IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


කො​රෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම


 

බස්නාහිර පළාතේ පාසල්වලින් කොටසක් ලබන මස 15 වැනිද‌ා සිට විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් ද‌ා වාර්තා කළේය. බස්නාහිර පළාතේ හුදකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඊයේ විවෘත කෙරිණි.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ දුම්රිය ඊයේ සිට සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යධිකාරී  ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සියලුම දුම්රිය මාර්ගවල දෛනිකව ධාවනය කරනු ලැබූ සියලුම දුම්රිය සේවා පෙර පරිදි සාමාන්‍ය ආකාරයට ධාවනය කිරීමට නියමිතය.

‘‘වෙච්ච දේට වඩා කරගත්ත දේ මදැයි’’ යනුවෙන් කියමනක් අපේ ජන වහරේ එයි. එයින් කියැවෙන්නේ අහඹු සිදුවීමකට සොයන ලද විසඳුමක් අහඹු සිදුවීමෙන් වූ විනාශයට වඩා වැඩි විනාශයක් අත්පත් කරගත් බවකි. අහඹු සිදුවීමෙන් පසුව එය මනා සංයමයකින් යුතුව වග විභාග කර නිවැරැදිම විසඳුම තෝරා එය ක්‍රියාත්මක කිරීමෙන් අහඹු සිදුවීමේ විනාශය අවම කරගත හැකිවනු ඇත.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් රට තිබෙන්නේ ඉතා අනතුරුද‌ායක තැනකය. කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් අටදහසකට අාසන්නය. කොරෝනා මරණ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිවරිය ද කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ කොරෝනා අනතුර දිනෙන් දින තියුණු වෙමින් තිබෙන බවය.

කරුණු කාරණා එපරිදි වුවද මෙම තත්ත්වය හමුවේ ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථිකය කඩා වැටුණහොත් එය කොරෝනා වයිරසයටත් වඩා භයානක තත්ත්වයක් නිර්මාණය කිරීම ඒකාන්තය. රට එක අතකින් චිකාගෝවක් බවට පත්වීමත් අනෙක් අතින් විශාලා මහනුවරක් වීමත් වැළැක්විය නොහැක. එහෙයින් කළ යුතු වන්නේ රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙමින් කොරෝනා මාරාන්තික වයිරසයට මුහුණ දීමය. එය එතරම් අසීරු හා දුෂ්කර අභියෝගයක් ද නොවේ. බුද්ධිය අවශ්‍ය වන්නේ එයටය. රටක අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් වියදම් ලෙස නොසැලකේ. එය සැලකෙන්නේ ආයෝජනයක් ලෙසය. අධ්‍යාපනයේ වටිනාකම ගණන් බලා තිබෙන්නේ එසේය. එහෙයින් කවර දුෂ්කර තත්ත්වයක් තුළ වුවද අතිශයින්ම හිතුවක්කාර කොන්දේසිවලට යටත් වෙමින් වුවද රටේ අධ්‍යාපන අඛණ්ඩව පවත්වාගෙන යා යුතුය. එසේ නොවුණහොත් එහි ආදීනව අනාගත පරම්පරා කීයකට බලපානු ඇද්දැයි ගණනය කළ නොහැකි තරම්ය.

මේ වනවිට බස්නාහිර පළාතෙත් රටේ හුදකලා කෙරුණු ගම්මානවල පිහිටි පාසල් හැර සෙසු පළාත්වල පාසල් විවෘතව තිබේ. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශවල පාසල් පෙබරවාරි 15 වැනිද‌ා වනවිට විවෘත කළ හැකි බවය. අප රටක් වශයෙන් පියවරෙන් පියවර ඉදිරියට ගමන් කළ යුතු වන්නේ එසේය.

නිවෙසේ දී තම දරුවා නිසි පරිදි රැකබලා ගැනීම දෙමාපියන්ගේ වගකීමය. පාසලේ ගේට්ටුවෙන් ඇතුළුවන දරුවා නිසි පරිදි රැකබලා ගැනීම ගුරුවරයාගේ වගකීමය. ගුරුවරයා එය මෙතෙක් ඉටු නොකරණ ලද වගකීමක් ද නොවේ. එහෙත් මෙවර එහි වෙනසක් තිබේ. ඒ මාරාන්තික වයිරසයක් ඉදිරිපිට දරුවා රැක බලා ගැනීමය. දරුවාට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දී අනතුරෙහි බරපතළකම නිවැරැදිව වටහා දී සෞඛ්‍යාරක්ෂිත වටපිටාවකට දරුවා යොමු කිරීමේ හැකියාව ගුරුවරයා සතුව වේ. අවශ්‍යවන්නේ එම හැකියාව උපරිම මට්ටමින් ක්‍රියාත්මක කිරීමය. එය එසේ වුවහොත් ‘‘රණ විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘සුව විරුවා’’ බිහි වූ ආකාරයෙන්ම ‘‘ගුරු විරුවා ද’’ බිහිවනු ඇත.

සියවසකින් පමණ පසුව පැමිණි මාරක වසංගතය හමුවේ පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබෙන්නේ අපගේ හැකියාවය. අපගේ ධාරිතාවය. දුෂ්කර මොහොතක දී අප ක්‍රියාත්මක වන ආකාරය කෙසේද? යන්නය. එහෙයින් එළැඹ ඇත්තේ අතපය හකුලාගෙන උකටලීව පසුවන මොහොත නොව අභියෝගයට අභියෝග කිරීමේ මොහොතය. මෙහිදී අප සාර්ථක වන්නේ නම් මුළු ජීවිත කාලය පුරාවටම අපට වඩාත් ජයග්‍රාහී ලෙස ජීවත් වීමේ හැකියාව අත්වීම නියතය. නිසැකය. ඒකාන්තය.


(***)

 



අදහස් (0)

කො​රෝනා උවදුර අබියස අධ්‍යාපනය අඛණ්ඩව ගෙනයාම

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 79 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 336 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 222 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 597 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 583 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1385 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 381 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1128 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site