IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කිරිඅල ගේන්නත් ඩොලර් වැය කරලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 300 ක ණයක් බලාපොරොත්තු වන රට පසුගිය වසරේ කිරි අල ඇතුළු මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

 සුදු ලූනු ,අල,කජු,ගොරකා ,තක්කාලි,ගස්ලබු කොමඩු, කිරි අල,අන්නාසි ,මෑ කරල්,කජු ආදිය මෙලෙස ඩොලර්   වැය කර ගෙන්වා තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

 ආණ්ඩු පක්ෂයේ හිටියාට බොරුවට  පම්පෝරි ගහන්න එපා යැයි  ඇමතිවරුන්ට කියන බව පැවැසූ මන්ත්‍රීවරයා අමාත්‍යංශ වලට ජනපති වෙන් කළ මුදල් වලින්  තමන්ගේ යුතුකම ඉටුකරන්නැයි ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

තමන්ට බාර දී තිබෙන කාර්ය සාධනය නිසි පරිදි කරන්නැයි කී විතානගේ මහතා එසේ නැතුව  තවදුරටත් කිරි අල, මඤ්ඤොක්කා, බතල ගෙන්වන ආර්ථිකයක් හදා වැඩක් නැතැයි කීය. මහ පොළොවේ වැවෙන බෝග ටික වවා ගන්නේ නැතිව පොළොව යට තියෙන ඛනිජ ගැන සෙවීමෙන් වැඩක් නැතැයි කී විතානගේ මහතා කිරි අල ,මඤ්ඤොක්කා  ගෙනැවිත්  රටේ තිබෙන ඩොලර් පිටරට වෙත යවන්න උත්සාහ කරනවා නම් එය සැමගේ අවාසනාව බව කීය.



අදහස් (6)

කිරිඅල ගේන්නත් ඩොලර් වැය කරලා

හර්ශණී Monday, 20 November 2023 02:44 PM

ලංකාවේ සමහරක් මිනිස්සු ගෙදර වත්තේ ඉදී වැටෙන කොස් ගෙඩිය දෙල්ගෙඩිය කන්නේ නැහැ (එහෙම කරන්න කම්මැලිකමත් හේතුවක් වෙනවා) නගරයේ මිනිසුන්ට තමන්ගේ ගෙදර පොෂ් කියන්න පාරෙ තියෙන හාර්පික් මිශ්‍ර කොස් ගෙනැවිත් කනවා. අල්ලපු ගෙදර කොස් ගහක් තියෙනවා නම් ගහ කපන්න කියලා ඔවුන් සමග වලියට යනවා මේනිසා මෙහෙම අපරාධ කරන ආනයන කරුවන්ට වටිනාකමට සියයට දෙසීයක්වත් බද්දක් ගන්න ඕනෑ... ඒ සමගම ඔය කියපු ආහාර වර්ග ගෙන්වීම අයවැය මගින් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නීතියක් හදන්න ඕනෑ...

:       0       29

Bamunuarachchi Monday, 20 November 2023 03:01 PM

මේ කරන අපරාධ වලට මුන්ට හෙණගහන්න ඕනේ. මෙරට හැදෙයිද? කිරිඅල ගෙන්වන්නේ මොන බූරුවෝද? අපි ගෙදර වත්තේ වවාගෙන තිබෙනවා.

:       2       19

Piyathilaka Monday, 20 November 2023 05:50 PM

සමහර දේශපාලකයෝ රට හදන්න ගන්නේ රේගු ගාස්තු තමයි.. ඉතින් රටේ සල්ලි නොරට ගියොත් රේගු ගාස්තු ලැබෙනවනේ... සමහර මිනිස්සු රටදෙල් කන්න පෙරේතයි. ඉතින් රට දෙල්, රට කොස්, රට පුවක්, රට වම්බටු කියලා හැම එකම රටින්ම ගෙනත් කනවා. ඕවා ඉතින් ඉස්සර හිටපු රදළයෝ පුරුදු කරපු දේවල් නෙවෙයි කියන්න බැහැ...

:       3       5

sumanasiriTuesday, 21 November 2023 09:36 AM

රටේ මේ තත්වය ඇතිකළේ ඉංග්‍රීසින්ට පක්කලිකම් කරලා රදලයෙක් වුනු ජේ ,ආර් පරම්පරාවෙන් ආ ජේ ආර් ජයවර්ධනගේ දේශපාලන ක්‍රමයෙනුයි,සීමාවක් නොමැති විවෟත ආර්ථික ක්‍රමයෙනුයි,එකට මේ රටේ බහුතර ජනතාව කෙලින්ම වග කිවයුතුයි

:       1       1

මහින්දපාල Tuesday, 21 November 2023 11:04 AM

මෙහෙම අපරාධ කරන්න ඉඩක් දෙන්නෙ නැහැ කියලා ජනාධිපතිවරණය සදහා සකසන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යමෙකු පොරොන්දු වෙනවා නම් එම ප්‍රතිපත්ති ප්‍රකාශය කල් ඇඇතුව කියවීමට සැලැස්වීම කරන කෙනෙකුට පමණක් ජනතාව තමන්ගෙ ඡන්දය පාවිච්චි කලොත් පමණයි මේ රට හදන්න පුළුවන් වෙන්නෙ මේක ජේආර්ට පෙර කාලයේ හදෙන් හාල් ගෙනත් දෙනවා (කිව්වත් ගෙදරින් කුඹුරට බත් ගෙනයාමට වත් දුන්නෙ නැහැ) කීමත් එවැනි අදහසක් තමයි, වියළි දන්ඩක් වුවත් පැලවෙන ලංකාවෙ වැවෙන කිසිම දෙයක් ව්දේශවලින් ගේන්න නොදී (ගෝඨාභය ඒ අතින් ඉතාමත් හොදයි ) වැවෙන ප්‍රදේශවලින් මිලට ගෙන බෙදාහැරීමට ක්‍රමයක් හදන්න ඕන එහෙම නැතුව කියව කියවා සිටීමෙන් වැඩක් වෙන්නෙ නැහැ

:       0       0

U R Abeyrathne Wednesday, 22 November 2023 05:15 AM

මම එහෙම නෙමෙයි කියලා කැපී පෙනෙන්ඩ කොහොම විවෙචනය කලත් අවසානයේ සේරම එකට . ඒ නිසා තේරුමක් නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 254 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 993 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 203 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1020 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 399 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1036 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site