ජයග්‍රහණය පමණක් හඹා යන ක්‍රීඩාවකින් ක්‍රීඩාවේ නියම අරුත ඉටු නොවන බවත් පාසල් ක්‍රීඩා වැඩසටහන් හි මූලික හරය විය යුත්තේ දුරුවන්ගේ විනය සහ සදාචාරාත්මක ගුණධර්ම සංවර්ධනය කිරීම යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය
ඔහු මේ බව පැවසුයේ කර සිටියේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ පැවැති පිළියන්දල අධ්‍යාපන කළාපයේ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
ලාල් ග්‍රේරු මහතා
‘ළමයෙකුගේ බුද්ධි වර්ධනය වගේම ශාරීරික වර්ධනයත් ඉතාම වැදගත්. ඒ වගේම ශාරීරික වර්ධනය සදහා ක්‍රීඩාව, ව්‍යායාම් වගේම සමබල ආහාර වේලක් ද වැදගත් බව නිතරම සිහි තබා ගත යුතුයි.
කෙතරම් ජනප්‍රිය ක්‍රීඩකයෙකු වුවත් ආචාරශීලීත්වය, මානුෂික ගුණධර්ම, සමාජ ගුණධර්ම ඔහු තුළ නොමැති නම් ඒ ජනප්‍රිය බවින් වැඩක් වෙන්නේ නැහැ.ඒ නිසා පාසල් ක්‍රීඩා උපදේශකයින් ගෙන් අපි බලපොරොත්තු වෙනවා ඒ යහපත් ඉලක්ක සදහා දරුවන් පුහුණු කරවිය කියලා.
ඒ වගේම දරුවනුත් තම පාසල් කාලයෙන් පසුවත් තමා තුළ පවතින දක්ෂතාවන් තම නිරෝගී යහ පැවැත්ම වෙනුවෙන් පවත්වාගෙන යන්නත් , සුවිශේෂී දක්ෂතා සහිත දරුවන් රටේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැප වෙන්නත් අධිෂ්ඨාන කර ගත යුතුයැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට සුභ දායක අනාගත යහපත් පාසැල් දරු පිරිසක් බිහිකිරීමට කැපවීමෙන් කටයුතු කරන නියේජ්‍ය අධ්‍යාපන ඇමති තුමනි ඔබට මගේ ස්තුතිය.(නදී)
ඔබගේ අදහස ඉතා පැහැදිලියි. නමුත් අද පාසල් වල දරුවන්ගේ දක්ෂතා ජාතික තලයට ගෙන ඒමට ගුරුවරුන් උත්සාහ නොකිරීම කණගාටුදායකය. විහාගයම ඉලක්ක කර ගත් මෙම අධ්‍යාපන රටාව වෙනස් කිරීමට ඔබ වැන්නන්ගේ අවධානය වැඩි වැඩියෙන් යොමු විය යුතුය.පාසල් ක්‍රීඩා තරග වලදී ඇති වෙන අවාසනාවන්ත ගැටුම් නිසා දරුවන් ඒ සදහා යොමු කරන්නට දෙමාපියන් මැලි වේ. එම නිසා එවැනි ගැටුම් වලදී රටේ නීතිය යටතේ වත් දඩුවමක් දෙන්න. දෙමාපියන් හා ගුරුවරුන් අඩුම තරමේ එවිට වත් එවැනි අවාසනාවන්ත දේ වලට ඉඩ නොතබනු ඇත.ඔබ කියන ඇත්ත ගුරුවරුනට දෙමාපියනට, දරුවනට, නොපෙනීම අවාසනාවකි. (නදී)
පුවතට ඉතා ස්තුති වෙමි. ග්‍රේරෝ යනු මම ඉතා ගරු කරන චරිතයක්. එත් දිල්රුක්ෂි ගෙරෝ මෙතුමාගේ චරිතය ඔප් නැංවීමට වඩා පුවතක් ලෙස ඉදිරිපත් කරනවා නම් වඩා හොදයි. (නදී)
ජයවීර, ඇයි මේක පුවතක් නෙමෙයි ද?මේ සම්මාන ලබන දරුවන්ට මෙම පුවත අන්තර්ජාලය තුළින් හෝ දකින විට කෙතරම් අභිමානයක් සිතට ඒවිද? ඔවුන් සැබැ දක්ෂයින්, ඒ වෙනුවෙන් සම්මාන ලබා තිබෙන්නේ සැබෑ මිනිසෙක් අතින්.දරුවනි ඔබට ජය.. (ස)
අනේ, අපිට ඔයා ඒ කාලේ අමතර පන්ති වලදි ඕවා කිව්වේ නැහැනේ (නි)
විජේතිලක, මම ඔබේ අදහසට ගරු කරමි. නමුත් ඔබ කවදාවත් ඔහුගේ පන්තියකට සහබාගි වී නැති බව සිතමි. ඔහුගේ පන්තිවලට පැමිණි දහස් ගණන් සිසුන් අතරින් අදහස් දමන අයගේ ඒවා කියව බලන්න. (අ)
පාසැල්වල කිඩා ගරුවරු බහුතරයක් වැඩ කරන්නේ නැහැ වැඩ කරන දක්ෂ කිඩා ගරු වරු නැ අගය කරන්න අධ්‍යාපන අමාශාංයතල කිසිම වැඩ පිළිවෙළක් නැහැ (අ)
ක්‍රීඩා වලින් දිනපු අය මොනවා හිතනවද දන්නේ නැහැ, ජයග්‍රහණය පමණක් හඹා යන ක්‍රීඩාවකින් වැඩක් නැහැ කියා කියූවිට. (නි)
මේ රටේ පාසල් යන ලමුන් ගෙන් කී දෙනෙකුටද සමබල අහර වේලක් ලැබෙන්නේ? (නදී)
ගොඩක් හොදයි සර්. ක්‍රීඩාවටත් හොද දෙයක් වෙයි. ඔබට ජය වේවා! ඔබට දීර්ඝායුෂ පතමි. (නි)
ඔව් අද පාසල් ක්‍රීඩකයන් කරන ඇතැම් වැඩ අනුමත කරන්න බැහැ.කොහොම වුනත් අධ්‍යාපනය හරි විදිහට ලැබෙනවා නම් දරුවන් එවායින් වලකා ගන්න පුලුවන්. සමස්ත අධ්‍යාපන පද්ධතියම අලුත් කරන්න කාලය හරි වගේ.කොන්ද කෙලින් තබාගෙන එය කරන්න පමා වෙන්න එපා.කකුලෙන් අදීවි.ඒත් නොසැලී ගොස් මෙම ක්‍රමය වෙනස් කරන්න.ඒ රටේ අනාගතය යහපත් වෙන්න ඕන නිසා.එයට ශක්තිය දිරිය ලැබේවා... (ස)
ඔබ තුමාගේ කීම හරියට හරි ක්‍රීඩාවෙන් වගේම අධ්‍යාපනයෙන් උගත් කමින් රටට බිහි වෙන්න වුමනා විනය ගරුක මනුෂ්‍ය ගුණ දම් රකින පුරුෂයෙක්. එසේ නැතුව නාම මාත්‍රයෙන් පමණක් සිටින කෙනෙකු නොවේ. (ස)