
ප්‍රවීණ බොලිවුඩ් නළු නානා පාටේකර් දිවි ගමන අවසන් කළේය. ඉන්දියාවේ ගෝවා හි සිය නිවසේදී හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නානා පටේකාර් අභාවප්‍රාප්ත වුණු බව ඉන්දීය මාධ්‍ය පවසයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 කි.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නානා පටේකාර් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටියේය. ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන තුනක හිමිකරුවෙකු වන නානා පාටේකර්, ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය වූ සිනමා නිර්මාණ රැසකට දායක වී ඇත. ඔහු බොලිවුඩය ජයගත්තේ 1978 වසරේ 'ගමාන්' චිත්‍රපටයෙනි.
රංගනයට අමතරව ඔහු චිත්‍රපට කිහිපයක් සඳහා පසුබිම් ගායනයෙන් ද දායක වී ඇති අතර, ඔහුගේ වියෝව ඉන්දියානු සිනමාවට දැරිය නොහැකි පාඩුවක් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd