IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කූඹීන්ට මැදිවූ යුරේනි

dfh

 

 

යුරේනි නොෂිකා ගැන බොහෝදෙනා කතා කරන්න පටන්ගත්තෙ කිඳුරංගනා, සඳසාක්කි, පියවි, පිංගල දනව්ව, සිහින සින්ඩරෙල්ලා, ඒ330 සහ අයල් ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක් වෙතිනි. අද රංගනයෙන් නිතර දැකගත නොහැකි වුවත් අද ඇය අපට හමුවන්නේ දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනේ නිවේදිකාවක ලෙසය. දැන් යුරේනි රඟපෑමෙන් සමුඅරගෙනද? රඟපාන්නෙ නැද්ද? ඒ ගැන කියන්න ”යුරේනි” සඳැල්ලට ආ මොහොතකි මේ.

  SAN_3443


button යුරේනි මොකද දැන් ටෙලිනාට්‍යවල රඟපාන්නෙ නැද්ද?
රඟපානවා. මේ දිනවල කොටස් 40 කින් පමණ යුතු ”කූඹියෝ” ටෙලි මාලාවේ රඟපෑම්වලට දායක වෙනවා.

 


button යුරේනි ඇත්තටම ඔබ කොහොම චරිතයක්ද? වඩා උණුසුම් චරිතයක්ද? සීතල චරිතයක්ද? නැත්නම් පෙරළිකාර චරිතයක්ද?
නිවිච්ච කියලාම කියන්නත් බැහැ, තැන්පත්මත් නැහැ, පෙරළිකාරත් නැහැ. ඒ සියල්ලට අතරමැදි චරිතයක් වෙන්න පුළුවනි.

 


button මොන වගේ කෙනෙක් වෙන්නද කැමති?
හොඳ පුරවැසියකු ලෙස කාටත් බරක් නැතුව, දැහැමින් ජීවත්වීම පරමාර්ථයයි.


button ඒ වෙනුවෙන් තියෙන බාධා මොනවද?
එහෙම බාධා නැහැ. මොකද මම මාව බලාගෙන පාඩුවෙ සිටින කෙනෙක්.

 


button ක්ෂේත‍්‍රයේ ඔබට සිටින්නේ යාළුවෝද? හතුරෝද?
මම හැමෝටම ගෞරව කරනවා. ඒ අයත් මට ගෞරව කරනවා. හැමෝම මට යාළුවෝ. හතුරෝ නැහැ.

 


buttonමේ අද කටයුතු කරන විදියට යුරේනි වැඩ නොකළා නම්? මොන වගේ දෙයක් කරන්න තිබුණද?
එක්කෝ නීතිඥවරියක වෙන්න තිබුණා. නැත්නම් ඔෆිස් එකක ජොබ් එකක් කරන්න තිබුණා.

 


button ඇයි දැන් නීතිඥවරියක වෙන්න බැරිද?
දැන් පාඩම් කරන්න තරම් මනස පොතට යොදවන්න අමාරුයි.

 


button දැන් මනසට මොකද වෙලා තියෙන්නෙ?
මම හිතන්නෙ තැන්පත් වෙන්න කාලය දැන් ඇවිදින්.

 

fgyj

 


button ඒ වෙනුවෙන්ද අද සූදානම් වන්නෙ?
පොඞ්ඩ - පොඞ්ඩ හෙමි හෙමිහිට ඊට සූදානම් වෙමින් සිටින්නෙ. තනියම ජීවිතය ගතකරන කෙනෙක් හැටියට මම මගේ ජීවිතයේ ස්ථාවරය හදාගන්න  ඕනෑ. මටම කියලා තැනක් හදාගන්න  ඕනෑ. හොඳ සහකාරයෙක් ජීවිතයට අවශ්‍යයි.

 


button මේ දක්වා හොඳ සහකාරයෙක් හමුවුණේ නැද්ද?
හමුවෙලා තියෙනවා. ඒත් හිමිකරුවා හමුවෙලා නැහැ.

 


button හිමිකරුවා කොහොම කෙනෙක් විය යුතුද?
මේ විදියයි අරවිදියයි කියලා කියන්න බැහැ. නමුත් මම හිතන විදියට දෛවයෙ ලියැවිලා ඇති කෙනා හමුවුණාම ජීවිතයේ හරි සංකලනය ඇතිවේවි.

 


button ගෙවී ගිය ජීවිතය ගැන කොහොමද අද හිතන්නෙ?
සතුටක් තියෙනවා. තවත් වගකීමකින් වැඩ කළා නම් තවත් හොඳයි කියලත් හිතෙනවා. තාරුණ්‍යයේ සිතිවිලි එක්ක වැරදි අතපසුවීම් වෙද්දී මාව හදන්න කවුරුවත් හිටියෙ නැහැ. නමුත් තනියම පොළවේ පයගහලා, ආත්ම ගරුත්වය ඇතිව හරි විදියට කටයුතු කරලා මහන්සියෙන් ලොකු දුරක් ඇවිත් කියලා හිතෙනවා.

 


button වැරදි හදන්න හිටියෙ නැහැ කිව්වෙ? මොනවද කළ වැරදි?
ක්ෂේත‍්‍රයට ආවේ පාසැලින් අයින්වූ විගසම වගෙයි. ඒ මුල් කාලයේදී සමහර දේ වෙද්දි මට තරහා ගියා. ඒ නිසාම අහිමිව ගිය දේ තිබුණා. සමහර වෙලාවට එදා මම  ඕනෑවටත් වඩා සැහැල්ලූවෙන් හිතුවෙ. කොහොම වුණත් අද මම ඉන්නෙ හරි ට‍්‍රැක් එකේ, නැත්නම් නියම මාර්ගයේ කියලා හිතනවා.

 


button ජීවිතයේ ඔබ ගරුකරන චරිතය?
නෙල්සන් මැන්ඩෙලා. එයා ජීවිතයේ අවසාන කාලයේදී පවා බලාපොරොත්තු අත්හැරිය කෙනෙක් වුණේ නැහැ. ඒක හරි විශිෂ්ඨ පණිවුඩයක්. බාධක කම්කටොළු තිබුණත්, ඒවාට මුහුණදී ගියොත් ජීවිතය ජයගත හැකියි. එච්චර සිරගත වෙලා හිටපු මැන්ඩෙලා හිරෙන් නිදහස්ව ඇවිත් කිව්වෙ ”මේ අපි පළිගන්න වෙලාවක් නෙවෙයි” කියලයි. එයා ආදරය කළේ හොඳට විතරමයි. එයාට එහෙම කළා කියලා එයා කොහෙන්වත් පලිගන්න ගියේ නැහැ. කොච්චර හොඳ දර්ශනයක්ද එය.

 


button ඔබ ඔබව හදාගන්නෙ කොහොමද?
මම අත්දැකීම් වලින්ම හැදුණු කෙනෙක්. ඒ සියලූ අත්දැකීම් වෙතින් මම වඩා ශක්තිමත් වුණා. සමහරු මා ගැන හිතන්නෙ පිස්සු නටන, බොහොම සැහැල්ලූවෙන් ජීවිතය ගතකරන කෙනෙක් කියලා, ජීවිතය සුන්දරයි තමයි. ඒත් හරි ලස්සන ලෙහෙසි ගමනක් වුණේ නැහැ. අභියෝග වලින් ජයගෙන, තවමත් ජය ගනිමින් සිටින කෙනෙක්. අරමුණ අධිෂ්ඨානය සහ දැක්ම තමයි දැන් මම එල්ලය කරගෙන සිටින්නෙ.

sadun-gamage



අදහස් (0)

කූඹීන්ට මැදිවූ යුරේනි

අනුරාධ Friday, 24 April 2015 09:17 AM

මෙහෙමත් කෙල්ලෝ. (ස)

:       0       0

සිහානා Saturday, 11 April 2015 05:33 PM

කොටට අඳින්න පුළුවන් අය ඇන්ඳට මොනවා වෙනවද? (නි)

:       0       0

පුබුදු Friday, 10 April 2015 09:35 AM

මොන වැරදි තිබුනත් හොඳ ගමනක් මැයට යන්න පුළුවන්.හැබැයි උඩගු වෙන්න හොඳ නැහැ.(ම)

:       0       0

අංජලි Monday, 20 April 2015 04:25 AM

දඟකාරයි හැඩකාරයි විතරක් නෙවේ හරිම විසේකාරයි. මම නම් හරිම ආසයි ඔයාට.(ම)

:       0       0

තිළිණි Friday, 08 May 2015 09:43 AM

ඔයා කෙළින් කතාකරනවට මම ගොඩක් කැමතියි. (නි)

:       0       0

හරේන්ද්‍රා Friday, 10 April 2015 11:00 AM

අැයි ඉතින් මේ තරම් කොටට අන්දලා. (ස)

:       0       0

යසිරු Wednesday, 15 April 2015 06:15 AM

ලස්සන යුවතියක්! (නි)

:       0       0

ශාන සෞදි Thursday, 09 April 2015 11:08 AM

ඔයාගේ ඉන්න හැටියටනම් යන්න හදන ට්‍රැක් එක එච්චර හොද පාටක් පෙන්නේ නැ කොහොම උනත් යන ට්‍රැක් එකේ හරියට යන්න මගදී පීලි පන්නගෙන වීල් කඩා ගන්නේ නැතිව. (ර)

:       0       0

කෙවින් Saturday, 11 April 2015 05:47 AM

මට නම් වරදක් නැහැ ඒ ඇඳුමේ. කකුල් දෙක පෙනුනාට මොකද? සාරියක් ඇන්ඳහම අත්, පිට, බඩ, ඉණ සේරම එළියෙනේ. (නි)

:       0       0

දිල්හානි Saturday, 11 April 2015 05:48 AM

කකුල් ලස්සන අයට කොටට ඇන්දහම ලස්සනයි. (නි)

:       0       0

කපිල Saturday, 11 April 2015 05:50 AM

වැඩිපුර මේක්අප් එහෙමත් නැහැ. ලස්සනයි ගැහැණු ළමයා. (නි)

:       0       0

ප්‍රියංක Saturday, 11 April 2015 06:13 AM

සමහරු සාරි අඳින්නෙ හැට්ට නැතුවම. ඔක්කොම එළියේ. සමහරුන්ගේ කර කපනවා පුළුවන් තරම් ගැඹුරට. නොපෙන්වන්න ඕනෑ ඒවා සේරම පෙන්වනවා. මේක පහසු ඇඳුමක්. කකුල් දෙක විතරයි පෙනෙන්න‍ේ. කකුලේ මොනවා වහන්නද? (නි)

:       0       0

මාලක Friday, 17 April 2015 01:34 AM

ඇයි මේ සමහරු පැනලා බලෙන් චරිත සහතික දෙන්ඩ හදන්නේ? තමුන්ගේ වැඩක් බලාගෙන පුළුවන් නම් අනුන්ට වචනයකින් හරි උදව්වක් කරන එකයි හැදිච්ච කම. යුරනිට සුබ අනාගතයක් පතනවා. ජීවිතේ වැරදි නැති කෙනෙක් නෑ, ඒවා හදාගෙන ආත්ම ශක්තියක් ඇතුව ඉදිරියට යන්න.(ස)

:       0       0

සමන්තලාල් කුමාරසිංහ Thursday, 16 April 2015 06:39 AM

ඩුබායි ඇවිත් හිටපු හොටෙල් එක කා එක්කද හිටියේ කියන්නද එපාද? ඕනෙ නම් රූම් නම්බර් එක එක්කම කියන්න පුළුවන්. මෙයා ගියේ එසේ මෙසේ වැරදි පාරක නෙමෙයි (බ)

:       0       0

නිහාල් Friday, 17 April 2015 06:10 AM

දඟකාරයි හැඩකාරයි... (නි)

:       0       0

රමණී Monday, 13 April 2015 01:02 AM

මමත් හරි කැමතියි.දඟකාරයි.හැඩකාරයි (නි)

:       0       0

හතුරුසිංහ Wednesday, 08 April 2015 01:06 PM

මුණත් හොඳයි (බ)

:       0       0

කුමාර Sunday, 12 April 2015 10:37 AM

කව්රු මොනවා කිව්වත් ඔයා ලස්සනයි නංගී. ඔය වයසට ඔහොම අදින්නේ නැතුව කොහොම අඳින්නද ? (නදී)

:       0       0

කුමාර Sunday, 19 April 2015 12:16 PM

දැන් ගොඩක් දවසක ඉඳන් මේකමනේ තියෙන්නේ. වෙන කෙනෙක් ගැන නැද්ද? නැත්නම් මේ අසරණීගෙ කකුල්වලට ඇස්වහ වැදෙයි (බ)

:       0       0

නුවන් Monday, 13 April 2015 01:57 PM

කසාදයක් කරගන්න කාලේ දැන් හරි (නි)

:       0       0

වජිර Wednesday, 15 April 2015 10:20 PM

කකුල් බලන්න අකමැති අය නොබලා ඉන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 7 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 246 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 137 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 762 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 517 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3191 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site