.
එම මුදල් බාර ගෙන ඇති ඔහු ඊයේ රාත‍්‍රියේ රතුපස්වල ජල ගැටළුව පිළිබඳ පෞද්ගලික රූපවාහිණී නාලිකාවක පැවිති සජීවී වැඩසටහනකට සහභාගී වී ඇත. එහිදී තමාට වෙඩි වැදුනු අයුරුත් සහ මෙතෙක් වු සිද්ධින් පිළිබඳ අදහස් ප‍්‍රකාශ කර ඇත.
එම වැඩසටහන විකාශනය වු පසු අද අළුයම එකට පමණ කර්මාන්ත ශාලාව හා තුවාලකරුවන් අතර මුදල් ගනුදෙනුවට මැදිහත් වු පුද්ගලයා සහ තවත් අයෙකු ඔහුගේ නිවසට ගොස් ඔහු කර්මාන්ත ශාලාවට විරුද්ධව මාධ්‍යට අදහස් ප‍්‍රකාශ කර ඇතැයි කියමින් ලබා දුන් රුපියල් විසිපන්දහසක මුදල ආපසු ඔහුගේ බිරිඳගෙන් ඉල්ලා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ජුඞ් පෙරේරා නැමැති පැමිණිලිකරු පවසන්නේ
‘‘මම රූපවාහිණි වැඩසටහන ඉවර වෙලා ආපසු ගෙදර එන විට පාන්දර එකට විතර බිරිඳගෙන් දුරකතන ඇමතුමක් ආවා. ඇය කිව්වා දෙන්නෙක් ඇවිත් දුන්න රුපියල් විසි පන්දහස ආපහු ඉල්ලනවා කියා.
පසුව බිරිඳ ඔවුන්ට දුරකතනය දුන්නා. මා කීවා ගෙදර ඉන්නේ ගහැණු අය විතරයි මම ආවම කියන තැනකට එන්නම් දැන් ගොඩක් රෑ වෙලා නිසා ඔයාලා ආපහු යන්න කියා.
එවිට ඔවුන් කිව්වා ජුඞ් අයියේ මොනවද කරන බලූ වැඩ සල්ලි අරගෙන ඇයි ඕවට යන්නේ එහෙනම් අපිට ආපහු සල්ලි ඕනා කියා. අපි සල්ලි දෙනකම් ආපසු යන්නේ නැහැ. අපි සල්ලි දෙනකම් මෙතන බලන් ඉන්නවා කියා.
පස්සේ මම වැලිවේරිය පොලිසියට ආවා. වැලිවේරියේ පොලිසියෙන් එවෙලෙම ජීප් එක ඇරියා අපේ ගෙදරට. ඒ වෙනකොට ඒ පුද්ගලයින් ගෙදරින් ගිහින් තිබුනා. පොලිසියෙන් කිව්වා ඔයාට අයිති පොලිස් බල ප‍්‍රදේශය මල්වතු හිරිපිටිය දැන්ම ගිහින් එහෙ පැමිණිලි කරන්න කියා.
මම ඒ අනුව පැමිණි කළා‘‘.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ මේ අතරමැදියා හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
හොද වැඩේ. (නි)
රතුපස්වල නාඩගම දැන් අර හිගන්නාගේ තුවාලේ වගේ..හිඟන්න කවදාවත් තුවාලේ හොඳ වෙනවට කැමති නැහැ වගේ, තුවාලේ විකුණගෙන කලා ජීවත් වෙනව වගේ රතුපස්වල ප්‍රශ්නෙට විසදුමක් කොයි ආකාරයකින්වත් ලැබෙනවාට කට්ටිය දැන් කැමති නැහැ..ගොඩක් හිගන්නෝ ඔඩු දුවල වගේ පේන්න තුවාල බැඳන් හිටියට යටින් මෙලෝ තුවාලයක් නැහැ..රතුපස්වල තියෙන්නේ අන්න එ ජාතියේ තුවාලයක්..මේකට අදහස් දාල කාලේ නාස්ති කරන එකත් අපරාදයක්.. (ස)
අර ස්වාමින් වහන්සේත් කුටිටියක් අරන් හිටිගමන් වාෂ්ප වුනා. (ස)
කර්මාන්ත ශාලාව නැවත විවෘත කරනවට විරුද්ධ අය දෙකට තුනට බෙදිලා කියල කම්හලෙන් වාසි ලබන ඉතාම සුළු පිරිස ප්‍රචාරය කෙරුවට එය බොරුවක්.මෙම වන්දි ප්‍රධානය කරලා කම්හල බලාපොරොත්තු උනෙත් මෙයමයි.නමුත් වන්දි ගත් සියලු දෙනාම කම්හලට විරුද්ධයි.ඔවුන්ගේ යටි අරමුණ පරාදයි. (ස)
චමත් ඉතාලිය, ඔබ හරි එදා මාධ්‍යවේදීන්ව හමුදාව ප්‍රාණ ඇපයට තියාගත්තා. සමහර අයට තුවාල වුනා. කැමරා කුඩු කළා. ඒත් ඔවුන් තාමත් මේ මිනිස්සුන්ට වු අසාධාරණයත් එක්ක එකට ඉන්නවා. ඒත් සමහර අයට නම් රතුපස්වල පැත්ත පළාතේ යන්න බැහැ. ඒ ජරාව කාපු අය. (ස)
සමාධි ,එහෙ කම්කරුවො මේ දවස් වල හොඳටම කාර්ය බහුලලු (නි) මේ මොන කුණුහරුපයක්ද දාල තියෙන්නෙ? මේක කියවන එකෙකුට මේ ලෝක දෙයක් තේරෙනවයෑ? (නදී)
හවසට කැසිනෝ යන එක කොහොම උනත් රුපියල් 50 ක 60 ක කසිප්පු බොන්න නම් අපේ ගමේ මිනිස්සු කිහිප දෙනෙක් නොවරදවාම හොර පොලට යනවා එනවා පේනවා (නදී)
සමාධි ,එහෙ කම්කරුවො මේ දවස් වල හොඳටම කාර්යබහුලලු (නි)
ලංකාවේ මිනිහෙකුගේ වටිනාකම රුපියල් 75000.00යිද? තිබෙන අවයව ගණන් කරලා බැලුවොත් ඒ ගානත් වැඩියි වගේ කියාවි. (නි)
කොන්ද කඩලත් රුපියල් විසිපන්දහසද දීල තිබෙන්නේ ? ගිය සතියේ ඇමතිවරයෙක් කියල තිබුන ලංකාවේ මිනිස්සු හවසට මානසික සහනය ලබාගන්න කැසිනෝ වලට ගිහින් ලක්ෂ 5-10 ඔට්ටු අල්ලන එක සාමාන්‍ය දෙයක් කියලා (නදී)
ලංකාවේ මිනිහෙක්ගේ වටිනාකම රුපියල් 25,000 යි ... (නදී)
මම නම් මුල ඉඳල දැනගත්ත ඔය ඇල්ම නම් හොඳ නැති බව. මුළු ජීවිතේට ඇවිදගන්න බැරි විදිහට මිනිසුන් බෙලහීන කරලා විසි පන්දහසකින් පැත්තකට කරලා තියන්න හදනවා. මේවා කරන අයත්, අනුබල දෙන අයත් සහ වගකීමක් ඇතත් නැතුවා සේ ඇස් වසා ගෙන හිඳින පාලකයනුත් කුමන නිරයකට යායුතු දැයි සිත ගත නොහැක.(නදී)
කොපමණ හොඳ කළත්, දුදනා නොවෙති යහපත්.... (නි)
එතකොට මේ අතර මැදියා තමයි ගැමියන්ව කොටවන්නේ. මොහු ලොකු කුට්ටියක් කඩාගෙන ඇති තර්මාන්ත ශාලාවෙන්. කර්මාන්ත ශාලාව ඇයි අවංකවම වැඩ නොකරන්නේ? එක පාරක් හොර ගිවිසුමක්. තව පාරක් කර්මාන්ත ශාලාව අරින්න කැමතියි කියා පිට පළාත් වලින් මිනිස්සු ගෙනාවා. සද් භාවයෙන් වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන්වත් පාඩමක් ඉගෙන ගන්න. (ස)
මේ අතරමැදියා ගැන අපේ බන්දුල පෙරේරා දන්නවද දන්නෙ නැහැ (නි)
ඔය ෆැක්ටරිකාරයා හදන්නේ රුපියල් 25000කට මිනිසුන්ගේ කට වහන්ඩ. මේ සමාගම ගැන ජනතාව දැනුවත් කොට , මේ අයගේ නිෂ්පාදන මිල දී නොගෙන ඉඳිමු. අතරමැදියන් සමාගමෙන් කුට්ටියක් කඩා ගෙන ඇති. (ස)
සත පහක් දෙන්න එපා. ඒ කියන්නේ සල්ලි දුන්නේ කට වහගෙන ඉන්නද?? ඒව කොහෙද අපිත් එක්ක. දැන් සල්ලි අරගෙන තියන නිසා තව ටිකක් වැඩිපුර බැනපන් කොල්ලෝ. (ස)
දැන් රටේ වැඩි වෙමින් පවතින්නේ කුණු වෙන මිනී කන කබරු, ඒකයි මේ අය මෙවැනි වැඩ කරන්නේ. තැරව්කාරයෝ ඔක්කොම එකයි. (ස)
නිමා, ඔය හිතන්නේ කොම්පැනි කාරයෝ සිල් අරගෙන කියලද? කවුරුත් බලන්නේ තමන් අමාරුවෙන් ගොඩ නගාගත් ව්‍යාපාරය දියුණු කර ගන්න. නැතුව වහල දාන්න නෙමේ. මොන උප්පරවැට්ටිය දාලා හරි ඒක කර ගන්නවා. ඒක තමා නියම ව්‍යාපරිකයෙකුගේ ලක්ෂණ. (ස)
කොන්දත් කඩලා තව සල්ලිත් නොගෙන ඉන්නද? සත පහක් ආපසු දෙන්න එපා (නි)
කවදාවත් ඔය කර්මාන්ත ශාලාව වහන්නේ නැහැ.තුවාල වුණ මාධ්‍යවේදීන්ටත් ගෙවන්න ඕනෑ.මේ පාරනම් පොලිසිය උනන්දු වෙලා තිබෙන පාටයි (නි)
දෙගොල්ලම වැරදියි , මොකද මුල් පුද්ගලයට කර්මාන්ත ශාලාව එක්ක ප්‍රශ්න තියෙන නිසා සල්ලි නොගෙන ඉන්න තිබ්බා. සල්ලි ගත්ත නම් කට සහ අනිත් පැත්ත වහගෙන ඉන්න ඕනා. අනිත් පාර්ශවය සල්ලි දුන්න නම් ඒ විදියට ඉන්න තිබ්බා.(නදී)
ඉතින් අපේ පොලිසිය ගත්තු පියවර මොකක්ද? පැමිණිලි කරු අත්අඩංගුවට ගත්තේ නැද්ද? (නදී)
පුදුම මිනිස්සු, සල්ලිත් අරගෙන වැරදි කියනවා. මෙහෙම මිනිස්සුද රතුපස්වල ඉන්නේ? (නදී)
ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නයි කියන්නේ මේවාට තමයි. ජුඩි අයියේ එය මුදල් කම්හල ඔයාලට දුන්නේ එයාලගේ කටවල් වහන්න බව කියා ඔයාලා දන්නවා නේද? (නදී)
අහ් ඔය පැන්නෙ බළල මල්ලෙන් එළියට. සල්ලි වලින් කටවල් වහන්නයි සූදානම. පොඩි මිනිස්සුන්ට ඔහොම නම් ලොකු අයට කීයක් දෙන්න ඇද්ද ඇස් පියන් ඉන්නවට. (ස)