ගලවා ඉවත් කර තිබෙන කුරුණෑගල රණවිරු ස්මාරකය ඉතා ඉක්මනින් ඉදිකර දෙන ලෙස රජයට බල කරමින් කුරුණෑගල දිස්ත්‍රික් රණවිරු පවුල්වල සාමාජිකයෝ අද(5) සත්‍යග්‍රහයක නිරත වූහ.
කුරුණෑගල බෞද්ධාලෝක පරිවේණාධිපති ගල්නෑවේ ධම්මරතන හිමියෝ ඇතුළු භික්ෂුන් පිරිසක් එම ස්ථානයට වැඩම කොට සෙත් පිරිත් සජ්ඣායනය කර අනුශාසනාවක් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙම ලංකාවක්, මිනිසුනි ලැබේද මින් සැනසීමක් (බ)
පොඩ්ඩක් ඉවසන්න. ගැළෙව්වේ පේන්න හොඳ නැති නිසානේ සංහිදියාව තියනකොට. පස්සේ හදලා දෙනවා කිවුවනේ ඉතින් (නි)
සක්‍ර දෙවිඳුන් හිටියා නම් මේවට කඩුපුල් ආසනයවත් උණුවෙනවා (නි)
ඊයේ කුරුණෑගල රැස්වීමේදී පැහැදිලිව කිව්වනේ ඕක මීටවැඩ හොඳ තැනක ලස්සනට සවිකරනවා කියා. අනික පාර පළල් කිරීමක් හා කාපට් කිරීමක් සිද්ධවෙන බවකුත් පේනවනේ. මේක ඔය කියපු විදියට තව ටික දවසකින් සවිකළේ නැත්නම් සත්‍යග්‍රහයක් කරන එක සාධාරනයි. (නි)
ගයාන්, දැනටම දිනලා ඉවරයි - දින්නේ 2015. කවුද කියල මම කියන්න ඕන නැහැනේ. (බ)
දැන් ඔය රණවිරුවන්ට සත්යග්රහ තියන්නේ මොකටද, අර පිටිපස්සේ තියන වකුගඩු අරමුදලට ආධාර පිණිස ගහල තියන කටවුට් එකේ කියල තියන හැටියට උණුසුම් සුබ පැතුම් එකතු කරන්න ඔය ස්මාරකේ කඩලා ඉවර කළාට! (බ)
දැන් ඔය රණවිරුවෝය කියන අයගේ කාලේ ඉවරයි, දැන් තියෙන්නේ අහිංසක කොටි ත්රස්තවාදීන්ට .. ආ වැරදුන වැරදුනා, අහිංසක කොටි සහජිවනවාදින්ට දේශපාලන සිරකරුවන්ට වන්දි දෙන කාලේ, ඔය කෙහෙම්මල් රණවිරුවෝය කියන හමුදාවේ ගොබිලෝ හිරේ දමල දඩ ගහන කාලේ. ඉතින් ඔය ඉලවු ස්මාරක ගලවල කඩලා සුනු විසිනු කරලා දාන එක අහන්නත් දෙයක්ද? (බ)
ඔය කෙහෙම්මල් රණවිරු ස්මාරක තියාගෙන කොහොමද සංහිදියා ආණ්ඩුවේ සිරිසේන ජනාධිපතිගේ පක්ෂ සමුළුව තියන්නේ කුරුණෑගල? වැඩිම මනාපෙන් පත්කළ ජනතාවට මොනවා හිතේද සමුළුවට ආවාම? (බ)
ආදරණීය දෙමාපියනි මුළු ලංකාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ ඔබලාගේ අගනා දරුවන්ගේ අභීත ක්‍රියාව අපගේ හදවත්වල රන් අකුරින් ලියැවී තියෙනවා. (බ)
මෙහෙම යනකොට අපේ මිනිස්සු අපි වෙනුවෙන් දිවි පිදු අසරණ සොල්දාදුවන්වත් අමතක කරාවි. (බ)
දැන් ඉතින් අපේ හැමදෙනාටම ඉන්න වෙන්නේ පාරේ තමයි ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න විසදන්නේ නැතිව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට බැන බැන ඉන්නවා , අවුරුදු 2ක් ගිහිනුත් තාම කෙකර ගානවා ,දාපු බිත්තරයක්නම් නැහැ. (බ)
ආබාධිත රණ විරුවන්ගේ සහ දිවි පිදුවන්ගේ පවුල් වල සුභ සාධනය හොඳින් සිදු කරන්න කියලා සත්‍යග්‍රහයක් කළා නම් එලොවටත් මෙලොවටත් දෙකටම ප්‍රයෝජනවත්. (ර)
රට බේරලා දුන්න මදිවට දැන් පාරේ උද්ඝෝෂණ කරනනත් වෙලා (බ)
උතුරේ බුදු පිළිම කඩනවා .දකුණේ රණවිරු ඉස්මාරක ඉවත් කරනවා .අන්තිමට කවුද ජයගන්නේ ? (බ)
මම දන්නා විදියට කුරුණෑගල දිස්ත්‍රික්කය තමයි හමුදාවේ සේවය කර විශාල පිරිසක් ඉන්නේ. මිය ගිය, අාබාධිත සහ දැනට සේවයේ කරන සියලුම වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකරන ලද නොයෙකුත් දේශපාලන අවස්ථාවාදීන් විසින් ඉවත් කළානම් ඉතාමත් කණගාටුවට කාරණාවක් (බ)
පාර හැදුවට පස්සේ මේක හදනවයි කිවුවමත් ඉන්න බැරි හැටි. එක එක්කෙනාට කඩේ යන්න එපා මිනිස්සුනේ (බ)
ඔන්න රට වෙනුවෙන් ජීවිත පුජාකළ අපේ ජාතික වීරවරුන් පුදන ආකාරය අපේ ධර්මද්වීපය ...? අසරණ දරු පැටවුන්ට පියෙක් අහිමිකළ ..බිරිදකට ස්වාමියෙක් අහිමිකළ අසරණ දෙමාපියනට දයාබර පුතෙක් අහිමිකළ කුරිරු යුධයෙන් මේ දේශය අපහට ආරක්ෂා කරදී දිවිපිදු ඒ වීර සොල්දාදුවන් පිදිය යුතුයි (බ)
මොකද වෙන්නේ ? (බ)
මෝඩ මිනිසුන් නොවී ජනපති පොරොන්දුවූ පරිදි මෙය නැවත හදල දෙවි. රටක සංවර්ධනයවන විට පාරවල්වල තියෙන මෙවෙනි දේ වෙනත් තැන්වලට ගෙනයන එක තේරුම් ගන්න බැරි ලංකාවේ ඉන්න මෝඩම මිනිස්සු ඉන්නේ කුරුණෑගල කියල ඔප්පු කරපු එකට බොහොම ස්තුති. (බ)
ප්රතිසංස්කරණයෙන් පසු මේක තිබ්බ විදිහටම හදනවා කිව්වට පස්සෙත්, මේ වගේ දේවල් කරනවා කියන්නේ, මේක පිට්පස්සේ වෙන අරමුණක් සහ පෙළෙඹවීමක් තියනවා කියලයි හිතෙන්නේ, (අ)
කිව්වනේ එක තාවකාලිකව ගලවල තියෙන්නේ කියල. සිංහල තේරෙන්නේ නැද්ද. ඒකාබද්ද විපක්ෂයට පිස්සු. සෑම පිස්සු වැඩක් පස්සෙම ඉන්නේ එයාල තමයි (අ)
රණවිරු ස්මාරකය නැවත තිබුනට වඩා හොදින් හදන බව ජනාධිපති තුමා පැහැදිලි කළා. බංකොලොත් දේශපාලුවෝ දෙන ලනු කන්නේ නැතිව ගෙදරට වෙලා පලක් ඇති වැඩක් කරන්න බලන්න . (අ)