ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා නිරත වූ ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුගේ භාර්යාවන්ගේ ගුවන් ගමන් වෙනුවෙන් රුපියල් හතලිස් එක් ලක්ෂ හතලිස් නවදාහක (41,49,000.00 ක්) මුදලක් වැය කර තිබේ.
මෙම මුදල ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් එක් අයෙකුට රුපියල් 3,93,000.00 ක් බැගින් වනසේ සිංගප්පූරුව හරහා ඔස්ටේ‍්‍රලියාවට යාමට ගුවන් ප‍්‍රවේශපත් සඳහාද, ඉතිරිය ඔවුන්ගේ වීසා ලබාගැනීම සඳහාද වියදම් කර ඇති බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් වීසා ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය දරා ඇති වියදම කී‍්‍රඩකයින් විසින් ආපසු කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලැබීමට නියමිතය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කී‍්‍රඩකයින් සමග දැනට බැඳී සිටින කොන්ත‍්‍රාත්තුවට අනුව කි‍්‍රකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරන සෑම කී‍්‍රඩකයෙකුගේ බිරිදකටම වසරකට එක් වතාවක් බැගින් තමන්ගේ සැමියා සමග විදේශ සංචාරයකට එක්වීම සඳහා ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබාදිය යුතුය.
යෙහාලි සංගක්කාර, ක‍්‍රිස්ටිනා ජයවර්ධන, ටානියා වහලතන්ත‍්‍රී, සේනානි රම්ඹඩගේ, වැනේසා මෙන්ඩිස්, දිනූෂා වත්තගේ, සවිත‍්‍රී වෙළගෙදර, ජීවනී කළුපහන, ඩෝනා සිල්වා සහ මංජුලා මීගහවත්ත යන අයට ඕස්ටේ‍්‍රලියාවට යාම සඳහා ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගෙන තිබේ.
පසුගිය සතියේ පැවති විධායක කමිටු රැුස්වීමකදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව විසින් මෙතෙක් කී‍්‍රඩකයන්ට ලබාදුන් මෙම පහසුකම අවලංගු කිරීමට තීරණය කර තිබේ. තවද මින් ඉදිරියේදී අන්තර් ජාතික කි‍්‍රකට් සභාව මගින් පවත්වන තරග වලින් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන මුදලින් කී‍්‍රඩකයින්ගේ කොටස නොගෙවා සිටීමටද ඔවුන් තීරණය කර තිබේ.
දැනට පවතින කී‍්‍රඩකයින්ගේ කොන්ත‍්‍රාත්තුවට අනුව අන්තර් ජාතික කි‍්‍රකට් සභාවෙන් ලැබෙන මුදලින් 25% ක් පමණ ජාතික කණ්ඩායමේ කී‍්‍රඩකයින් 15 දෙනා වෙනුවෙන් වෙන් කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනට සිදුවී තිබේ. එසේ වුවත් අනිකුත් රටවල් එලෙස නොකරන බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පව් මේවා අහන්න ලැබෙනවාට (දී)
ලංකාවේ කි දාහක් ඉන්නවද කන්න බොන්න නැතිව (දී)
මේක හොදයි. මම හිතනවා ක්‍රීඩකයෝ සතුටු වෙලා හොදට සෙල්ලම් කරයි.(නදී)
මතක තියා ගන්න අපේ සල්ලි (දී)
අවුරුද්දකට එක වතාවක් ඒ වගේ අවස්ථාවක් දීම වැදගත්.(නදී)
මහත්වරුන්ගේ ක්‍රීඩාව (දී)
අපේ පවි දුප්පත් ක්‍රිකට් ක්‍රීඩකයෝ. දේශපාල‍්ඥයින්ව ආදර්ශයට අරන්.(නදී)
අපි හළාල් වලට අවුරුද්දකට රුපියල් කෝටි 900ක් ගෙවන එකේ ඕක මොකද්ද?(නදී)
මැති ඇමතිවරුන්ටත් බැරිද ඔයවගේ නීතියක් පනවන්න?(නදී)
පාකිස්තානය මෙන් අපි ද ක්‍රිකටි ලංකාවේ වර්ජනය කරමු.(නදී)
සිසිරගේ කතාව හරි. මෙයාලා ඇවිල්ලා සෙල්ලම් කරපු හැටියට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි ලොකු ලැජ්ජාවකට පත්වුනා. සංගා විතරයි වගකීමෙන් සෙල්ලම් කලේ. විනෝද චාරිකා නවත්තන එකනම් හොදයි.(නදී)
ඔවුන් නිසා උපයන මුදලින් ඔය පරිපාලකයෝ කොච්චරනම් රට යනවද? දේසපාලන නායකයන් යද්දී පනහක් විතර ගෙනියනවා. මාලිංගට අංචි අදිනවා, අපහස කරනවා, ක්‍රීඩකයන් වට්ටලා ක්‍රිකටුත් වට්ටලා දේසපාලන මැදිහත්වීම් කිරීම හෙලා දකිමු. (නදී)
මම ඒ අයගේ කව්රුවත් නෙමෙයි. මේවා දිය යුතුයි. ජාතික කණ්ඩායමනේ.(නදී)
ඇයි ක්‍රිකට් විතරක්. අනිත් ක්‍රීඩා කරන අයගේ නෝනලා නැද්ද ගිනියන්නේ.(නදී)
තනිකඩව ඉන්න තරුණ කොල්ලන්ට මොනවද ගෙවන්නේ?(නදී)
මේවා හෙලි කරනවාට මාධ්‍යට ස්තුති (දී)
මාර වැඩක්නේ. අපේ සල්ලිවලින් ගෑණුන්ව ගෙනියන එක හරි නැහැ. මොකද එයාලට සල්ලි නැතිනම් කමක් නැහැ. (ස)
පාර්ලිමේන්තුවේ කාබාසීනියා කරන සල්ලි ගැන කව්රුත් කතාකරන්නේ නැහැ. මේ ක්‍රීඩකයෝ රටට කීර්තියක් ගෙනාපු අය. ඒ වියදම් ගැන කාටවත් ප්‍රශ්න තියෙන්න බැහැනේ.(නදී)
එදා වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නාවාද (දී)
මේවා අපි දියයුතු දේවල්.(නදී)
අනේ මන්දා, මේවා අහද්දී අපිටම අපි ගැන දුකයි. (නි)
මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඔවුන්ට අපි පහසුකම් සැපයිය යුතුයි. (නි)
කතාකරනවිට සුද්දවන්තයෝ. ආදායම දෝරේ ගලනවා. නොනගේ ට්කට් අපෙන්.(නදී)
මැච් දිනුවත්, පැරදුනත් එයාලා විනෝද වෙනවා. මැච් බලන අපි ඕවා බලලා හිතින් දුක්වෙනවා.(නදී)
නීතිය එහෙමනම් මොනවා කරන්නද? මේ දේවල් ක්‍රීඩකයන් දිරිමත් කරන්න වැදගත් කරුණු. අනික් රටවල මීට පඩා පහසුකම් දෙනවා ඇති. මේවා විය යුතු දේවල්.(නදී)
ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්යෑ? මේක ලංකාවනේ. (නි)
මේක හොදයි. මම හිතනවා ක්‍රීඩකයෝ සතුටු වෙලා හොදට සෙල්ලම් කරයි. නිලධාරීන්ටත් මේක වලංගුද?(නදී)
ඕවා අපිට තේරෙන්නෙ නැහැ. (නි)
එදා වේල හොයාගෙන කන්න නැතිව කී දෙනක් ලංකාවේ ඉන්නවද ? ඒ අයට දීමනාවක් දන්නනම් මීට වඩා පින් සල්ලි කන්නන ලංකාව නියම රටක්. (ස)
බැරිද ඔය නීතිය පාර්ලිමේන්තුවටත් ගේන්න. මැති ඇමතිවරුන්ට (ස)
හාරි මාවතක යන ලකුණු (ස)
අනේ අපෝ (ස)