(නිමල කොඩිතුවක්කු)
සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ඒකාබද්ධ තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි.
මේ සතිය තුල බස් රථ සේවකයන්ට කොවීඩ් එන්නත ලබාදීමට ලබා දීමට රජය අපොහොසත් වුවහොත් ලබන 17 වැනි දා සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව අඛණ්ඩ වර්ජනයක නිරත වන බවද විජේරත්න මහතා සඳහන් කළේය.
මේ වන විටත් බස් රථ සේවකයන් විශාල පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවද ඔහු කියා සිටියේය.
මගී ජනතාව සමඟ වැඩි වශයෙන් ගනුදෙනු කරන සියලුම බස් රථ, දුම්රිය ඇතුළු ප්‍රවාහන මාධ්‍යන් වල සේවයේ නියුතු පිරිස් සඳහාද කඩිනමින් කොවීඩ් එන්නත ලබාදීමට රජය පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කොරෝනා එන්නත් නොදුන්නොත් බස් දුවන්නේ නෑ‘‘
Raveendra Monday, 10 May 2021 02:11 AM
තමන්ගේ සහෝදර රටවැසියන් වෙනුවෙන් කරන්න පුළුවන් හොදම සේවය....පුළුවන් නම් එකදිගට සතියක් ඔය ඔය දේ කරනන
mp Monday, 10 May 2021 06:28 AM
පොදු බස්වල යන්න මිනිස්සුත් නැහැ. මිනිස්සු කැමතිත් නැහැ. ඒ නිසා ගණන් උස්සන්නේ නැතුව ඉන්න. රටේ බහුතරයකට එන්නත් ලැබිල නැහැ. අපටත් නැහැ.
DeepalMonday, 10 May 2021 09:45 AM
රටේ බහුතරයකට ලැබිල නැතිවුනාට දේශපාලකයන්ගේ හෙන්චයියන්ට පවා ලැබිලා. ජනයා සමග නිතර මුසු වන ප්‍රවාහන සේවකයන්ට එන්නත ලබාදීම අත්‍යවශ්‍යයි.
JanakMonday, 10 May 2021 09:47 AM
පොදු බස්වල යන්න මිනිස්සුත් නැහැ. මිනිස්සු කැමතිත් නැහැ කියන්නෙ රැකියාවට යන මිනිස්සු හැමෝම තමන්ගෙ ප්‍රාඩෝ එකෙන් යනවද?
Sunil Milano Monday, 10 May 2021 06:53 AM
වැඩක් නෑ මෙයාගේ කතා නම්
සනත් ඉතාලිය Monday, 10 May 2021 07:45 AM
කොහොමත් ලබන සතිය වෙනකොට මිනිස්සුම තම තමන්මම ලොක්ඩවුන් වෙනව නොනිල ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙනව මාස දෙකකට වත් උබලට බස් ගෙවල්වල ගාල් කරන්න වෙනව. උබල ඉන්ජෙක්ශන් ගහගෙන මිනිස්සුන්ව පොල් පටෝල වගේ අනාරක්ශිතව ගෙනියන්න
සුධම්ම හිමි කුරුණෑගල Monday, 10 May 2021 11:48 AM
ඊට කලින් ඔබේ ඔය සංගමේ අයට කියන්න මත්පැන් මත්කුඩු පානය නොකර මුහුණු ආවරණ පැළඳ බස් පදවන විට දුම්පානය නොකර මගීන්ට කුණුහරුපයෙන් නොබැන තමන්ගේ රියැදුරු සහ කොන්දොස්තර රස්සාව කරන්න කියලා.
Hafeel Monday, 10 May 2021 03:11 PM
මෙයා නම් විස බීජයක්. එක්කෝ මෙවැනි ආපදාවලදී, නැත්නම් සාමාන්‍ය පෙල හෝ උසස් පෙළ විභාගය පවතිද්දී, තවද අවුරුදු නිවාඩු කාලයේදී මොනවා හරි විස බීජයක් අදිනවමයි.