බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්රික්කයේ ක්රීඩා සංකීර්ණය පසුගිය 28 වැනිදා විවෘත කිරීමට තිබුණත් එහි ඇති අඩුපාඩු එය විවෘත නොකළ බව අජිත් පී පෙරේරා මහතා අද (10) කීවේය.
ලක්ෂ 600 ක් වැය කළ මෙම ක්රීඩා සංකීර්ණයේ ක්රිකට් ක්රීඩාව සඳහා පහසුකම් නැති බවත් තණ පිටියකට සුදුසු තණ පිඩලි අල්ලා නොමැති නිසා වෙනත් තළකොළ පවා එහි පැළ වී ඇති බවත් ඔහු කියයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්රිකට් මලල ක්රීඩාවක් නොවේ 22 දෙනෙක් ක්රීඩා කරන දහසක් බලාගෙන සිටින ක්රීඩාවකට නොවේ මෙය කතාව නවත්වා තණකොළ ගලවා නඩත්තු කර ක්රීඩා කරන්න. (ර)
එක්කෙනෙක් මේවා හැදුවා අනෙක් කට්ටියට විවුර්ත කර ගන්න බැහැ හදපු අය අමතක වෙන කම් නඩත්තු නොකර තිබුන නිසා. (ර)
අනුර හරි. මේ මිනිස්සුන්ගේ කුහක කම විතරයි. හදපු මනුස්සයටත් එන්න කියලා මේක ජනතාවට පැවරුවනම් අපිත් මේ මිනිස්සුන්ට ගරු කරනවා. අපේ රටේ මිනිස්සුන්ගේ හැටි. (ර)
කාට කියන්නද මේ අවනඩු? (නි)
සමහරු නම් කොහොමත් කරන වැඩකුත් නැහැ, කරපුවට ගරහන එක තමයි වැඩේ (නි)
ලක්ෂ හයසීයක් වැයකරලා මොනවද කරලා තියෙන්නේ? (නි)
අර සූරියවැව හදපු එක මෙතනයි හදන්න තිබුනේ. (නි)
බණ්ඩාරගම ඉන්න අයට එක අතකට මොන ක්රිකට්ද කියලා හිතෙන්න ඇති (නි)
මේක යහපාලනයේ වැඩක්ද? පෙර පාලනයේ වැඩක්ද? නැත්නම් පෙර පාලනයෙන් පටන්ගෙන යහපාලනයෙන් ඉවරකළාද? (නි)
අපේ රටේ මොන වැඩේද පිළිවෙළකට කළේ? (නි)
මෙය නඩත්තු නොකළ නිසා සුළඟට එන වල් තැන තැන පැලවෙලා. හොඳම දේ වල් පැල ගළවා දමා ක්රීඩා කරන්න (නි)
මෙක හදලා කොච්චර කලක්ද? හදලා තියෙන එ්වත් මෙයාලට විවෘත කරගන්න බැරි හැටි ඉක්මණට? (නි)
ශාන්, මේක පෙර පාලනයෙන් හදලා, නඩත්තු නොකර තියලා යහපාලනයෙන් විවෘත කරන්න ගිය එකක් නේද? මොකක් වුණත් නඩත්තු නොකළොත් ඔහොම තමයි (නි)
සංදර්ශන පමණි. වෙනත් කිසිවක් නැත. (නි)
මොන පාලනයෙන් හැදුවත් රටේ මහජනයාගේ සල්ලි මිසක් කවුරුවත් පුද්ගලික සල්ලි වලින් හදල දීල නැහැ. කොහොමත් පිට්ටනිය හදන්න බාරගත්ත අය නියම විදියට කරලා නැති එකයි පෙන්නුම් කරලා තියෙන්නේ . නමුත් අදහස් නම් දේශපාලන අදහස් තමයි ඉතින් කොහමද රටක් දියුණු වෙන්නේ? හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පුරුදු වෙන්න. (බ)
අසෝක මොන පාලනයෙන් වුනත් හැදෙනවානම් දැනුත් හැදෙන්න ඕනේ නේද? නිකම් මෝඩ කතා නොකිය ඉන්න අනේ. කුහක කම (බ)