මැද පෙරදිග රැකියාවක් කළ තරුණයෙක් ගම රට පැමිණ හොරණ නිව් චැටල් වත්තේ දී උපන්දිනය සැමැරීමට ගොස් බ්‍රේස්ලට් ,රන් මාල හා මුදු මැර කල්ලියකට ‘පිදීය.’
උපන් දිනයට පුජා වට්ටියක් සොයා යද්දී ත්‍රිරෝද රියකින් ආ නාඳුනන පිරිසක් ඔහු එහි නංවාගෙන කිරි පැකැට්ටුවක් බීමට දී ඉන් සිහි නැති වු පසු ඉන ඉහ අතගාගෙන ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මල්ලී දැනගෙන ඉඳලා නැහැ ලංකාවේ රත්තරන් තැබීමට බැංකුවල සේප්පුවක් තියෙන බව. (ස)
දැන් කව්ද මෙවැන්නන් බේරාගන්නේ.(නදී)
විශ්වාස කරන්න එපා.දැන් ලංකාව වෙනස් කරලා තියෙන්නේ.මොකද හැමෝටම ආශ්චර්ය පහල වෙලා. නීතිය, ආරක්ෂාව, පිලිබදව කතා කරන්න දෙයක් නැහැ.ලෝකයේ අනිත් රටවල තිබෙන ජීවිත සහ දේපොළ ආරක්ෂාව ඔබ උපන් මෙන් දැන් ගිලිහිලා බව තේරුම් ගන්න.වර්තමාන ආර්ථික, සමාජයීය, දේශපාලන ක්‍රමයන් රට මේ තැනට පත් කර තිබෙනවා. (ස)
මැද පෙරදිග ගිහිල්ලත් මෙයා දන්නේ නැහැනේ පිරිමින්ට රත්තරන් පැළදීම තහනම් බව.(නදී)
දැනට අවුරුදු දෙකකට කලින් මගේ මිත්‍රයෙක් මහා මඟදී හමුවුන ලස්සන ගැහැණු ළමයෙක් නිසා ලක්ෂ තුන හතරක් වටිනා බ්‍රේස්ලට්, රන් මාල හා මුදු, ඔරලෝසුව සිට සකල මනාවම සෝබනියකට පුදලා පාරේ යන කෙනෙක් ගෙන් බස් එකට ටිකට් එක අරන් හිස් අතින් ගෙදර යන්න සිද්ධ වෙලා තිබුනා. පොලිසියට කියන්නත් බැහැනේ ගැහැණු ළමයෙක් නිසා.මොනවද දෙන්නම බිව්වා මතකයිලු.එච්චරයි මතක.පාඩුව විදගෙනම නැවත ගෙදර ආවා. (ස)
මෙයා කිරිවලට ගොඩක් ආසයි වගේ (නි)
තව ඉස්සරහට උපන් ඇදුමෙන් තමා පාරෙ යන්න වෙන්නේ (නි)
ලංකාවේ කිරි හුඟක් කාලෙකින් බීල නැති නිසා රස බලන්නත් එක්ක බොන්න ඇති.මදැයි කරගත්ත ජංජාලය. (නි)
අපරාදේ දුක් මහන්සියෙන් හම්බ කරගත්තු දේවල් ටික නිකන්ම පුජා කලානේද? (නදී)
මේවා කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තිය හරහා වර්ධනය වූ ප්‍රවනතාවයන්. ඇත්තන් හා නැත්තන් අතර පරතරය මහමෙර මෙන් උස්වෙද්දී, නැති එකා මුදල් හොයන්නේ මේ ආකාරය ට තමයි. (නදී)
මෙතන හිනාවෙන්න වගේම අඬන්නත් කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ මනුස්සකම.අපි මගතොටේදී හමුවෙලා කතා බහ කරලා හිතවත් වුණහම ඒ මනුස්සයව විශ්වාස කරනවා. තේ එකක් බොමුද ඇහුවොත් බයක් නැතුව ගිහින් තේ එකකුත් බොනවා. අපි එහෙම කළේ මෝඩකමට නෙවෙයි තියෙන ලෙන්ගතුකමට. හැබැයි දැන්නම් දෙපාරක් නෙවෙයි තුන්හතර වතාවක් හිතන්න වෙනවා (නි)
එයා දන්නේ නැතුව ඇති ලංකාවේ දැන් නීති ලිහිල් කරලා කියලා (නි)
එක කාන්තාවක් ගොඩක් වටිනා රන් මාලයක් පැළඳගෙන පාරේ යන විට කුඩු කාරයෙක් මාලේ කඩාගෙන දිව්වලු. ළඟ හිටපු කට්ටිය හොරා අල්ලන්න දුවනකොට කාන්තාව කිව්වලු හොරා අල්ලන්න ඕනෑ නැති බවත් එම මාලය ඉමිටේෂන් එකක් බවත්. ටික වෙලාවකට පසු මාලේ කඩාගත්ත හොරා පැමිණ මාලේ කාන්තාව දෙසටම විසි කර මින්පසු ඉමිටේෂන් දාන්න එපා යැයි බැන වැදුනලු (නි)
ධම්ම නොදන්නා පණ්ඩිත කතා කියන්න එපා. ඔයාද සල්ලි දෙන්නේ සේප්පු වලට. නිකන් දෙන දේ කාලා ඉන්න බැරිද??? (ස)
සමදරා කියන කොට තමයි මට තේරුනේ මා ලියු දෙය එහෙමත් තේරුම් ගන්න පුළුවන් කියලා. ඇත්තෙන්ම මා අදහස් කලේ රත්රන් පළඳින්න තරම් ආරක්ෂාකාරී පරිසරයක් දැන් ලංකාවේ නැහැ කියන එකයි. බොහෝ දෙනෙක් කරන්නේ ඒවා බැංකුවේ තැන්පත් කරන එකයි. ස්තුතියි සමදරා තවත් පැතිකඩක් පෙන්වා දුන්නාට. (ස)