IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කරුණාත් විගීගේ බෝට්ටුවට නගියි?

උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් පිහිටුවා ගෙන ඇති දෙමළ ජානතා මණ්ඩලයට හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි කියයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට දෙමළ ජාතික සන්ධානයෙන් විසඳුම් නැතැයි කියමින් දෙමළ ජනතා මණ්ඩලය නමින් නව පෙරමුණ බිහි කර ගැණිනි.

දෙමළ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කරුණා කියා තිබුණේ තමා එම පෙරමුණ ගැන අධ්‍යයනය කරමින් සිටින බවයි.

කොටි සංවිධානයේ නායකයකුව සිටි කරුණා අම්මාන් යුද්ධය අවසන් කාලයේ ප්‍රභාකරන් සමග ගැටුමක් ඇතිකරගමින් ඉන් ඉවත් විය.

2010 මහ මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද පත් කර තිබිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසු ඇතිවූ පක්ෂ ප්‍රතිසංස්කරණවල දී ඔහුට තනතුරු නොලැබිණි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊපීආර්එල්එෆ්, ටෙලෝ පක්ෂ ද, කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ද, ආනන්ද සංගරීගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ද ඇතුළු පක්ෂ කිහිපයක් සමඟ ද නව සන්ධානයකට සාකච්ඡා කරන බව දැනගන්නට තිබේ.

 



අදහස් (0)

කරුණාත් විගීගේ බෝට්ටුවට නගියි?

ප්‍රදීප් Wednesday, 23 December 2015 10:14 AM

මොකටද මන්දා එන්න හදන්නේ මේ එකතුව? (නි)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 23 December 2015 10:37 AM

ත්‍රස්තවාදයෙන් තොරව , දේශපාලනයෙන් සාමයෙන් , ඕනෙම මතයක් ඉල්ලුවට දැරුවට කමක් නැහැ , කොහොම උනත් පසුගිය වාර්ගික යුද්ධය නිම කිරීමට කරුණා ලොකු උදව්වක් කරා. (ස)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 11:40 AM

අපේ අය කා-කොටා ගත්තාට ඒ අය වෙලාවට එකතු වෙනවා. (නි)

:       0       0

දුමින්ද Wednesday, 23 December 2015 07:08 AM

බලය බෙදීමට පිවිසුමක් (කෞ)

:       0       0

නිමල්ලලිත Wednesday, 23 December 2015 07:24 AM

දුක් වීමට හෝ පුදුම වීමට කරුණක් නොවේ. මෙගොල්ලගෙන් සියයට අනුනමයක්ම යන්නේ කෙසේ හෝ ඊලම ලබා ගැනීමට. අපේ බල කෑදර දෙසපාලකයන් මේගැන වටහා නොගැනීම ලොකුම අවාසනාව. (ස)

:       0       0

දරුසෙන් Wednesday, 23 December 2015 07:26 AM

මහින්ද ත් ඕකට එකතු වෙයි වගේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1116 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1151 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 191 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2038 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32283 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site