ඇගලුම් කර්මාන්ත රැකියාවට ආයුබෝවන් කියා හරකුන් ඇති කර ජීවීතය ජයගත් තරුණ යුවළක් පශුසම්පත් සම්මාන ප්‍රධානයේදී හොදම ගවපාලනය ,හොඳම තණකොළ වගාව ,හොදම තරුණ කිරි ගොවියා ,හොදම කිරි එළදෙන ,යන සම්මාන හිමිකර ගත්හ.
ඔවුහු ගලේවෙල හොම්බව දඩුවාගොල්ලේ ආර් .ඩි.වසන්ත ලාල් ප්‍රේමරත්න (,31) සමන්ලතා අතපත්තු (29)යන දෙනොයි.
කිරි එළදෙනක් ගෙන් ඇරැඹු ගොවිපොළේ එළදෙනුන් විසි දෙනෙක් සිටිති.
දිනකට කිරි ලීටර් 100 ක් ලබාගනී .කිරි දෙවීමට නව තාක්ෂණය යොදා ගනී.ගොම වලින් බයෝ ගෑස් නිපදවාගනී .
ගලේවෙල පශු වෛද්‍ය ඒ .ජි .බෝදාහේවා ගේ මගපෙන්වීම නිසා මෙම සාර්ථකත්වයට ආ බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහය ජය මාවතයි .නියමයි ,තවත් දියුණු වේවා !. (දී)
හිත ඇත්නම් පත කුඩාද? (දිල්)
සුභ අනාගතයක් රටටම ආදර්ශයක් (දිල්)
නොපසුබට උත්සාහය ගැන ගොඩක් ආඩම්බරයි. රටටම ආදර්ශමත් ඔබේ ව්‍යාපාරය තව දුරටත් දියුණු වේවා(දිල්)
ඔබ දෙපළගේ දක්ෂතාවය සහ ඉතා ප්‍රියමනාප බව නිසාම මේ වාසනාව සොයා එන්න ඇති සුභම අනාගතයක් (දිල්)
ඔබ සැමට සුභ අනාගතයක්.(දිල්)
ජයවේවා ඔබ දෙපළට හා දරු පැටවුන්ට(දිල්)
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආදර්ශයක් මගේ සුබ පැතුම්.(දිල්)
ශ්‍රී ලංකාවටම ආදර්ශයක් (දිල්)
අද වගේ දවසක අපවත්වී වදාළ බෝවත්තේ ඉන්ද්‍ර රත්න හමුදුරුවෝ ජිවත්ව සිටියානම් ගොඩක් සතුටුවෙවී,(දිල්)
සත් භාවය හිනාවෙන් පෙනේ(දිල්)
ඔබ හරි උත්සහාවන්තයි සුභ පැතුම් (දිල්)
මේ දෙපළට සුභ පතන්න ඇයි මට තහනම්...! පුවත් පතට මේ අය ගැන ලියන්න හැකිනම්...මේ දෙපළට සුභ පතන්න......!!!(නදී)
අනිකුත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ටත් ආදර්ශමත් දිරිය පවුලක්! ඔබ දෙපල පවත්වාගෙන යන ව්‍යාපාරය තව තවත් දියුණු වේවා! ඔබ සැමට සුබ අනාගතයක් පතමි.(දී)
බොහොම වාසනාවන්ත පවුලක් .ඔබ වැනි ය රටටම වාසනාවක්.දරු දෙදෙනාටත් ඔබ දෙදෙනාටත් තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා . (අ)
හොඳ අදර්සමත් උත්සහවන්ත පව්ලක් ඔබ ඇතුළු පව්ලටම ජය තවත් දියුණු වේවා (දී)
නුබලාට ජයෙන් ජයම වේවා ! (අ)
කිරි නිෂ්පාදනය ඉතා උසස් රැකියාවක්. රටට අවශ්‍ය කිරි,බටර්,චීස් ,රට තුලම නිපදවා ගන්න පුලුවන්. රටක් දියුනු වෙන්නේ එවිටයි. (නදී)
කිහීප විටක්ම බැලුවා, අදහසක් නොදැම්මොත් එක කුහක කමක් වගේ. ඔබ දෙපලට මගේ හදවතින්ම සුබ පතනවා. ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.(නදී)
හරිම ස්තුතියි. ආදර්ශමත් යුවලක් තව දියුනු වේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා. ඔබලාගේ ගොවිපොළ බලන්න ආසයි ලිපිනය සහ දුරකථන අංකය දෙන්න. ලංකාවටම එනවා ඇවිත් හමුවෙන්නම්.(නදී)
රජයෙන් ඇත හිත දෙනවනම් මග පෙන්විම කරනවනම් කිරි හරක්ගෙන් පමණක් නෙවෙයි දිනකට අහක දාන කුණු ටිකෙනුත් ප්‍රොයෝජන ගන්න පුළුවන් , මොනවා උනත් මේ උත්සහවන්ත යුවලට වගේම මග පෙන්නු මතින්දුන්ටත් මගේ ප්‍රණාමය (අ)
දිරිය දියණියනේ, දිරිය පුතුනේ, ඔබලාට සුභ පතන්න මේ තීරයෙන් මට වරම් නැහැ. පුද්ගලික ලිපිනය මෙහි පල කරන්න. එවිට අපගේ හෘදයංගම සුභ පැතුම නිවෙසටම එවන්නම්. (අ)
වාසනාවන්ත දරු පවුලක්. රටටම ආදර්ශයක්. ලංකාව කිරියෙන් පැණියෙන් ඉතිරේවි මේ වගේ තව දහසක් පවුල් හිටියොත්. ඔය පුලට මුළු මෙල්බර්න් නුවර ශ්‍රී ලංකික හරසර. (අ)
ඔබ දෙපල මුලු රටටම ආදර්ශයකි. තෙරුවන් සරනින් දෙව් රැකවරණින් නිදුක් නිරෝගී වේවා.! දිනෙන් දිනම දියුණු වේවා.! (නදී)
තිසර - කවදද කෘෂි උපාධි ධරයන් පාරට බැස්සේ රස්සා ඉල්ලලා
මොනවා ? (නදී)
මගේ සුබ පැතුම්.(දිල්)
රටට ආදර්ශමත් යුවලක්.ඔබේ උත්සාහය දිනෙන් දින සපල වන්නට අපෙන් සුභ පැතුම්.!!!(දී)
ජයවේවා ඔබ දෙපළට හා දරු පැටවුන්ට......(දී)
හොද පුවතක්. ජයවේවා. නිර්ව්‍යාජ සිනාව. (දී)
ඔබ දේපල අපට ආදර්ශයක් (දී)
දීයුණු වෙනවනම් මී කුනත් ඇති ?(දී)
හරිම සතුටු හිතෙන දෙයක් (දී)
ඔබ දේපල දියුණුවෙන් දියුනුවටම පත් වේවා (දී)
නිකන් උද බලාගෙන ඉන්න අයට හොද ආදර්ශයක් (දී)
ඇත්තටම මම ඔබ දෙපලට මගේ මුළු හදවතින්ම සුභ පතනවා (දී)
මේ දෙන්නාව ආදර්ෂයට ගත්තොත් රටටම කිරි උතුරුවන්න පුළුවන් (දී)
සැමටම මේ දිරිය යුවල ආදර්ශයක්. (දී)
ඔබ දෙපලගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා (දී)
මෙන්න දියුනුවෙනවානම් මාර්ගය.. නිවැරදි තාක්ෂනය, ධනාත්මක චින්තනය, අවශ්‍ය කැපවීම සහ ධාර්මිෂ්ට සිතුවිලි... ඔබට ජය.(දී)
නංගියේ නුඹේ කිරි උතුරන සිනහව නිසා මුළු පව්ලටම කිරි උතුරවී (දී)
පාරෙ අඩන කෘෂි උපාධිධාරීන්ට වගේම කොයි කාටත් හොඳ ආදර්ශයක් දන්න දෙයින් දියුණු වෙන් බලමු(දී)
මුළු හදවතින්ම සුභ පතමි.(දී)
බයෝ ගෑස් උපයෝගී කරගෙන කිරිවලින් මොනවා හරි නිෂ්පාදනය කරන්න පටන් ගත්තනම් කිරිවලට වැඩි මිලක් ලබාගන්න පුළුවන් ඔබල මුළු රටටම ආදර්ශයක් (දී)
හොද හිතින් කල හොද වැඩකින් යහපත් ප්‍රතිපල වාසනාවන්ත දරු පව්ලට සුබ අනාගතයක් (දී)
දිරිය පුතණුවනි දිරිය දියණියෙනි ජීවිතය ජයගැනුම මාවතේ කූඩාරම් යට උපවාස ...රැල්ලට ..යට කරනා.. බොළඳ ...විප්ලව වාදීන් හට ....ඔබ දෙපළගේ ....අව්‍යාජ ..සිනහව තුලින් දන්වන පණිවිඩය .....ආශිර්වාදයක්ම වේවා ජීවිතය ජය ගැනිමට ..(දිල්)
සැහෙන කාලෙකට පස්සේ දැකපු හොද පුවතක්. සුභ අනාගතයක් ඔබ සැමට!(දිල්)
සුභ පැතුම් (දිල්)
අපෙන් සුභ පැතුම් (දිල්)
වෙහෙසක් නොවී ලද හැකි කිසි දෙයක් නැත ගව පට්ටියේ දියුණුව මෙහි ගැටේ නෙත මසුරන් වටින ආදර්ශය දීල ඇත.. මගේ සුභාසිරි දිරිමත් දෙපළ වෙත (දිල්)
සතුටු කඳුළු උනන අවස්තාවක්. ඔබ දෙපළට ජය සහ සතුට පතමි. (දිල්)
ඇත්තටම සතුටුයි... ආදර්ශයක් වගෙම සේවයක්... ඔබ දෙපළට බුදුසරණයි...