IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ක්‍රිකට් සභාපති පුටුව තිලංගට

කවුරුන් නිලවරණයට ඉදිරිපත් වි නිලතල ලැබුවත් තමන්ගේ රාජකාරිය නිසියාකාරව කළ යුතු බවත් ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම නිලවරණයේදී ගත් තිරණ සම්බන්ධව ජනපති හා අගමැති හට ලිපියකින් දැනුම් දි ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධව සිදුවන්නේ කුමක්දැයි බලා සිටින බවත් වාරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසිය.

ක්‍රිඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රියා පටිපාටිය පිළිබඳ තමන් සෑහිමකට පත් නොවන බවත් ඒ සම්බන්ධව තිරණයක් නොගන්නේ මන්දැයි ක්‍රිඩා අමාත්‍යවරයාගෙන් ඇසිය යුතු බවත් රණතුංග මහතා කීවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණි. එහිදී සභාපති පුටුව සඳහා තිලංග සුමතිපාල මහතා තේරී පත්වූ අතර නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කළ අර්ජුන රණතුංග මහතාට ලබාගත හැකිවූයේ ඡන්ද 80ක් පමණි. ඒ අනුව උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස හා කේ.මතිවානන් යන මහත්වරු තේරී පත්වූහ. සභාපති ධූරයට තරග කළ තිලංග සුමතිපාල ඡන්ද 88 ක් ලබාගත් අතර නිශාන්ත රණතුංගට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 56 ක් පමණි.

thilanga_201513 thilanga_201513-2 thilanga_201513-3 thilanga_201513-4 thilanga_201513-5

 

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක

nishantha_)201613 nishantha_201613 nishantha_201613-2

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

ක්‍රිකට් සභාපති පුටුව තිලංගට

දහම් Sunday, 03 January 2016 08:07 AM

සමහරු හිතන්නේ එයා විතරක් හරි, අනිත් හැමෝම වැරදියි කියලයි (නි)

:       0       0

ටිකිරි Sunday, 03 January 2016 08:26 AM

සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා (නි)

:       0       0

ෂෙල්ටන් Sunday, 03 January 2016 08:34 AM

කියන්නකෝ දැන් මේකටත් ඉතින් මොනවාහරි කතාවක්.... (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 03 January 2016 08:31 AM

අපි දන්නවා පැරදුනාම ගොඩක් කතන්දර තිබෙනවා කියලා. මුළු රටම දන්නවා තිලංගට කරන්න පුළුවන් කියලා. (නි)

:       0       0

තුසිත Sunday, 03 January 2016 08:36 AM

මෙතුමා හැමදාම නහයෙන් අඩනවා.වැඩක් කරන්නෙත් නෑ කරන්නත් බෑ.වෙලා තියෙන්නේ මෙතුමාට චන්දෙ නොලැබුන එක. ඉතින් එකට නහයෙන් අඩනවා. (කෞ)

:       0       0

සෑම් Sunday, 03 January 2016 08:40 AM

මේ රණතුංග පවුලට උනේ හොඳම පාඩම.(කෞ)

:       0       0

සමන් Sunday, 03 January 2016 08:46 AM

කාට කාටත් මෙය හොඳ පාඩමක්.(හේ)

:       0       0

සිරිල් Sunday, 03 January 2016 08:42 AM

හොඳ තරයකින් ජය ලැබුවා.(හේ)

:       0       0

ජගත් Sunday, 03 January 2016 08:53 AM

අපි ඔය ප්‍රතිඵලය කලින්ම දැනගෙන හිටියා.(හේ)

:       0       0

මහේෂ් Sunday, 03 January 2016 08:55 AM

අල්ලමුද ඔට්ටුවක්? ඊළඟ ටී20 වර්ල්ඩ් කප් එකට (හේ)

:       0       0

සමන් Sunday, 03 January 2016 09:03 AM

තණ්හාය ජායති සෝකෝ ..(හේ)

:       0       0

වාසනා Sunday, 03 January 2016 09:09 AM

නියමයි සුදුස්සාට පුටුව හිමි වුනා. (හේ)

:       0       0

මහින්ද Sunday, 03 January 2016 09:22 AM

දැන් බලමුකෝ මේ අයගේ වැඩටික.(හේ)

:       0       0

සරත් Sunday, 03 January 2016 09:29 AM

බලයත් ධනයත් අතර තරගයක්.(හේ)

:       0       0

රොෂාන් Sunday, 03 January 2016 09:29 AM

ලංකාවේ ක්‍රිකට් වලට වැදගත් වැඩක් කරන්න.(හේ)

:       0       0

දිලංක Sunday, 03 January 2016 09:33 AM

නිශාන්ත රණතුංග පැරදුන එක නම් ලොකුම දෙයක්. දයාසිරිගෙ ආම් එක මරු (බ)

:       0       0

රොෂාන් Sunday, 03 January 2016 09:42 AM

හොඳ තරගයක්.(හේ)

:       0       0

අමා Sunday, 03 January 2016 09:51 AM

මෙතරම් බලයට කෑදර මොකද (බ)

:       0       0

ගැමුණු Sunday, 03 January 2016 09:51 AM

කොහොම රසයක් ඇත්ද මෙතන මෙහෙම් තරග කරන්න !! කල්ලිවාදයට හොදම තවත් හොඳ උදාහරණයක්'(බ)

:       0       0

ධනුක Sunday, 03 January 2016 09:57 AM

තිලංග සියයට සීයක් හොදයි කියල අපට කියන්න බැහැ එ්ත් නිශාන්ත රණතුංගට වැඩිය දහස් වාරයක් හොදයි, මොකද නිශාන්ත තව අවුරුදු කීපයක් හිටිය නම් ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැති වෙනවා, ඒ ගැන ශ්‍රී ලංකාවාසී හැම දෙනාම දන්නවා, කරන්න පුළුවන් හැම වංචාවක්ම ඒ වගේම හැම අසාධාරනයක්ම කරලා දෙවියන්ටවත් බැහැ මාව මේ පුටුවෙන් හොල්ලන්න කියලයි හිතාගෙනයි හිටියේ ,,, මලයාගේ වැරදි දැක දැකත් නොදැක්ක වගේ හිටපු අර්ජුනට මේක හොද පාඩමක් ක්‍රිකට් කියන්නේ රණතුංග පවුලේ බුදලයක් නොවන වග දැන්වත් සිතා ගත යුතුයි (බ)

:       0       0

අබරන් Sunday, 03 January 2016 10:02 AM

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න සහ ලෝකයේ පළමු තැනට ඒම සඳහා කටයුතු කිරීමට දිරිය ලැබේවා !!!! (බ)

:       0       0

පැට්‍රික් Sunday, 03 January 2016 10:30 AM

ක්‍රිකට් ආයතනය සහෝදර සමාගමකට ඉඩ නැති බව අර්ජුනට පේනවා නේද (බ)

:       0       0

උපුල් Sunday, 03 January 2016 10:41 AM

මේ දෙන්නම එකම බෝට්ටුවේ තමයි .එ්ත් තිලංග අාපු එක, ටිකක් හොදයි නිශාන්තට වඩා (බ)

:       0       0

අනුර Sunday, 03 January 2016 10:58 AM

ලොකු දෙයක් .රණතුංග කල්ලියට මේකට රිංගන්න බැරි වෙච්ච එක (බ)

:       0       0

සාගර Sunday, 03 January 2016 11:22 AM

දැන්වත් ලංකාවේ ක්‍රිකට් දියුණු වෙයිද?(හේ)

:       0       0

සුසන්ත Sunday, 03 January 2016 11:42 AM

ලංකාවේ ක්‍රිකට් වලට ආදරේට නම් කොහොමත් මේ අය මේ නිලතල වලට පත් වෙන්නේ නෑ.(හේ)

:       0       0

සෑම්සන් Sunday, 03 January 2016 11:37 AM

බලාගෙන ඉමු මොකක්ද ඊළඟ කොටස කියලා.(හේ)

:       0       0

සනත් Sunday, 03 January 2016 12:30 PM

මෙන්න යහපාලනය. ජය - පරාජය සියලු දෙනාම නිහතමානීව විඳ දරා ගත යුතුය. (බ)

:       0       0

සුදෙල්මි Sunday, 03 January 2016 12:40 PM

තිලංග ඔබට සුබ පැතුම් රටේ නම ලෝකයට ගෙනියන මේ ක්‍රීඩාව නැවත නගා සිටවන්න ඔබ සහ ඔබේ කණ්ඩායමට හැකියාව ලැබේවා (බ)

:       0       0

නබීල් Sunday, 03 January 2016 01:31 PM

හොර රංචුව පන්නපු එක නියමයි. (බ)

:       0       0

මහින්ද Sunday, 03 January 2016 02:54 PM

යහපාලනයේ තරම අර්ජුනට දැන් තේරෙනවා ඇති. ලංකාවේ කොයි දේ වෙන්නෙත් ඇත යටින් තමයි. (කෞ)

:       0       0

දහම් Sunday, 03 January 2016 03:12 PM

අයියෝ ක්‍රිකට් ඉවරයි.(හේ)

:       0       0

සුමිත්‍රා Sunday, 03 January 2016 03:08 PM

අපේ උණුසුම් සුබ පැතුම්.(හේ)

:       0       0

සජිත් Sunday, 03 January 2016 03:08 PM

අර්ජුන දිනුවානම් ඔය එක ගැටළුවක් වත් නැහැ. ඇත්ත නම් පරාජය දරාගන්න අමාරුකම. (බ)

:       0       0

ජගත් Sunday, 03 January 2016 05:18 PM

ක්‍රිකට් ක්‍රීඩාව රණතුංගකරණය වීම වැළකුණු එක නම් අගය කරමි. නමුත් තිලංග මළ මේකටම ඉල්ලන්නේ ඇයි දන්න කාලෙක සිට..? හොඳට මුදල් විසිකරලා තිබෙනවා වගේ. අයි.සී.සී.එක දන්නේම නැද්ද මෙයා තුරඟ තරඟ සුදු ව්‍යාපාරයට කොනකින් හරි ගැවිලා ඉන්නවා කියා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 671 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 916 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1374 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2524 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3322 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35054 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site