
(බුද්ධික කුමාරසිරි)
හෝමගම ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ තරුණයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තරුණයකු මියයාම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් 10 දෙනකු ලබන 17 වන දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්‍රාත් වාසනා දෙල්පචිත්ර මහත්මිය නියෝග කළාය.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කිරිවත්තුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දසදෙනෙකි.
අදාල විවාහය පැවැති ශාලාවේදී ඇති වූ බහින්බස් වීමකින් පසු එම ශාලාවෙන් පිටතට පැමිණි තරුණයන් 20 කට පමණ ආසන්න පිරිසක් අතර මෙම ගැටුම ඇති වී බව එම උත්සව ශාලාවේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් එම දර්ශන මගින් හදුනාගත් සැකකාරුවන් මෙලෙස අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් මීගොඩ පොලිසිය පැවසීය
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව හොරණ පාර පදිංචිකරුවකු වන අමරතුංග ආරච්චිගේ දුෂාන්ත මධුසංඛ අමරතුංග නැමැති 34 හැවිරිදි පෞද්ගලික බස් රථ හිමිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd