IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


කී‍්‍රඩකයන්ට කොන්ත‍්‍රාත්තු පිරිනැමේදී දස්කම් විමසා බැලීමේ ක‍්‍රමයක් එයි

කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට වාර්ෂික කොන්ත‍්‍රාත්තු පිරිනැමීමේදී කී‍්‍රඩකයන්ගේ දස්කම් සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මෙන්ම කැපවීම පිළිබඳවද තක්සේරු කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. මෙවන් තීරණයක් ගැනීමට ආසන්නතම හේතුවක් වී ඇත්තේ දැනට 100 ක් පමණ වන කොන්ත‍්‍රාත් කී‍්‍රඩකයන් 70 ක් දක්වා අඩු කිරීම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවශ්‍යතාවක් වීම බවද තතු දන්නෝ කියති. මෙතෙක් කලක් කොන්ත‍්‍රාත් පදනම මත කී‍්‍රඩකයන් බඳවා ගැනීමේදී ප‍්‍රධාන නිර්ණායකය වූයේ ජාතික තේරීම් කමිටුව විසින් ඒ ඒ කී‍්‍රඩකයන්ට දෙනු ලබන රෙකමදාරුවයි. එහෙත් පසුගිය දිනවල ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මුහුණ දුන් ඇතැම් ප‍්‍රශ්න වලින් හෙළිදරව් වූයේ කී‍්‍රඩකයන් වැඩි වශයෙන් උනන්දු වන්නේ තමන්ගේ කොන්ත‍්‍රාත්තුව ලබාගැනීමට මිස අත්සන් කළ කොන්ත‍්‍රාත්තුවට අනුව කී‍්‍රඩා කිරීමට නොවන බවයි. ඒ අනුව සෑම කී‍්‍රඩකයකුම දේශීය තරගාවලියේදී මේ වසරේ දක්වන දස්කම් ලබන වසරේදී කොන්ත‍්‍රාත්තුවට ඇතුළත් වීම සඳහා තීරණාත්මක සාධකයක් වනු ඇත. ලසිත් මාලිංග පසුගිය වසර සඳහා වූ කොන්ත‍්‍රාත්තුව අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ අතර ඊට හේතුව ලෙසින් ඔහු සඳහන් කර තිබුණේ එවන් මුදලක් සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමකට බැඳීමට තමන් සූදානම් නැති බවයි. ටෙස්ට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීම හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ‘ඒ’ ශ්‍රේණියේ කී‍්‍රඩකයකුට හිමි කොන්ත‍්‍රාත් මුදලින් 40% ක මුදලක් ලසිත් මාලිංගට හිමි වේ. ටෙස්ට් තරගද කී‍්‍රඩා කරන්නේ නම් ‘ඒ’ ශ්‍රේණියේ කී‍්‍රඩකයකුට හිමි සම්පූර්ණ කොන්ත‍්‍රාත් මුදල ඔහුට ලබාගත හැකිය. ජාතික කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් ඇතුළත් මධ්‍යම කොන්ත‍්‍රාත් ගිවිසුමට කී‍්‍රඩකයන් 35 ක් පමණ තෝරා ගැනීමටත්, ශී‍්‍ර ලංකා ‘ඒ’ සහ වෙනත් අංශ සඳහා කී‍්‍රඩකයන් 35 ක් පමණ තෝරා ගැනීමටත් මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ. ඉදිරියේදී එක දිගට පැවැත්වෙන කි‍්‍රකට් තරග වැලක් සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන අතර ඒ සඳහා කී‍්‍රඩකයන් මනා ශාරීරික යෝග්‍යතාවකින් පසුවිය යුතු බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීහු කියති. විස්සයි/20 තරග 2 කට, එක්දින තරග 5 කට සහ ටෙස්ට් තරග 3 කට සහභාගි වීම සඳහා පාකිස්තානු පිල මේ මස 29 වැනිදා දිවයිනට පැමිණෙන අතර පාකිස්තානු සංචාරයෙන් අනතුරුව ඉන්දීය පිලේ ශී‍්‍ර ලංකා සංචාරය ආරම්භ වෙයි. තවමත් ස්ථිර වී නැති නමුත් ඉන්දීය පිලේ ශී‍්‍ර ලංකා සංචාරය, එක්දින තරග 5 කින් සහ විස්සයි/20 තරග දෙකකින් සමන්විතය. දෙවතාවක්ම කල්දමන ලද ශී‍්‍ර ලංකා විස්සයි/20 තරගාවලිය අගෝස්තු මාසයේදී පැවැත්වීමට දැනට සැලසුම් කෙරීගෙන යන අතර එය අවසන් වූ වහාම, විස්සයි/20 ලෝක කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙයි.



අදහස් (0)

කී‍්‍රඩකයන්ට කොන්ත‍්‍රාත්තු පිරිනැමේදී දස්කම් විමසා බැලීමේ ක‍්‍රමයක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 365 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 688 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 225 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 122 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1360 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2339 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 116 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site