IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුරුණෑගල පාසලට නව විදුහල්පති එපාලු

ෆේස්බුක් පින්තූරයක් සම්බන්ධයෙන් විදුහල්පතිගේ තරවටුවකින් පසු සිසුවියක දිවි නසා ගත් බව කියන කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයයට අඟහරුවාදා (25) නව විදුහල්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද පෙරවරුවේ දෙමාපියෝ පිරිසක් උද්ඝෝෂණයක් සහ උපවාසයක් ආරම්භ කර ටික වේලාවකින් නතර කළහ.

සුළු මොහොතකට පසු එම ස්ථානයට ආ පළාත් අධ්‍යාපන බලධරයෝ දෙමාපියන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ.

හිටපු විදුහල්පති සම්බන්ධ විමර්ශන අවසන්වන තුරු නව විදුහල්පතිවරයකු පත් නොකරන බවට පළාත් අධ්‍යාපන බලධරයන් ලබා දුන් පොරොන්දුව මත උද්ඝෝෂණය සහ උපවාසය නතර කළේය.

 

 



අදහස් (0)

කුරුණෑගල පාසලට නව විදුහල්පති එපාලු

ඇසල​ Wednesday, 26 February 2014 10:07 PM

වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විදුහල්පති වරයා මෙන්ම කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියද වග කිව යුතු බව සිදු කරන ලද පරීක්‍ෂණ වලදී හෙලිවී තිබේ. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරිය ක්‍රියා කොට තිබෙන්නේ උපදේශිකාවකට මෙන්ම ගුරුවරියකටද නොගැලපෙන අයුරිනි. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ පාසල් උපදේශකවරියට උපදේශනය පිළිබඳව වෘත්තීය සුදුසුකම් තිබී නැති බව ළමාරක්‍ෂක අධිකාරිය විසින් කරන ලද විමර්ශනයකදී සොයාගෙන තිබේ. මෙම ගුරුවරිය පාසලේ මනෝ උපදේශනයේ යෙදී තිබෙන්නේ ඩී. එස් රණවක නැමැති පුද්ගලයා විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය නමින් හැඳින්වෙන ව්‍යාජ ආයතනයෙන් ලබාගත් සහතික ඉදිරිපත් කිරීමෙනි. ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකිත්සන උපදේශක ජාතික ආයතනය යනු අධ්‍යාපනික ආයතනයක් නොව දිලිඳු සහන දෙපාර්තමෙන්තුව යටතේ ලියාපදිංචි කරන ලද පුන්‍ය ආයතනයකි. එහි අධ්‍යක්‍ෂකවරයා වන ඩී එස් රණවක ශාස්ත්‍රීය ලෝකයේ කූට සක්විති යන කුප්‍රකට නාමයෙන් හැඳින්වෙන අතර ඩී .එස් රණවකට ලෝකයේ පිළිගත් කිසිම විශ්ව විද්‍යාලයකින් මනෝවිද්‍යාව හෝ උපදේශනය පිළිබඳව උපාධියක් නොමැති නමුත් වංචනික ලෙස FICP , MICP යන ව්‍යාජ උපාධි තමන්ගේම පුණ්‍ය ආයතනයෙන් තමන්ටම ලියවාගෙන සිටින බොරුකාරයෙකු වේ. මෙවැනි ව්‍යාජ සහතිකකරුවන් විසින් පාසල් දරුවන් ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම නැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දැන්වත් මොලය පෑදිය යුතුය​. (දී)

:       0       0

පද්මිණි Wednesday, 26 February 2014 10:42 PM

අනේ මෙහෙම රටක්. කොන්තරාතුවක් පියවනවා වගේ. නිතිය කරන්ට ඉඩ දෙන්න. (දී)

:       0       0

රමේස් Wednesday, 26 February 2014 11:13 PM

කවුරු මොනවා කිවුවත් විදුහල්පති හැදුවේ නොමඟ ගිය දරුවෙක් හොඳ මඟට ගන්න, එක තේරුම් ගන්න බැරී මිනිස්සු තමා විදුහල්පතිට විරුද්ධව වැඩ කරන්නේ, මොනවා වුණත් විදුහල්පතිට හරිම අසාධාරණයක් වුණේ,(අ)

:       0       0

රංජිත් Thursday, 27 February 2014 06:07 AM

ඇසල ඔබේ අදහසට මමත් එකඟයි. කෙලින් තීරණයක් ගන්න බැරි අයත් එක්ක මොන අධ්‍යාපනයක්ද? (නදී)

:       0       0

රසිත කුමාරජීව Thursday, 27 February 2014 09:06 AM

ඉස්සර නම් ඉස්කොලෙනුත් ගුටි කාල ගෙදරිනුත් ගුටි කනවා. අපි හැදුනේ එහෙම තමා. (නදී)

:       0       0

සුගන්දි Sunday, 02 March 2014 09:47 AM

ලංකාවේ පාසල් වල උපදේශනය කෙරෙන් නැහැ කියන එකේ දී විදුහල් පති කියනවා මේ ඉස්කෝලේ හොදින් උපදේශනය තියනවා කියලා. මැරුන ළමයත් ඔය උප දේශන මිස් ගැන අවසාන ලියුමේ ලියල තියනවා. එහෙනම් ඒ මිස් කව්ද. එයා මේ පාසැලේ මොනවද කරන්නේ. එයාට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මොන වගේ පුහුණුවක්ද දීල තියෙන්නේ. උපදේෂනයට අමාත්‍යංශය කොයි වගේද පහසුකම් සපයන්නේ. පාසැල් වලට මොන වගේද උදව් කරන්නේ. මේ මිස් කව්ද. ඇත්තටම එයාගෙන් මේ ළමයට සේවයක් ලැබිලද? සොයා බලන්න. මොකද ඒ ළමය කියල තිබුන ඒ මිස් එයාට හරි ආදරෙයි කියලා. එයාගේ ප්‍රශ්න ඔක්කොම ඒ මිස් එක්ක කිවම මිස් එයාගේ හිත හැදුවා කියලා. එහෙම නම් ඒ මිස් ගොඩක් දේ මේ ළමය ගැන දන්නවා ඇති.(නදී)

:       0       0

ජනස්ක Wednesday, 26 February 2014 10:46 AM

දැන් ඉතින් එපා කිව්වට අර මැරුණු දරුවට පන එන්නේ නැහැනේ (දී)

:       0       0

අමරකෝන් Wednesday, 26 February 2014 10:46 AM

විදුහල්පතිට අධ්‍යාපන මනෝ විද්‍යාව සම්බන්දව අමතර පුහුණුවක් ලබා දී යලි තනතුර ලබා දෙමුද.(දී)

:       0       0

නිමල් Wednesday, 26 February 2014 11:15 AM

ෆේස්බූක් අර බූක් මේ බූක් දදා ඉන්න (දී)

:       0       0

ජයතිලක Wednesday, 26 February 2014 11:18 AM

ඒ කියන්නේ ඒ විදුහල්පතිම නැවත පත් කරනවා ?(දී)

:       0       0

බුද්ධි Thursday, 27 February 2014 10:57 AM

දිවි නසා ගත් ළමයා ගේත් අඩුපාඩුකම් රැසක් තියනවා. නමුත් මෙතනදී ඒවා කිසිම දෙයක් ඉස්මතු වෙලා නැහැ. මෙහෙම ගියොත් පාසල් වල ගුරුවරු විනය සහ ගුණධර්ම කියා දෙන එක පැත්තකට දාල පාඩම් විතරක් කියල දෙවි. (අ)

:       0       0

ජයතිලක Thursday, 27 February 2014 11:22 AM

ඔබ අප නොදන්නා බොහෝ කරුණු කාරණා මේ පලහිලව්වෙ ඇත.ඒ නිසා කිසිවකුත් සුද්ද නොකරන්න. (අ)

:       0       0

ලියනවිල Wednesday, 26 February 2014 11:31 AM

ඉතාමත් අගෙයි (අ)

:       0       0

බානු Wednesday, 26 February 2014 01:14 PM

මේ උද්ඝෝෂණ වලින් පාඩු සිදු වන්නේ පාසලේ දරුවන්ට නේද?(දිල්)

:       0       0

සමන්ති Wednesday, 26 February 2014 09:10 PM

අනේ මෙහෙම මෝඩ දෙමව්පියෝ .විදුහලට විදුහල්පති කෙනෙක් නැතිවීම පාඩුවක් කියල හිතන්න බැරි . නීතිය ක්‍රියාත්මකවිය යුතුයි . මීට ඉස්සර නිසිපරිදි ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරියා ක්‍රියාත්මක නොවීම පිලිබඳ පරීක්ෂණයක් කල යුතුයි .(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 335 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5368 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 917 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4356 2

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3898 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2510 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16923 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site