IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කියන තරම් යකා කළු නැතිලු

යුද සමයේ දහස් ගණනින් පුද්ගලයින් අතුරදන්වී ඇතැයි කියන ප්‍රකාශ අතිශයෝක්තියක් බව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සොයා බැලීමට රජය පත්කළ කමිටුව කියයි.

කමිටුවේ ප්‍රධානී හිටපු විනිසුරු මැක්ස්වෙල් පරණගම පවසන්නේ එම පුද්ගලයින් හා කණ්ඩායම් පවසන තරමේ පැමිණිලි තම කමිටුව වෙත මේ දක්වා ලැබී නොමැති බවයි.

අතුරුදන්වූවන් 147000 ක් පමණ ඇතැයි ඇතැම් කණ්ඩායම් පවසන මුලතිව් දිස්ත්‍රික්කයේ පසුගියදා සිදුකෙරුණු විමර්ශනයේදී තම කමිටුව වෙත ලැබුණේ පැමිණිලි 312 ක් තරම් ප්‍රමාණයක් බව මිීට ආසන්නතම උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දේ.

දෙමළ ජනතාව කමිටුව ඉදිරියට පැමිණීමට බිය වන්නේ යැයි පවතින මතය බැහැර කරන ඔහු මෙතෙක් කමිටුව හමුවට පැමිණි ඇති විශාල පිරිස හමුවේ දෙමළ ජනතාව හට එවැනි බියක් නොමැති බව පැහැදිලිව පෙනී යන්නේයැයි පවසයි.

දැනට කමිටුවට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇතැයි සඳහන්ය.

එම පැමිණිලි වලින් බොහෝමයක් යුද සමයේදී අතුරදන්ව ඇති තම දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ දෙමාපියන්ගේ බව පරණගම මහතා කියයි.

අතුරුදන්වී ඇතැයි පැමිණිලි ලැබුණු පුද්ගලයින්ගෙන් ඇතැමුන් විදෙස් රටවල ජීවත් වන්නේ යැයිද හෙළිව තිබේ.

එම පුද්ගලයින්ගේ තොරතුරු ලබාගැනීමේ අරමුණින් අදාළ රටවල තානාපති කාර්යාල වල සහය පැතූවද ආරක්ෂක හේතු නිසා එවැනි තොරතුරු ලබාදීම තානාපති කාර්යාල ප්‍රතික්ෂේප කර ඇතැයි පරණගම මහතා පවසයි.

උගත් පාඩම් හා සංහිදියා කමිටුවේ නිර්දේශ පරිදි අතුරදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට මෙම කමිටුව ජනපති මෙහෙයවීමෙන් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පත්කෙරුණී.



අදහස් (0)

කියන තරම් යකා කළු නැතිලු

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Thursday, 14 August 2014 06:24 PM

හැම යකාම මුලදී පෙනෙන්නේ ඔහොම තමයි. උන්ගේ කළුපාට පෙනෙන්න ගන්නකොට ගොඩාක් දේවල් වෙලා තියේවි (නි)

:       0       0

නජිත් Thursday, 14 August 2014 10:23 AM

ත්‍රස්ත වාදීන් අතින් වූ මානවහිමිකම් කඩ කිරීම් සොයාබලන්න කමිටුවක් පත් කරන්නේ කවදාද (දී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 August 2014 10:45 AM

දැන්නම් පිල්ලේ නෝනාගේ නහය දනවා ඇති නේද ? (නි)

:       0       0

රත්න Thursday, 14 August 2014 10:49 AM

එහෙනම් අපි කියමුද "අළු" පාටයි කියලා. (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 11:01 AM

ඔය ලක්‍ෂ ගනන් අතුරුදහන් කියලා කෝටි ගනන් ඩොලර් උපයලා ඉන්නෙ කුරුටුගාමි සමාජවාදී රත්නම්ලා,බාහුලා තමයි ඉතිං. (නදී)

:       0       0

කුමාරි Thursday, 14 August 2014 12:22 PM

ඉතින් ඇයි මේ සිංහල මුස්ලිම් අය ගැන නොසොයන්නේ?දෙමල අය විතරද අතුරුදන් උනේ? (නදී)

:       0       0

සජී Thursday, 14 August 2014 12:23 PM

ත්‍රස්තවාදීන් විසින් අතුරුදහන් කරන ලද හා ගම්මාන පිටින් කපා කොටා දැමීම් හා පොදු ස්ථානවල බෝම්බ පුපුරවා හානියට පත්කළ ජනතාව ගැනත් සොයලා බැලුවානම් හොදයි.(නදී)

:       0       0

රත්න Friday, 15 August 2014 06:19 AM

රායප්පු ජෝසෆ් රදගුරු වරයා 147,000 අතුරුදන් වුන බව කියන බොරු පුවත ඔහුගේ පුද්ගලික මතයක් විතරයි (නදී)

:       0       0

නැනි Thursday, 14 August 2014 02:09 PM

මේකත් එක්තරා විදියක දුපත් මානසිකත්වයක්. අපි අපිම කොමිෂන් පත් කරගෙන, අපි අපිම වාර්තා හදාගෙන අපි අපිම සාකච්චා කරගන්නවා. අර පිල්ලේ නෝනා ආපු වෙලේ මගුල් කතා කරනවා. ජාත්‍යන්තර මට්ටමේ සාකච්චාවකට සුදුසු කම් තිබෙන උගතුන් පැත්තකට දාල රාජදුත සේවයට නුසුදුස්සන් පත් කරලා අනාගෙනයි ඉන්නේ. අපිට හරි කනගාටුයි. (දී)

:       0       0

සුගුනවති Thursday, 14 August 2014 03:20 PM

ඔය කියන යකා මම හිතන්නේ නුවර පැත්තේ යකෙක් ...එහෙ ඉන්න යක්කු ඒ තරම් කළු නැහැ (අ)

:       0       0

විරාජ් Thursday, 14 August 2014 05:49 PM

ඔය වැඩෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද? අනිත් එක කතාවක් තියනවනේ යුද්ධයේදීත්, ආදරයේදීත් හැමදේම සාධාරණයි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 189 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1077 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3794 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2909 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3378 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site