
(නිමල කොඩිතුවක්කු)
විෂ මත්ද්රව්ය ග්රෑම් 100 දක්වා වූ ප්රමාණ සම්බන්ධ නඩු මහාධිකරණය හමුවේ විභාග කිරීමට හැකි වන පරිදි අදාළ පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බවද අමාත්යවරයා සඳහන් කළේය.
විෂ මත්ද්රව්ය සම්බන්ධ නඩු කටයුතු විශාල වශයෙන් ප්රමාදවීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd