කිරිපිටි මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද කිලෝවක මිල රුපියල් 152කින්ද වැඩි කර ඇත.
කිරිපිටි මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කර ඇතැයි පාරිභෝගික අධිකාරිය කියයි. ඒ අනුව ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල 61කින්ද කිලෝවක මිල රුපියල් 152කින්ද වැඩි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාරවත් මොළේ ඇතුව ඡන්දය පාවිච්චි කළොත් හොදයි. (නි)
ඔහොම යමු .අවසානය පෙනෙන මානයේයි තිබෙන්නේ. (නි)
මෙන්න ආශ්චර්යය! (නි)
කුඩා ළමුන්ට බොන්න තියන කිරිපිටි වලට ටැක්ස් ගහන එක ටිකක් අඩුකරලා මිල වැඩිවීමට සහනයක් දෙන්න කෙනෙක් නැද්ද?(දිල්)
දැනට කිරිපිටි පමණි. ඡන්ද ඉවර වුණාම තමා ඉතුරු සියලු බඩු වැඩි වෙන්නේ (දිල්)
දේශප්‍රේමී ජනතාවට, ජය වේවා.(දිල්)
කිරි ගණන් නම් ඔය කැකිරි තියෙන්නේ ලාබෙට(දිල්)
ඇයි දෙයියනේ මෙහෙම බදු ගහන්නේ. මිනිස්සුන්ට දැන් සල්ලි තියනවා කියල ලෑස්ති වුණේ ඕකට තමා.(දිල්)
පොඩි මිනිහගේ දුක තේරෙන කවුරුත් නෑ (දිල්)
ඇමැති කිව්වා නේද කිරිපිටි මිල වැඩි කරන්නේ නැහැ කියල. ඒ හීනෙන් කියපු එකක්ද නැත්තම් අගහරු ලෝකේ නිව්ස් එකක්ද.. මඩුවලිගයක් හොයල දෙන්න බැරිද අපටම ගහගන්න (දිල්)
මිනිසුනේ, දැන්වත් හිතන්න (නි)
මා පසුගිය දෙසැම්බර් වල ලංකාවේ හිටියේ මාස දෙකක් පමණ කිරි පිටිවලට දැඩි හිඟයක් තිබුනා. මිල ගණන් ඉහල දැමීම පමණක් නොව කිරි පිටි හිඟ වීමද පාරිභෝගිකයින් දැඩි අපහසු තාවයකට පත්වීමට කරුණක් වුනා. පුදුමයට කරුණක් නම් කිරි පිටි හිඟවීම ගැන අදාළ නිලධාරීන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීමය. නියත වශයෙන්ම රටේ විශාල සංවර්ධනයක් සිදුවී තිබෙනවා ඒ වෙනස මා දෑසින් දුටුවා. නමුත් මෙලෙස බදු මිල ඉහල යාම අපිට දරා ගැනීමට නොහැකි වෙනවා. කුඩා පවුලක් නඩත්තු කිරීමට අවම වශයෙන් දිනකට රුපි: 2000/= වත් අද ලංකාවේ ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. අතිගරු ජනාධිපතිතුමා මේ රට බේරාගත් අයුරින්ම රටවැසියනවත් රැකගතයුතුය. මෙතරම් විශාල බරක් අපහට පැටවීම ගැන එතුමාගේ දැඩි අවධානය යොමුවිය යුතුය යනු මාගේ අදහසයි.(නධී)
සුගත් මඩු වලිගයක් හම්බ උනොත් මටත් ටිකක් දෙන්න. අපි කොහොමත් බෙදා ගෙනනේ කන්නේ නේද? (නදී)
මම නම් කියන්නේ තව මදී. බඩ පොත්තට ඇලුනත් පුරාජෙරුව නම් අඩු නැති අය තාමත් ඉන්නවා.(නදී)
සුදත් ඔයාට පිස්සුද ? ඇමති එහෙම දෙයක් කිව්වද හැබෑටම ? ඇමතිට එහෙම කිව්වා කියල මතක නැතුව ඇති . අපිම එහෙම කිව්වා කියල හිතාගෙන ඇති.(නදී)
චන්දෙට පස්සේ වැඩි උනානම් තමා හොද. දැන් පාඩුව දෙපැත්තටම.(නදී)
චන්දෙට පස්සේ වැඩි උනානම් තමා හොඳ. .දැන් පාඩුව දෙපැත්තටම.(නදී)
ලංකාවේ බුද්ධිමත් ජනතාවට ජය වේවා! (නදී)
ඇමති තුමාට ජය වේවා. (ස)
දැන් මෙතන කට්ටිය බොරුවට කෑගහන්න එපා. හෙට අනිද්දාට කට්ටියට කිරි පිටි නෙමෙයි, උන් හිටි තැනුත් අමතක වෙයි. (නි)
ප්‍රශ්නයක් නැ මොකද ජිනීවා ළග එන නිසා අපේ කට්ටියට ඕක ඉක්මනට අමතකවෙලා යාවි (දිල්)
අනේ මෙහෙමත් දේවල්! (නි)
ඡන්දය අවසන් වෙනතුරුවත් නොසිටි හැටි? (නි)
මේවා කියවනකොට මට ඇඩෙනවා (නි)
ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව මේ ඡන්දයට එන අපේක්ෂකයන් ගැන නිවැරදි තීරණයක් ගන්න. (නි)
ඉස්සරහට අපි පොල්කිරිවත් බොන්න පුරුදු වෙමු. (නි)
කිරිපිටි මිළ ඇහෙනකොටත් හිත කීරි ගැහෙනවා. (නි)
ජයවේවා! (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්(දිල්)
ඕකටනේ මාස ගානක ඉඳලා දැගලුවේ. (නි)
කමක් නැහැ. යුද්ධය දැන් අවසානයි.අපි ඉන්නෙ දැන් ආශ්චර්යයට යන ගමනේයි. (නි)
ජයවේවා! (නි)
නියමයි, දුප්පත් මිනිස්සු ගැන හිතන ආකාරය දැක්කහම. දවසේ ආදායම රුපියල් පන්සියයයි. කොහොමද ඉතින් ජිවත් වෙන්නේ? (නි)
පාරිභෝගිකයිනි, ඔබ මෙයට මූහුණ දුන්නේ කොහොමද කියා ඔබම දන්නවා ඈතිනේ.ඒ නිසා පාරිභෝගික අපේ වාරය දැන් එළඹ ඈත. හෑකි තරම් කිරිපිටි වර්ජනය කර නෑවුම් එළකිරි හා ඉරමුසු,පොල්පලා,රණවරා,බෙලිමල් වැනි ගුණයක් ඇති දේ කිතුල් හකුරු සමග ගන්න පුරුදු වෙමු. (නි)
අපි බොමු එළකිරි... (නි)
වස විස බොන්න සල්ලි වියදම් කිරීම මෝඩකමක් නොවේද? (නි)
මෙන්න මිනිසුන්ට සිතනවා නම් යමක්... (නි)