IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


කුරුඳුමලේ විහාරස්ථානයේ උණුසුම් තත්වයක්

( රොමේෂ් මධුෂංක)

මුලතිව් ඓතිහාසික කුරුදුමලේරජමහා විහාරස්ථානයේ අද (18) පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන්  විහාරයේ දායකයින් සමඟ උණුසුම් තත්ත්යක් ඇතිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිස මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මුලතිව්  විහාර භූමියේ පොන්ගල් පූජාවක් පැවත්වීමට පැමිණ ඇත.

එය නීති විරෝධී බව පවසමින් ඒහි දායකයෝ එයට විරෝධය පෑ අතර එහිදී දෙපාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරු වෙමින් උණුසුම් තත්වයක් හට ගත්හ.

අනතුරුව එම ස්ථානයට පැමිණ විහාරයේ විහාරාධිපති ගල්ගමුවේ ශන්තබෝධි හිමියන් විසින් අධිකරණ නියෝගය හේතුවෙන් පොන්ගල් පූජාව පැවත්වීමට අවස්ථාව ලබාදෙන නමුත් ඉදිරියේදී මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා නොකරන ලෙසටද මන්ත්‍රීවරයා ඇතුලු පිරිසට දැනුම් දුන් අතර එම අවස්ථාවේදී විහාරාධිපති හිමියන්ට බැන වදිමින් එම පිරිස උණුසුම්කාරීව හැසිරුණහ.

අනතුරුව එම ස්ථානයට පැමිණි මුලතිව් පොලීසිය විසින් තත්වය පාලනය කර පුරා විද්‍යා නිලධාරීන්ද කැඳවා පොංගල් පූජාව පැවත්වීමට සුදුසු ස්ථානයක් පිලිසකර කර දීමට කටයුතු කෙරිණි.

 



අදහස් (10)

කුරුඳුමලේ විහාරස්ථානයේ උණුසුම් තත්වයක්

සුපුන් Friday, 18 August 2023 02:04 PM

ලොක්කා කොහොමත් දෙමළ මිනිස්සු තරහ කරගන්නේ නෑ. 13 දීලා හෙට, අනිද්දා දළදා මාලිගාව ඇතුලේත් පොන්ගල් කරන්නෙ නැද්ද බලන්න...?

:       15       182

SAMFriday, 18 August 2023 04:34 PM

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථාන භුමිය තුළ හෝ ඒ අසල පොංගල් පූජාව පැවත්වීම සඳහා තාවකාලික නොවන සුදුසු ස්ථානයක් පිළිසකර කර දීමට දෙපාර්ශවයම එකඟ කරගැනීම වැදගත් වේ..

:       66       3

Kule Friday, 18 August 2023 02:11 PM

නායකයින්ගේ නෝන්ජල්කම නිසා වෙන දෙවල්....!

:       8       119

Hafeel Friday, 18 August 2023 02:28 PM

මේකත් එක් තරා විදියට ත්‍රස්තවාදී ක්‍රයාවක් තමයි. යුදමය වශයෙන් ඔවුන්ගේ ත්‍රස්තවාදය පරාජය කලාට, තවම ඒ මතවාදය තිටනවා.

:       6       95

කිරිපුතා Friday, 18 August 2023 03:06 PM

මේ සේරටම මුල පිනට මතුවූ සහ රටේ පවට මතු වූ වත්මන් පාලකයා. ආපු දවසේ ඉඳන් කොටි නටන්නේ අසූචි සුවඳ දැනුණු නිල මැස්සන් වගේ...!

:       5       76

podi hadaya Friday, 18 August 2023 03:17 PM

ඔය රනිල් හැමදාමත් කළේ අනවශ්‍ය දේවල් වලට මුලපුරලා නැති ප්‍රශ්න ඇති කරපු එක විතරයි.

:       5       66

rattu Friday, 18 August 2023 04:20 PM

මිථ්‍යා දෘෂ්ඨිකයෝ බුද්ධානු භාවයෙන් මෙබිමෙන් දුරුවේවා...! දුරුවේවා...!

:       2       118

ravin Friday, 18 August 2023 04:44 PM

මෙහිදී ගරු අධිකරණයේ ස්වාධීනත්වය හා උත්තරීතර භාවය අගයන අතර ඒක පාර්ශ්වික තීන්දු තීරණ ගැනීම ගැන අධිකරණ කොමිසම් සභාවේ විශේෂ අවධානය යොමුකිරීමට කැමැත්තෙමි.

:       70       11

Aruna Friday, 18 August 2023 06:46 PM

මේවා තනිකරම පක්ෂ දේශපාලන ක්‍රීඩා, පසුගිය සතියේ අත්තිඩිය කොවිලේ වෙල් උත්සවයේ නැටුම් කණ්ඩායම්, මෝලං කණ්ඩායම් නැවතිලා හිටියේ සහ සැරසුනේ දෙහිවල සුබෝධාරාම රඡමහ විහාරයේ සිට ඒ දකුණේ සහයෝගය, මේ මෝඩ, අමන මිනිස්සු තවම දේශපාලනය ආගමත් සමග පටලෝගෙන වාසිගන්නවා... මොකද තමුන් කලදෙයක් සමාඡයට නැතිනිසා ඡන්දය සඳහා හොඳම විකල්පය ඡාති හා ආගම් වාදය... ඒකට ඔය කවුරුත් අඩුවැඩි වශයෙන් කැමැතියි. මෝඩයින් හැමදාම මොවුන් සමග...!

:       2       55

Bamunuarachchi Saturday, 19 August 2023 09:05 PM

කුරුඳු විහාරය ගොඩනැගුවේ දෙමල්ලු ලංකාවට එන්න කලින්. ඒ බව එතැනදී ඔවුන්ට කියන්න කෙනෙක් හිටියේ නැද්ද? අපේ හාමුදුරුවනේ, ආපසු හැරෙන්න එපා. දුටුගැමුණු රජු බාගෙට වැඩ කිරීමේ ප්‍රතිඵල...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 0 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 118 0

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1380 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 207 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 459 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 550 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 359 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1384 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site