IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘කුඹුරු ලක්ෂ දෙකකට රජයෙන් කාබනික පොහොර‘

එළඹෙන මහ කන්නයේ කුඹුරු ඉඩම් ලක්ෂ දෙදකට පමණ කාබනික පොහොර සකස් කර දීමට රජය පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් කීහ.

‘ග්ලයිෆොසේට් ඇතුළු තවත් ආසනික් ඇතුලත් කාෂී රසායනික බෙහෙත් ගෙන්වීම නතර කර තිබෙනවා. දැනට වගාවන් සඳහා යොදන ප්‍රමාණය සියයට අසූවකින් පමණ නතර කර තිබෙනවා. මේවා හොර පාරෙන් රටට එනවා ඇති කසිප්පු නතර කිරීමට බැරි වගේ මෙයත් සම්පුර්ණයෙන්ම නතර කරන්න අමාරුයි. ගැටළු තියනවා. එහෙත් ගොවි මහතුන් දැනුවත් කිරීම නිසා එය යෙදිම දැනටමත් සියයට අසූවකින් පමණ නතර කර තිබෙනවා.

පොහොර සහනාධාරය වෙනුවට ගොවියාට මුදල් ලබා දිමෙන් එම මුදලට රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර මිළ දී ගැනිමට හැකියාව තිබෙනවා.අක්කරයකට කිලෝ 300 ක් පමණ ප්‍රමාණවත් වෙනවා. මේ සඳහා කාබණික පොහොර නීෂ්පාදනය කිරිමට දැනටමත් පියවර ගෙන තිබෙනවා.

වස විසනැති ආහාර සම්බන්දව අද සමාජයේ ලොකු උනන්දුවක් තියනවා. ඒවා සැපයිමට කටයුතු කිරීමෙන් ගොවියාට වෙළඳපොල ජය ගත හැකි වෙනවා.‘ යැයිද ඒ හිමියෝ පැවසූහ.



අදහස් (0)

‘කුඹුරු ලක්ෂ දෙකකට රජයෙන් කාබනික පොහොර‘

සෙන්සාන් Sunday, 04 September 2016 10:25 AM

මේ කටයුත්ත සාර්ථක වේවා! (නි)

:       0       0

සමීර Monday, 05 September 2016 02:15 AM

කාබනික පොහොර ටොන් ගණනාවක් නිපදවන්න ඒවායේ තත්වය පිළිබඳව සහතික කරන්න ලොකු වැඩසටහනක් ඕනෑ. තාම එහෙම සූදානමක් අපිට පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

පවනි Monday, 05 September 2016 03:14 AM

ඩයිපොසීන් කියන්නේ මොනවාද? මේ අළුත් එකක්ද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 04 September 2016 11:41 AM

මේ කරන්න හදන ශුද්ධ වූ කෘෂිකර්මය ඉතා අඩු ජනගහණයක් ඉන්නා බොහෝ වැවියහැකි ඉඩම් ඇති රටකට සුදුසුයි. දැන් කටවල් ගාණ වැඩිවෙන හැටියට මේ ක්‍රමය සම්පුර්ණයෙන් සාර්ථක කිරීම අපහසුයි නේද? (නි)

:       0       0

හිමාල් Monday, 05 September 2016 03:50 AM

වගා කරන්න ඕනෑ මිනිසුන්ට කන්න. එතකොට වස විස මිනිසුන්ට කවලා වැඩක් නැහැනේ. වස විස නැති වුණොත් ඵලදාව අඩුවෙනවා කියන්නේ රටින් වස විස ගෙන්වන සමාගම්වල ප්‍රචාරයක්. (නි)

:       0       0

සජිත් Monday, 05 September 2016 04:19 AM

කළොත් ඇත්තටම හොඳ වැඩක් මේ නිසා රටේ කුණු ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙනවා (බ)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 05:18 AM

ජීවවායු නිපදවීමෙන් ඝණ කාබනික පොහොර, 20 ගුණයක් බලැති දියර කාබනික පොහොර මෙන්ම ගෝලීය උණුසුමද නැතිවනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 208 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 646 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1138 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 159 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 681 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 789 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site