IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කුරුණෑගල රෝහලේ කෝවිඩ් මරණයක්

(පුෂ්පකුමාර ජයරත්න)

දිගු කලකට පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණයක් සිදුව ඇති බව වාර්තාවේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් රෝගියෙකු සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත කරන ලද පීසීආර් පරික්ෂාවකදී එම මරණයට හේතුව කොවිඩ් වෛරසය ආසාදනය වීම බව අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් එම රෝගියා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනයට ලක් කිරීම සිදු යුතු බවද ⁣කොවිඩ් වසංගත තත්ත්වය නොසලකා හැර තිබෙන අවස්ථාවක මෙය නැවත අවධානයට ලක් විය යුතු බරපතළ කරුණක් වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේවනවිට කොවිඩ් වසංගත තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් සලකා මරණයට පත් වන රෝගීන්ගේ මෘත දේහ ආදාහනයකට ලක් නොකර පවුලේ ඥාතීන් වෙත බාර දීම සිදුවන බවද මෙය නැවත කොවිඩි වෛරසය රට තුළ පැතිර යාමට ඇති අවදානම් තත්ත්වයක් බවද පැවසේ.



අදහස් (3)

කුරුණෑගල රෝහලේ කෝවිඩ් මරණයක්

Nimal Silva Saturday, 13 April 2024 01:23 AM

කොවිඩ් කවදාවත් පිටව ගියේ නැත. ගෝලීය වශයෙන්මරණ අනුපාතය 3.4% පමණ වේ. වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්ගේ මරණ අනුපාතය වැඩි ය. ශ්‍රී ලංකාවේ රෝහල්වල COVID ආසාදන තත්ත්වය පරීක්ෂා කරනු ලබන්නේ කලාතුරකිනි, එබැවින් සත්‍ය සංඛ්‍යා දන්නේ නැත. මෙම අවස්ථා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ හෘදයාබාධයක් ලෙස වාර්තා වන නමුත් සැබෑ හේතුව කොවිඩ් ය. Ignorance is bliss.

:       0       5

S P Solomons Saturday, 13 April 2024 06:39 AM

මෘත දේහය ආදාහනය කිරීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. මෙය හුදෙක් සෙසු ප්‍රජාවගේ ආරක්ෂාව උදෙසා සිදු කල යුතුය.

:       5       0

K.S.S.Peiris Saturday, 13 April 2024 03:22 PM

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරඇති අළුත්ම වාර්තා මත පදනම් ව කටයුතු කිරීමේ දී කොවිඩ් යනු ඉන්ෆ්ලුවැන්සා උන තත්වයක් ලෙස සලකා කටයුතු කල හැක. එහිදී නීරෝධායනය කිරීම අවශ්‍ය නොවන අතර ජනතාව බහුල ස්ථාන වල හෝ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය හා එවැනි අය සමග කටයුතු කරන විට මාස්ක් පැලදීම නිතර දෑත් සබන් දමා සේදීමත් කොවිඩ් වසංගත සමයේ කටයුතු කලා වගේ තම තමන් ආරක්ෂා වීමත් රෝග ලක්ෂණ සදහා ප්‍රතිකාර ගැනීමත් ප්‍රමාණවත් වේ. මියගිය විටදී භූමදානය හෝ අදාහනය කල හැක.වෛරසය සදහා ප්‍රතිදේහ ඇග තුල ඇති බැවින් වරින් වර ඇතුළු වන වෛරස වලට විරුද්ධව ක්‍රියාත්මක වනවා වගේස නව ප්‍රතිදේහ සෑදෙන බැවින් බොහෝ දෙනෙකු ආරක්ෂා වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 9 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 357 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 215 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 342 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1059 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2848 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site