IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කායවර්ධන විටමින් ගන්න කතක මරා පිනට එකතු කළ මුදල් සොරාගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේක)

83 හැවිරිදි ප්‍රසිද්ධ සමාජ සේවිකාවකගේ හිසට අලවංගුවකින් පහරදී  පිංකමකට එකතු කර තිබූ මුදල් ශක්ති ජනක විටමින් වර්ග මිල දී ගැනීම සඳහා කොල්ලකෑ 18 හැවිරිදි කායවර්ධන ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ මොරටුව පහළ ඉදිබැද්ද " නිසසල" නිවසේ තනිව විසූ උන්ගාමන්ඩාඩිගේ තිලක නාලිනි ප්‍රනාන්දු නැමැති 83 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

යාබද නිවසේ පදිංචි සැකකරු ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලද එක්සත් රාජධානියේ පුරවැසිභාවය හිමි තැනැත්තකු බව පොලිසිය කියයි.

සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නිවස තුළ තිබී පහර දීමට යොදා ගත් අලවංගුව , කාන්තාවගෙන් කොල්ල කන ලද ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය ,  ඝාතනය සිදු කරන අවස්ථාවේදී සැකකරු හැඳ සිටි ටී ෂර්ටය සහ කොට කලිසම ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු එළැඹෙන ජනවාරි මාසෙදි මිස්ටර් ශ්‍රී ලංකා ජූනියර් කාය වර්ධන තරගයක් සදහා ඉදිරිපත් වීමට සූදානම්ව සිටි අයෙක් බව පොලිසිය කියයි.

පහල ඉදිබැද්ද නිවසක තනිව විසූ කාන්තාවක් නිවසේ සාලයේ ඝාතනය කර ඇති බවට මොරටුමුල්ල පොලිසියට ඉකුත් නොවැම්බර් මස 29 දීන ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලදාරීන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම කාන්තාව ගේ හිසට එල්ල කරන ලද යම් පහරක් හේතුවෙන් ඝාතනය සිදුවී ඇති බවත් විශාල රුධිර වාහනයක් සිදුවී ඇති බවත් ය.



අදහස් (7)

කායවර්ධන විටමින් ගන්න කතක මරා පිනට එකතු කළ මුදල් සොරාගෙන

රංබොඩ Sunday, 03 December 2023 07:49 PM

ඇඟේ මස් හදනවාට වඩා මොළේ ටිකක් හදාගන්න එක වැදගත්. දැන් ඉතිං හරිනේ. ජීවිත කාලයම හිරගෙවල්වල...!

:       0       1

මැක්ස් Sunday, 03 December 2023 07:56 PM

මව්රට හෙලා දකිමින්, පිටරට තමයි සුරපුර කියලා හිතාගෙන තමන්ගේ දරුවන් විදේශවලට දක්කවීමට දත කන ශ්‍රී ලංකාවාසී මධ්‍යම පාන්තික දෙමාපියන්..., තමන්ගේ දරුවන් තල්ලු කරන්නේ මෙවන් මිනී මරුවන් බිහිකරන සමාජ වටාපිටාවකට බව තේරුම් ගැනීමට මෙම ඛේදජනක පුවත මහෝපකාරී වේවා...!

:       1       2

සෙනෙවිරත්න Sunday, 03 December 2023 08:19 PM

වෙන්න බැහැ, ඔය වගේ හොඳ පාසලක. ඉගෙනුම ලබන කෙනෙක් මිනීමරන එකක් නැහැ. අපේ විශ්ව විද්‍යල වල ළමයි වගේ බෝඩිං සහසුකම්, ජලය, ගුරුවරු හිඟවුණාම මිනී මරනවා වගේ, ⁣පාරේ සටන් නොකර...!

:       0       0

චමින්ද Monday, 04 December 2023 07:04 AM

බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි සමයේ එක්තරා හාමුදුරුවන් කෙනෙක් හැමදාම හොඳින් දානය වළදා පිටතින් එන අයට පේන්න උස්තැනකට වෙලා පාරදෙස බලාගෙන ඉන්න සිද්ධියක් ගැන කියවලා තියෙනවා. ඉතින් සැදැහැවතුන් මේ හාමුදුරුවෝ ගැන පැහැදිලා තියෙනවා ඒ ගැන සාකච්ඡා කළ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ගොනෙකුට වගේ ශරීරයේ මස් වැඩුණාට ඒ අයට මොළයක් නොවැඩෙනවා කියලා තමයි. ඉතින් ඔහොම මොළයක් නැතුව වැඩකරන අයගෙන් රටට ඇති ඵලය මොකක්ද? ඉස්සර මිනිස්සු කිව්වේ නම් ඇඟ හදන්නේ මස් කඩේට ගෙන යන්නද කියලා තමයි...

:       0       4

Nimal Monday, 04 December 2023 08:25 AM

හරියට නීතිය ක්‍රියාත්මක කරන්න

:       0       1

pakeer Monday, 04 December 2023 11:52 AM

මූ නම් මහ බූරුවෙක්

:       0       2

බක්මීගොල්ල Monday, 04 December 2023 02:13 PM

නව පරපුර ගැන ආඩම්බරද.? විභාග නම් හොඳින් පාස්වෙයි. කෝ ගුණධර්ම, ඔන්න මහලොකු ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ගේ හැදියාව. දෙමාපියනි ගේදොර විකුණලා හරි මේ වගේ ඉස්කෝලයකට තමන්ගේ දරුවාවත් ඇතුල් කරන්න. ඔබටත් මේ මව්තුමිය ලැබූ අත්දැකීම් ලබන්න පුළුවන්වේවි... පින්වත් අම්මාට නිවනින්ම සැනසීම ලැබේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1332 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1498 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1335 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site