ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින්, විරෝධතාවකට එක් වුණු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්විය.

දින 2 ක් ඇතුළත රාහුල් පොලිස් අත්අඩංගුවට පත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. මැතිවරණ කොමසාරිස්වරයා සිය ධුරයෙන් ඉවත් විය යුතුයැයි මේ වනවිට ඉන්දියාව පුරා විරෝධතා පැනැත්වෙයි. ඒ, ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙනි.

රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔහු නවදිල්ලියේ ජන්තාර් මන්තර් විරෝධතා භූමිය දෙසට පාගමනින් යද්දීය. විපක්ෂ දේශපාලන පක්ෂ රැසක නායකයෝ ද රාහුල් සමග මෙම විරෝධතා පා ගමනට එක් වී සිටියහ.