IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුරේ ඉතාලියේ වැඩ බාර ගනී

මාස හතට පසු  ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති ධුරයේ පුරප්පාඩුව පුරවමින් රෝමයට පෑමිණි නාවලගේ බෙනට් කුරේ මහතා 30 වැනි දා සවස 4 ට ඉතාලියේ ජනාධිපති ජොර්ජෝ නාපෝලිතානෝට අක්ත පත්‍ර බාර දුන්නේය.

ඉන් පසු 31 වැනිදා සවස ප්‍රථමයෙන් රෝම බෞද්ධ විහාරයට ද පසුව ධර්මාශෝක විහාරයට ගිය තානාපති  සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අතර ඉන් පසු ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව සදහා ලංකාදීප එසෑණ හා සම්බන්ධ විය.  

ප්‍ර - ඔබ රටේ හිටපු ජනප්‍රිය දෙශපාලන චරිතයක්. අද ඔබ තානාපති වරයෙක්. රටට යමක් කිරිමට හෑකි වුයේ දෙශපාලනයේ යෙදිමෙන්ද නෑතහොත් තානාපති වරයෙක් වශයෙන්ද? පි - ප්‍රාදේශිය සභා සභාපතිවරයෙක් පලාත්සභා හා පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයෙක් වශයෙන්ද නියෝජ්‍ය ඇමැතිවරයෙක් වශයෙන්ද මම මගේ ආසනයට මගේ රටට විශාල සේවයක් කළා. පසුව තානාපතිවරයෙක් වශයෙන් පිලිපිනයට ගොස් වෙළදාම සංචාරක ව්‍යාපාරය හා සංස්කෘතික හුවමාරුවට මගේ දායකත්වය ලබා දුන්නා.

දෙරට අතරේ සම්බන්ධතාවය විශාල වශයෙන් සක්තිමත් කළා.

 එයින් තමයි එක්සත් ජාතින්ගේ සෑසිවාර දෙකකදී පිලිපිනය අපිට පක්ෂව ඡන්දය පාවිච්ව්චි කළේ.  

ප්‍ර - ඔබ සදහන් කළා ඔබ පිලිපිනයට ගියාට පසු වෙළදාම සංචාරක ව්‍යාපාරය සංස්කෘතික හුවමාරුවට ඔබේ දායකත්වය ලබා දුන්නා වගේම දෙරටේ සම්බන්ධතාවය විශාල වශයෙන් වෑඩිදියුණු කරන්නත් ඔබ මැදිහත් වූ බව. ඔබට පෙර පිලිපිනයට ගිය තානාපතිවරුන් මෙවෑනි දේ සදහා මෑදිහත් ව ක්‍රියා කර තිබුණේ නැත්ද?  

පි -  මම එහෙමම කියන්නේ නෑහෑ. නමුත් බොහෝතැන් අඩපණවෙලයි තිබුණේ. අද මම ඉතාලියට පැමිණ සිටිනවා. මේ රට විශාල හොද ආර්ථික ශක්තියක් ඈති රටක්. ශ්‍රි ලාංකිකයෝ එක් ලක්ෂ පනස් දහසකට වඩා වෑඩි ප්‍රමාණයක් මේ රටේ සේවය කරනවා. ඔවුන් දහඩිය මහන්සියෙන් උපයන මුදල් රටට යවන්නේ විදේශ විනිමය විදියට.

ඒක ලංකාවට හොද ආර්ථික ශක්තියක්. ඒ නිසා මෙහි ජිවත්වන අපේ අයට තව තවත් ශක්තිය දිය යුතුයි. ඔව්න්ගේ ගැටලු විසදිය යුතුයි.

මගේ අවධානය ප්‍රථමයෙන් යොමු වෙන්නේ ඒ සදහායි. ඉන් පසු ඉතාලි ජාතිකයින් සංචාරකයින් වශයෙන් රටට ගෙන්වා ගෑනිමට කටයුතු කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ප්‍ර -  ඒ සදහා ඔබට යම් සැලසුමක් තියෙනවද?

පි - නෑහෑ තවම ඒ සදහා කිසිම සෑලසුමක් නැහැ. මම තාම ඉතාලියට ඇවිත් සති කිහිපයයි. නියමිත සැලැස්ම හදලා ඉතාලියේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න අපේ අයගේ හා සමස්ත ශ්‍රි ලංකිකයින්ගේම සහයෝගයෙන් එය ක්‍රියාවට නන්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සදහා ඕනෑතරම් අත්දෑකිම් මට තියෙනවා.

ප්‍ර - රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ ඔබ ප්‍රධානියා. මේ වනවිට සති කිහිපයක් ඒ තුල ගැවසීමෙන් නිළධාරින් පිළිබදව යම් වැටහීමක් ලබා ගන්න ඔබට පුලුවන් වෙන්න ඕනෑ. තානාපති කාර්යාල නිලධාරින් අතර යම් බෙදිමක් තියෙනවද?

 පි -  මම එන්න පෙර එහෙම බෙදිමක් තිබුනද කියලා මම දන්නේ නැහැ. නමුත් දැන් හැමෝම සගගියෙන් සහයෝගයෙන් වැඩ කරනවා.

අපි එක පවුලක් විදියට ඉදිරියටත් කටයුතු කරනවා.

ප්‍ර- රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයය පවත්වගෙන යන්නේ ඉතා අබලන් ගොඩනෑගිල්ලක. අතහෑර දමපු මානසික රෝහලක තමයි තානාපටි කාර්යාලය මේ වන තුරුත් පවත්වගෙන යන්නේ.

සේවය ලබා ගන්න එන ශ්‍රි ලාංකිකයෝ වෑස්සට තෙමෙනවා.ඔවුන්ට රෑදි ඉන්න තෑනක් නැහැ. ඉදිරිපස කවුලුවෙ සේවය කරන නිළධාරින් සිව් දෙනා ද කුඩා හතරැස් කොටුවක ඉතා අපහසුවෙන් සේවය කරන අයුරු තානාපති කාර්යාලයට ගිය මෙම ලියුම්කරු දුටුවා. අලුත් ගොඩනෑගිල්ලක් ගෑනිමට අදහසක් තියෙනවද?

 පි - ඔබ කී දේ හරියට හරි පෑමිණෙන අය වගේම නිලධාරිනුත් පුදුම අපහසුවකින් තමයි කටයුතු කරන්නේ. මගේ ප්‍රථම වෑයම ගොඩනැගිල්ලක් මිලදි ගැනිම තමයි. මේ වන විටත් තැන් කිහිපයක් බලලා තියෙනවා.

 ප්‍ර- ගොඩනැගිල්ලක් සොයා ගැනීමේදී පිටස්තර අයගේ සහයොගයෙන් තමයි ඒක කරන්න වෙන්නේ.  යම් අක්‍රමික තාවකින් තොරව ගොඩනැගිල්ලක් මිලදී ගන්න ඔබට පුලුවන්ද?

පි- මම නෙමෙයි මේ සදහා මැදිහත් වෙන්නේ. ඒ සඳහා මැදිහත් වෙන්නේ  විදේශ අමාත්‍යංශය. ඔවුන් කියන විදියට තමයි මම කටයුතු කරන්නේ. කවුරු  ගොඩනැගිල්ලක් බැලුවත් මා තමයි ගිහින් කතා කරන්නේ.

ප්‍ර-තානාපති නිලධාරින් ස්වේච්ඡාවෙන් ගෙන ගිය ඉරිදා සේවය වගේම ජංගම සේවා නොමැති වීමෙන් ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් ලොකු අසිරුතාවයකට පත්ව සිටිනවා. මේ පිළිබදව ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පි - අපි ඉදිරියේදී නොයෙක් නගරවල ජංගම සේවා පවත්වගෙන යනවා. විදේශ අමාත්‍යංශයට ඒ සදහා ලොකු වියදමක් දරන්න වෙනවා වගේම එහි අවසරයත් අපිට අවශ්‍ය වෙනවා. ජංගම සේවා වල සාර්තක අසාර්තක භාවය උඩ ඉරිදා දින විවෘතව තබන එක තීරනය කරනවා.

ප්‍ර -  ඉතාලියේ ඈත නගරවල ඉන්න ශ්‍රි ලාංකිකයන් කාලය ශ්‍රමය හා ධනය ඉතුරු කර ගනිමින් තුන්වන පාර්ශ්වයක් හරහා තමන්ගේ තානාපති කාර්යාල ගැටළු විසදා ගන්නවා.

ඒත් මෑතක සිට තුන්වන පාර්ශවයක් ගෙනෙන ලියැවිලි නිසි ආකාරයෙන් බාර නොගන්නා බවට මැසිවිලි ඇහෙනවා.  තුන්වන පාර්ශවය පිළිබදව ඔබගේ මතය කුමක්ද?  

පි-  මිනිස්සුන්ට සේවයක් වෙන තුන්වන පාර්ශ්වයට මගේ විරුද්ධත්වයක් නෑහෑ. නමුත් මගේ නියෝජිතයෝ ඉතාලියේ කොහෙවත් නැහැ. ඔවුන් ලියැවිලි නිරවුල්ව ගෙනෙනවා නම් බාර ගත යුතුයි.

ප්‍ර -  ඔබේ නියෝජිතයෝ කොහෙවත් නැහැ කිව්වට නාපොලියට කොන්සල් වරයෙක් පත් කරලා ඉන්නවා. මිලානෝ නගරයේ  කොන්සියුලර් කාර්යාලයක් තියෙනවා. මේ පිළිබදව ඔබ කියන්නේ කුමක්ද?  

පි -  මම විදේශ අමාත්‍යංයෙන් උපදෙස් පතලා තියෙනවා මේ ගැන සොයන්න. හැබැයි මම දන්න විදියට ඒ කිසිම තැනක් හෝ පුද්ගලයෙක් නීත්‍යනුකූලව නැහැ. විදේශ අමාත්‍යශංයේ උපදෙස් පිට ඒ ගැන මම කටයුතු කරනවා.

ප්‍ර- ඔබ හිටපු දෙශපාලකයෙක්. ජනාධිපතිවරයාගේ දේශපාලන නියෝජිතයෙක්. ඒ අනුව පවතින රජයට පක්ෂපාති.  ඉතාලියේ සිටින දේෂපාලන ශාඛා සමිති වලට ඔබ විශේෂත්වයක් දක්වනවද?  ඔවුන්ගේ ඔනෑ එපාකම් වෙනුවෙන් ඔබ පෙනී සිටිනවාද?

පි -කවදාවත්ම නැහැ. ජාතියක් ආගමක් පක්ෂයක් කුල ගෝත්‍රය මම බලන්නේ නැහැ. මම හැමෝගෙම තානාපති.

ප්‍ර - ඉතාලියට බොහෝ තානාපතිවරුන් ආවා ගියා. මෙහි ජිවත්වන ශ්‍රි ලාංකිකයන්ගේ මතකයේ රැදුනේ ඔවුන් වෙනුවෙන් සේවයක් කළේ  අතලොස්සයි. තවත් වසර තුනකට පසු හිටපු තානාපති නාවලගේ බෙනට් කුරේ කියන ඔබ ගැන ඉතාලි ශ්‍රි ලාංකිකයින් කුමක් කියාවිද?

පි - මට දැන්ම ඒ ගැන කියන්න නම් බැහැ. නමුත් මම හොද දෙයක් කලොත් හොද කියයි. කිසිවක් නොකර හිටියොත් අසාර්තක තානාපති වරයෙක් කියයි.

 



අදහස් (0)

කුරේ ඉතාලියේ වැඩ බාර ගනී

රෙක්ස් Sunday, 03 November 2013 02:17 AM

මියගිය දෙමවුපියන් ඥාතින්ගේ මළ ගෙවල් වලට ඉතාලියේ සිට ලංකාවට යන අසරණ මිනිස්සුන්ගේ යූරෝ ගසා කන මාෆියාකරුවන්ගෙන් ගැළවෙන සැලැස්මක් හදන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

අමිල Friday, 01 November 2013 10:30 PM

සිංගප්පුරුවේ නම් මහා කොමසාරිස් කාර්යාලය වැඩ කරන්නේ උදේ 9:00 සිට දවල් 12:30 වෙනතුරු පමණි.(සඳුදා සිට සිකුරාදා දක්වා) (නි)

:       0       0

සමන් පෙරේරා Saturday, 02 November 2013 04:14 AM

පක්ෂ බේදයක් නැතුව වැඩ කරයි කියලා අපි ඔබතුමාව විශ්වාස කරනවා. (නි)

:       0       0

කමල් Saturday, 02 November 2013 07:17 PM

වැඩ කරනා ලෙස සිටිනා, වැඩ නොකරනා දනන් කෙසේ හදුනා ගනිමුද? (නි)

:       0       0

අශාන් Saturday, 02 November 2013 09:31 AM

නියමයි (නි)

:       0       0

සඳුන් Sunday, 03 November 2013 12:57 PM

අමිල, හැම තැනම ඔහොම ඇති. (නදී)

:       0       0

කැටවල Friday, 01 November 2013 09:19 PM

දැනට නම් ඔබතුමාගේ අදහස බොහොම හොදයි. බලමුකෝ ඉදිරියට(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2408 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 11 0


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 435 0


මුල්කිරිගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 496 0


ගලගෙදර අනුරට
2024 සැප්තැම්බර් මස 22 437 0


බෙලිඅත්ත අනුරට
2024 සැප්තැම්බර් මස 22 759 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14649 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 48 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 221 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site